2024
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “ජීවමාන,” “යහපත් ” සහ “වඩා විශිෂ්ට බලාපොරොත්තුවේ” උල්පතයි
2024 දෙසැම්බර්


යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “ජීවමාන,” “යහපත් ” සහ “වඩා විශිෂ්ට බලාපොරොත්තුවේ” උල්පතයිලියහෝනා 2024 දෙසැම්බර්

මාසික ලියහෝනා පණිවිඩය, 2024 දෙසැම්බර්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “ජීවමාන,” “යහපත් ” සහ “වඩා විශිෂ්ට බලාපොරොත්තුවේ” උල්පතයි

බෙත්ලෙහෙමේ බිළිඳාගේ උපත සමරන මෙම විශේෂ සමයේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වීමට ලෝකයට පැමිණි බව අපි සැමවිටම මතක තබා ගනිමු.

මරියතුමිය සහ යෝසෙප් යේසු බිළිඳා සමඟ

බ්‍රයන් කෝල් විසින්, The Nativity [යේසුස්වහන්සේගේ උපතේ කථාව]

ප්‍රේරිත පේත්‍රැස් සහ මොර්මොන්ගේ පොතේ අනාගතවක්තෘවරුන් වන යාකොබ් සහ මොරෝනි ක්‍රිස්තුස්වහන්සේ තුළ බලාපොරොත්තුවේ ආත්මික දීමනාව උපදේශාත්මකව සමාන ආකාරවලින් අවධාරණය කරයි.

නිදසුනක් වශයෙන්, පේත්‍රැස් මෙසේ ප්‍රකාශ කළා, “අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පිය වූ දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා, ජීවමාන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාද කළ සේක (1 පේත්‍රැස් 1:3 අවධාරණය කිරීම් එකතු කර ඇත). “බලාපොරොත්තුව” විස්තර කිරීමට “ජීවමාන” යන වචනය භාවිතා කිරීම කරුණාවෙන් සලකන්න.

යකොබ් මෙසේ ප්‍රකාශ කළා, “එබැවින්,ප්‍රියාදර සහෝදරයිනි, ක්‍රිස්තුස්වහන්සේ වූ උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාගේ වන්දිගෙවීම තුලින් උන්වහන්සේ වෙතට සමගි කර ගන්න, තවද ක්‍රිස්තුස්වහන්සේ තුල ඇත්තාවූ නැවත නැගිටීමේ බලයට අනුව නැවත නැගිටීම නුඹලා ලබාගෙන, තවද ක්‍රිස්තුස්වහන්සේගේ පලමු ඵලයන් ලෙස දෙවියන්වන්සේ වෙතට ඉදිරිපත් කොට ඇදහිල්ලද උන්වහන්සේගේ යහපත් බලාපොරොත්තුවේ මහිමය ඇතිව උන්වහන්සේ මාංශයෙන් උන්වහන්සේවම ප්‍රකාශවිමට පෙර ලබාගන්න” (යාකොබ් 4:11 අවධාරණය කිරීම් එකතු කර ඇත). “බලාපොරොත්තුව” විස්තර කිරීමට “යහපත්” යන වචනය භාවිතා කිරීම කරුණාවෙන් සලකන්න.

තවද මම එසේම ඔබවහන්සේ මනුෂ්‍යයන් උදෙසා නිවෙසක් සූදානම් කර ඇති බව, එසේය ඔබවහන්සේගේ පියාණන්ගේ ගෘහයන් අතර පවා ඔබවහන්සේ කී බව සිහිකරන්නෙමි, එහිදි මනුෂ්‍යයා වඩා විශිෂ්ට බලාපොරොත්තුවක් ලබනු ඇත; එසේහෙයින් ඔහු බලාපොරොත්තු විය යුතුය, නැතහොත් ඔහුට ඔබවහන්සේ සූදානම් කල සථානයේ උරුමය ලබාගත නොහැක්කේය” (ඊතර් 12:32 අවධාරණය කිරීම් එකතු කර ඇත). “බලාපොරොත්තුව” විස්තර කිරීමට “විශිෂ්ට” යන වචනය භාවිතා කිරීම කරුණාවෙන් සලකන්න.

ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ල යනු කුමක්ද?

ක්‍රිස්තුස්වහන්සේ තුළ බලාපොරොත්තුවේ අධ්‍යාත්මික ත්‍යාගය වන්නේ “ශුද්ධ වූ මෙසියස්වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා, දයාව සහ කරුණාව” (2 නෙපී 2:8) තුළින් සදාකාල ජීවනයේ ප්‍රීතිමත් අපේක්ෂාව සහ ධර්මිෂ්ඨකමේ පොරොන්දු වූ ආශීර්වාද සඳහා දැඩි ආශාවයි. ඔහු මෙම පදවල “ජීවමාන,” “යහපත්” සහ “විශිෂ්ට” යන විශේෂණ පද යෝජනා කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තුළින් නැවත නැගිටීම සහ සදාකාල ජීවනය පිළිබඳ සදාකාලිකව පුළුල් වන සහ විචිත්‍රවත් සහතිකයකි.

අනාගතවක්තෘ මොර්මොන් මෙසේ පැහැදිලි කළේය:

“තවද නැවතත්, මාගේ ප්‍රියාදර සහෝදරයිනි, මම නුඹලා හට බලාපොරොත්තුව සම්බන්ධව කතා කරන්නෙමි. නුඹලාට බාලපොරොත්තුව ඇත්නම් මිස, කෙසේ නුඹලා ඇදහිල්ල වෙතට ලඟා වන්නේද?

“තවද නුඹලා කුමක් උදෙසා බලාපොරොත්තු වන්නෙහුද? බලව, මම නුඹලාට කියන්නෙමි එනම් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් සහ උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලයෙන්, සදාතන ජීවනයට නැගිටීමට නුඹලාට බලාපොරොත්තුව ලැබෙන්නේය, තවද ඒ මෙම පොරොන්දුව අනුව උන්වහන්සේ කෙරෙහි ඇති නුඹලාගේ ඇදහිල්ල නිසාය.

“එසේහෙයින් මනුෂ්‍යයෙකුට ඇදහිල්ල ඇත්නම්, ඔහුට බලාපොරොත්තුව තිබීම අවශ්‍ය වන්නේය; මක්නිසාද ඇදහිල්ල නැතිව එහි කිසි බලාපොරොත්තුවක් නොවන්නේය” (මොරෝනි 7:40-42).

පියාණන්වහන්සේගේ ප්‍රීතියේ පිළිබඳ සැලැස්ම

සදාකාලික පියාණන් වන දෙවියන්වහන්සේ ජීවත් වන බව දැන ගැනීමෙන්, ජීවමාන, යහපත් හා වඩා විශිෂ්ට වූ ක්‍රිස්තුස්වහන්සේ තුළ බලාපොරොත්තුව ආරම්භ වේ. දෙවියන්වහන්සේ අපගේ ස්වර්ගීය පියාණන් වන අතර අපි උන්වහන්සේගේ ආත්මික දරුවන් වෙමු. අපි ඇත්ත වශයෙන්ම දෙවියන්වහන්සේගේ ආත්මික පුත්‍රයන් සහ දූවරුන් වන අතර උන්වහන්සේගෙන් දිව්‍යමය ගුණාංග උරුම කරගෙන ඇත.

ප්‍රීතිය පිළිබඳ සැලැස්මේ කතුවරයා පියාණන්වහන්සේය (බලන්න ආබ්රහම් 3:22-28). දෙවියන්වහන්සේගේ ආත්මීය පුත්‍රයන් සහ දූවරුන් වශයෙන්, අපි “උන්වහන්සේගේ දරුවන්ට භෞතික ශරීරයක් ලබා ගැනීමටත්, පරිපූර්ණත්වය කරා ප්‍රගතියක් ලබා ගැනීමටත් පොළොවේ අත්දැකීම් ලබා ගැනීමටත් අවසානයේ සදාකාල ජීවනයේ උරුමක්කාරයන් ලෙස ඔවුන්ගේ දිව්‍යමය ඉරණම අවබෝධ කර ගැනීමටත් හැකි උන්වහන්සේගේ සැලැස්ම පිළිගත්තෙමු.” ශුද්ධලියවිලිවල අපි ඉගෙන ගන්නේ: “පියාණන්වහන්සේට මාංශ සහ අස්ථි සහිත මනුෂ්‍යයාගේ මෙන් ස්පර්ශ කළ හැකි ශරීරයක් ඇත්තේය; පුත්‍රයාණන්ටද එසේමය”(දහම සහ ගිවිසුම් 130:22). මේ අනුව, අපගේ දිව්‍යමය ඉරණම කරා ගමන් කිරීමේ ක්‍රියාවලියේදී භෞතික ශරීර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

අපි ද්විත්ව ජීවීන්. අපගේ ආත්මයන්, අපගේ සදාකාලික කොටස, ලෞකික ආශාවන්ට සහ භෞතික රුචියට යටත් වන ශරීර වලින් සැරසී ඇත. පියාණන්වහන්සේගේ ප්‍රීතිය පිළිබඳ සැලැස්ම සැලසුම් කර ඇත්තේ උන්වහන්සේගේ දරුවන්ට මගපෙන්වීම සැපයීම, සදාකාලික ප්‍රීතිය අත්විඳීමට ඔවුන්ට උපකාර කිරීම සහ නැවත නැඟිටුවනු ලැබූ, උත්කර්ෂවත් ශරීර සහිතව ඔවුන්ව ආරක්ෂිතව උන්වහන්සේ වෙතට ගෙන ඒම සඳහායි.

මරියතුමිය සහ ළදරු යේසුස්වහන්සේ

ෂර්ලට් ඇන්ඩ්‍රස් විසින්, The Christ Child [ළදරු ක්‍රිස්තුස්වහන්සේ]

පියාණන්වහන්සේගේ සැලැස්ම තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුදවාගැනීමේ කාර්යභාරය

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියන්නේ ජීවමාන දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයා. උන්වහන්සේ ලෝකයට පැමිණියේ තම පියාණන්ගේ කැමැත්ත කිරීමටය (බලන්න 3 නෙපී 27:13). මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීම සම්බන්ධ සෑම දෙයකදීම උන්වහන්සේගේ පුද්ගලික නියෝජිතයා වීමට පියාණන්වහන්සේගෙන් ආලේප ලත් තැනැත්තා යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. උන්වහන්සේ මරණය සහ පාපය යන දෙකම ජයගත් බැවින් අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන්ය.

මෙසියස්වහන්සේගේ ගැලවීමේ කාර්යය ගැන ඇල්මා ගිඩියොන් වැසියන්ට අනාවැකි කීවේය.

“තවද උන්වහන්සේ සියලු ආකාරයේ වේදනාවන් සහ පීඩාවන්ද, පරීක්ෂාවන්ද විඳිමින් ඉදිරියට යන සේක; තවද මෙය එනම් උන්වහන්සේ තමන්වහන්සේ මත උන්වහන්සේගේ ජනතාවගේ වේදනවාද, ලෙඩ රෝගද ගන්නා බව කී වචනය සම්පූර්ණ වන පිණිසය.

“තවද උන්වහන්සේ තමන්වහන්සේ වෙත මරණය ගන්නා සේක, එනම් උන්වහන්සේ තමන්වහන්සේගේ ජනතාවගේ මරණයේ බැමි ලිහිල් කරනු පිණිසය, තවද උන්වහන්සේ ඔවුන්ගේ දුර්වලකම් තමන්වහන්සේ මත ගන්නා සේක, එනම් උන්වහන්සේගේ සිත කරුණාවෙන් පිරෙන්නේය, මාංශයට අනුව, එනම් උන්වහන්සේගේ මාංශයට අනුව උන්වහන්සේගේ ජනතාවට ඔවුන්ගේ දුර්වලකම් වලට අනුව උපකාර කිරීමට දැනගන්නා පිණිසය.”

“දැන් ආත්මයාණන් වහන්සේ සියල්ල දන්නා සේක. නුමුත් දෙවියන්වහන්සේගේ පුත්‍රයා තමාගේ මිදීමේ බලයට අනුව ඔවුන්ගේ වැරදි මකා දමන පිණිස තම සෙනඟගේ පාප තමන් පිටට ගන්නා පිණිස මාංසය අනුව දුක් විඳින්නේය” (ඇල්මා 7:11-13).

ශුභාරංචියේ පළමු මූලධර්මය නම් ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලයි. සැබෑ ඇදහිල්ල ගැලවුම්කරුවාණන් කෙරෙහි අවධානය යොමු කරන අතර උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට සහ මරණයෙන් අපව ගලවා ගැනීමටත්, පාපයෙන් අපව පවිත්ර කිරීමටත්, අපගේම ශක්තියෙන් ඔබ්බට ගිය ශක්තියෙන් අපට ආශීර්වාද කිරීමටත් හැකියාව ලබාදෙයි.

මොරෝනි මෙසේ සාක්ෂි දරයි, “මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ මරණය නැවත නැගිටිමක් ගෙන එන්නේය, එය අනන්ත නින්ද වෙතින් මීදිම ගෙන එන්නේය, එම නින්ද වෙතින් හොරනෑව හඬවන විට සියලු මනුෂ‍යන් දෙවියන්වහන්සේගේ බලය මගින් නැගිටවනු ලබන්නේය; තවද කුඩා සහ බලවත් වූ දෙගොල්ලොන්ම ඔහුවු ඉදිරියට පැමිණෙන්නෝය; මෙම සදාතන මරණයේ බැඳීම වෙතින් මුදවා තවද ලිහිල් කරනු ලබා, තවද සියල්ලෝ උන්වහන්සේගේ විනිශ්චය ස්ථානයේ සිටගනු ලබන්නෝය, එම මරණය ලෞකික මරණයවේ” (මොර්මොන් 9:13).

