“යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ එක්සත්වීම සඳහා රටාවක්,” ලියහෝනා2024 ඔක්තෝම්බර්
මාසික ලියහෝනා පණිවිඩය, 2024 ඔක්තෝම්බර්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ එක්සත්වීම සඳහා රටාවක්
4 නෙපී හි සිටින ජනතාව මෙන් මෙන් අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ එක්සත් වන විට, එක්සත් වීමට අප තුල ඇති අශාව අපගේ වෙනස්කම් අභිබවා සතුටට මඟ පාදයි.
අප ජීවත් වන්නේ අසමගිය සහ මතභේද රැල්ලක් ලොව පුරා පැතිර යන යුගයක ය. තාක්‍ෂණයේ ආධාරයෙන් සහ ඇදහිල්ලෙන් වැටුනු මිනිසුන්ගේ අනුග්‍රහය ඇතිව, මෙම භේදකාරී බලවේග අපගේ හදවත් අවඥාවෙන් පුරවා මතභේදයෙන් ඇතිකරමින් අපගේ සන්නිවේදනය පවා දූෂිත කරයි. වාර්ගික බැඳීම් බිඳ වැටෙමින් තිබේ. යුද්ධ ඇවිලෙමින් තිබේ.
මෙම පසුබිමට එරෙහිව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයන් සාමය සඳහා ආශාවෙන් සිටින අතර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් මත පදනම් වූ වෙනස් ආකාරයක සමාජයක් ගොඩනැගීමට ක්‍රියාශීලීව උත්සාහ කරති. යේසුස්වහන්සේ අපට මෙසේ ආඥා කළා: “ඒකත්වයක් වන්න; තවද නුඹලා ඒකත්වයක් නොවන්නේ නම්, නුඹලා මාගෙන් නොවන්නෝය.”දහම සහ ගිවිසුම් 38:27 ඇත්ත වශයෙන්ම, එකමුතුකම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සැබෑ ලක්ෂණයකි.
බෙදීමේ සහ මතභේද කිරීමේ බලවේගවලට එරෙහිව අප කටයුතු කරන්නේ කෙසේද? අපි සමගිය ඇති කරගන්නේ කෙසේද?
වාසනාවකට මෙන්, මොර්මොන්ගේ පොතේ 4 නෙපී අපට උදාහරණයක් සපයයි. ගැලවුම්කරුවාණන් ඔවුන් වෙතට පැමිණිම, ඔවුන්ට ඉගැන්වීම, සහ උන්වහන්සේගේ සභාව ඔවුන් අතර පිහිටුවීමෙන් පසු ජනතාව ජීවත් වූ ආකාරය මෙම පරිච්ඡේදයේ කෙටියෙන් වාර්තා කරයි. මෙම වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ මෙම ජනතාව ප්‍රීතිමත් සහ සාමකාමී සමගියක් අත්කර ගත් ආකාරය වන අතර,එය මෙම එකමුතුකම අප විසින්ම ලබා ගැනීමට අපට අනුගමනය කළ හැකි රටාවක් අපට ලබා දෙයි.
හැරීම
4 නෙපී 1:1 හි,කියවෙන පරිදි: “යේසුස්වහන්සේගේ අනුගාමිකයින් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව සියලු දේශයන්හි අසල වටේටම පිහිටවුහ. තවද ඔවුන් වෙතට බෝහෝ [මිනිසුන්] පැමිණියෝය, තවද ඔවුන් සත්‍යයෙන්ම ඔවුන්ගේ පාප වලට පසුතැවිලි විය.”
අපි දෙවියන්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වටා එකමුතු වෙමු. සෑම පුද්ගලයෙකුම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේගේ ශුභාරංචිය සහ උන්වහන්සේගේ සභාව ගැනත් ඉගෙන ගන්නා විට, ශුද්ධාත්මයාණන් වහන්සේ එක් එක් පුද්ගලයාගේ හදවතට සත්‍යය පිළිබඳව සාක්ෂි දරයි. එවිට අප සෑම කෙනෙකුටම ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය පිළිගෙන උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා පසුතැවිලි වීමෙන් උන්වහන්සේ අනුගමනය කළ හැකිය.
ආත්මාර්ථකාමී සහ පව්කාර ආශාවන්ගෙන් මිදී ගැලවුම්කරුවාණන් දෙසට පුද්ගලයෙකුගේ පරිවර්තනයේ ගමන මෙලෙස ආරම්භ වේ. අපගේ ඇදහිල්ලේ පදනම උන්වහන්සේය. තවද අප සෑම කෙනෙකුම සෑම සිතුවිල්ලකින්ම උන්වහන්සේ දෙස බලන විට උන්වහන්සේ අපගේ ජීවිත තුළ එක්සත් කරන බලවේගයක් බවට පත් වේ දහම සහ ගිවිසුම් 6:36 බලන්න.
ගිවිසුම්
4 නෙපී හි වාර්තාව තවදුරටත් ප්‍රකාශ කරන්නේ සභාවට පැමිණ ඔවුන්ගේ පව් ගැන පසුතැවිලි වූ අය “යේසුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම වූ බවයි; තවද ඔවුන් ශුද්ධාත්මයාණන්ද ලැබූහ” (4 නෙපී 1:1). ඔවුන් දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමකටත්—විශේෂ, සමීප සබඳතාවයකටත්—ඇතුළත් වී සිටියහ.
අපි ගිවිසුම් ඇති කර තබා ගන්නා විට, අපි තනි පුද්ගලයන් වශයෙන් ස්වාමින්වහන්සේගේ නාමය අප වෙතට ගන්නෙමු. ඊට අමතරව, අපි ජනතාවක් ලෙසද උන්වහන්සේගේ නාමය අප වෙතට ගන්නෙමු. ගිවිසුම් ඇති කරගෙන ