2024
යේසුස්වහන්සේගේ උපත
2024 දෙසැම්බර්


යෞවනයේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2024 දෙසැම්බර්

යේසුස්වහන්සේගේ උපත

මෙම හුරුපුරුදු නත්තල් දර්ශනය සහ එය ගැලවුම්කරුවාණන්කෙරෙහි අවධානය යොමු කිරීමට අපට උපකාර කරන ආකාරය ගැන ඉගෙන ගන්න.

බෙත්ලෙහෙම

කැරොලයින් විබර්ට් විසින් නිදර්ශනයකි

බෙත්ලෙහෙම

බෙත්ලෙහෙම යනු හෙබ්‍රෙව් භාෂාවෙන් “පාන් නිවස” යන්නයි. එය සමහර අවස්ථා වලදී දාවිත්ගේ නගරය ලෙස හඳුන්වනු ලබන අතර, ගැලවුම්කරුවාණන් ඔහුගේ පෙළපතින් පැමිණෙන බවට අනාවැකි පළ කර ඇත (බලන්න යෙරෙමියා 23:5; යොහන් 7:42). සාමුවෙල් බෙත්ලෙහෙමේදී දාවිත්ව රජු ලෙස ආලේප කළේය (බලන්න1 සාමුවෙල් 16:1–13). මෙසියස්වහන්සේ එහි උපත ලබන බව අනාවැකි පළ විය (බලන්න මීකා 5:2).

නවාතැන

නවාතැන

නවාතැනසඳහා ග්‍රීක වචනයෙන් අදහස් කරන්නේ අමුත්තන්ගේ කාමරයක් ඇතුළුව ඕනෑම තාවකාලික නවාතැනක් යන්නයි. මරියතුමිය “නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ නොතිබුණු බැවින් [ළදරු ක්‍රිස්තුස්වහන්සේව] ගව ඔරුවක බෑවුවාය” (ලූක් 2:7). (ජෝසෆ් ස්මිත් පරිවර්තනය “තානායම්” ලෙස පවසයි.) “කාමරයක් නැත” යන්නෙන් අදහස් කරන්නේ ඔවුන් ආපසු හරවා යැවීම හෝ ඔවුන් නැවතී සිටි කිසිම ස්ථානයක දරුවෙකු බිහි කිරීමට ඉඩක් නොතිබීමයි. කොහොම නමුත් ගව ඔරුවක් ඇති ස්ථානයකට ඔවුන් ගියා.

යේසුස්වහන්සේගේ උපත දර්ශනය

ගව ඔරුව

ගව ඔරුවක් යනු සතුන් සඳහා ආහාර තබා ඇති උස් පෙට්ටියක් හෝ අගලකි. පුරාණ යුදයේ, මේවා බොහෝ විට ගල් වලින් සාදා තිබුණි. තානායම්වල ගව ඔරුව සමඟ මැද මිදුල තිබූ අතර බොහෝ නිවෙස්වල විශාල ප්‍රධාන කාමරයේ ගව ඔරුව තිබුණි එමඟින් සතුන් එක රැයක් එහි තබා ගත හැකි විය.

ළදරුවන් ඔතන ඇඳුම්

මව්වරුන් වසර දහස් ගණනක් තිස්සේ අලුත උපන් බිළිඳුන්ව (බ්ලැන්කට්ටුවකින් හෝ රෙද්දකින් ඔතා) ඇත. මෙය ගර්භාෂයෙන් පිටවීමේ කම්පනයෙන් පසු ඔවුන් සන්සුන් කර සැනසීමක් ලබා දෙයි. මරියතුමිය භාවිත කළ රෙදිපිළි පවුලට අනන්‍ය වූ විශේෂ සලකුණක් තිබෙන්නට ඇත.

මරියතුමිය සහ යෝසෙප්

ඔවුන් යහපත් සහ ධර්මිෂ්ඨ මිනිසුන් වූ අතර, ඔවුන් දෙදෙනාම දාවිත්ගෙන් පැවතෙන්නන් විය. ගැලවුම්කරුවාණන්ගේ උපත සඳහා සූදානම් වීම සඳහා ඒ දෙදෙනාවම දේවදූතයෙකු විසින් බැහැදැක තිබුණි (බලන්න මතෙව් 1:18-25; ලූක් 1:26-38). ඔවුන් බෙත්ලෙහෙමට කිලෝමීටර් 100-140 (සැතපුම් 60-90) ගමන් කළහ. ගමන අතරතුර මරියතුමිය ගැබ්ගෙන සිටියාය.

එඬේරුන්

එඬේරුන්

බෙත්ලෙහෙම අසල එඬේරුන් තම බැටළු රැළ රැකබලා ගනිමින් සිටියහ. සමහර විද්වතුන් පවසන පරිදි, නගරයක් අසල ඇති දැඩි කිරීමට අවසර දී ඇත්තේ දේවමාළිගාවේ බිලි පූජා සඳහා ඇතිකරන කරන බැටළුවන් පමණි. එබැවින් මෙම එඬේරුන් අප වෙනුවෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පූජාව නියෝජනය කරන බැටළුවන් බලාගන්නට ඇත (බලන්න මෝසෙස් 5:6-7). මෙසියස්වහන්සේ දැකීමට ඔවුන් තම රැළෙන් පිටත්ව ගිය අතර, උන්වහන්සේගේ වන්දිගෙවීම නිසා සතුන් පූජා කිරිම නතර විය.

ළදරු ක්‍රිස්තුස්වහන්සේ

යේසුස්වහන්සේගේ උපතේ කතාවේ සහ අපගේ ජීවිත තුල යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රධාන චරිතයයි.

සටහන්

  1. Joseph Smith Translation, Luke 2:7 (in Luke 2:7, footnote b).

  2. බලන්න Andy Mickelson, “An Improbable Inn: Texts and Tradition Surrounding Luke 2:7,” Studia Antiqua vol. 14, no. 1 (May 2015).

  3. බලන්න, Andy Mickelson, “An Improbable Inn.”

  4. බලන්න Russell M. Nelson, “The Peace and Joy of Knowing the Savior Lives,” Liahona, Dec. 2011, 19–20.

  5. බලන්න Alfred Edersheim, The Life and Times of Jesus the Messiah, 8th ed. (1907), 1:186.