ගැලවුම්කරුවා ණන් මරණයේ බැමි බිඳ දැමූ බවට මම සාක්ෂි දෙමි. උන්වහන්සේ නැවත නැඟිටුවනු ලැබුවේය, උන්වහන්සේ ජීවමාන වන අතර, ජීවමාන, යහපත් හා වඩා විශිෂ්ට බලාපොරොත්තුවේ එකම මූලාශ්‍රය උන්වහන්සේය.

ආත්මයට නැංගුරමක්

අනාගතවක්තෘ ඊතර් මෙසේ සාක්ෂි දැරුවේය, එසේහෙයින්, කවරෙකු වූවත් දෙවියන්වහන්සේව විශ්වාස කර සැබවින් යහපත් ලෝකයක් උදෙසා බලාපොරොත්තු තබන්නේද, එසේය, දෙවියන්වහන්සේගේ දකුණු භාගයේ ස්ථානයක් පවා, එම බලාපොරොත්තු පැමිණෙන්නේ ඇදහිල්ල මගින්, එය මනුෂ්‍යයන්ගේ ප්‍රාණයන්ට නැංගුරමක් සාදන්නේය, ඔවුන්ට සහතික සහ ස්ථිරකමින් සෑමවිටම යහපත් ක්‍රියාවලින් පූර්ණව දෙවියන්වහන්සේව මහිමවත් කිරීමට මගපෙන්වන්නේය” (ඊතර් 12:4 අවධාරණය කිරීම් එකතු කර ඇත),

බෙත්ලෙහෙමේ බිළිඳාගේ උපත සමරන මෙම විශේෂ සමයේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වීමට ලෝකයට පැමිණි බව අපි සැමවිටම මතක තබා ගනිමු. ජීවිතය, ආලෝකය, අලුත් කිරීම, ආදරය, සාමය, ඉදිරිදර්ශනය, ප්‍රීතිය සහ බලාපොරොත්තුව යන මිල කළ නොහැකි ආත්මික ත්‍යාග උන්වහන්සේ අපට පිරිනමයි.

ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවිම සහ නැවත නැඟිටීම සම්බන්ධයෙන් පුරාණ සහ නූතන අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් සහ සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් ගැලවුම්කරුවාණන් තුළ බලාපොරොත්තුවේ අධ්‍යාත්මික දීමනාව සුදුසු ලෙස සොයන ලෙස මම ඔබට ආරාධනා කරන්නෙමි. ඔබ එසේ කරන විට, මිදුම්කරුවාණන්ගේ දිව්‍යමය භාවය පිළිබඳ ඔබේ සාක්ෂිය ශක්තිමත් වන බවත්, උන්වහන්සේ වෙතට ඔබේ පරිවර්තනය ගැඹුරු වන බවත්, උන්වහන්සේගේ නිර්භීත සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටීමට ඔබේ ආශාව සහ අධිෂ්ඨානය වැඩි වන බවත්, ඔබට නැංගුරමකින් ආශීර්වාද ලැබෙන බවත්, ඔබේ ආත්මයට—ජීවමාන, යහපත් සහ වඩා විශිෂ්ට බලාපොරොත්තුව ලැබෙන බවත් මම පොරොන්දු වෙමි.

යුග ගණනාවක් පුරා උන්වහන්සේ පිළිබඳ සාක්ෂි දැරූ ප්‍රේරිතවරුන් සමඟ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේගේ ජීවමාන පුත්‍රයා බවට මාගේ සාක්ෂිය ප්‍රීතියෙන් ප්‍රකාශ කරමි. උන්වහන්සේ අපගේ නැවත නැඟිටුවනු ලැබූ මිදුම්කරුවාණන් වන අතර මහිමයට පත් වූ, මාංශ සහ අස්ථි සහිත ශරීරයක් ඇත. තවද ස්වාමින්වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා කළ හැකි මිදීම සහ දෙවියන්වහන්සේ සමඟ සංහිඳියාව නිසා, අපට අධ්‍යාත්මික සහතිකය සහ “ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලෝම ජීවමාන කරනු ඇත” (1 කොරින්ති 15:22) යන ජීවමාන, යහපත් හා වඩා විශිෂ්ට බලාපොරොත්තුවක් ලබා ගත හැකිය.

සටහන

  1. පවුල: ලෝකයට ප්‍රකාශනයකි,” ශුභාරංචි පුස්තකාලය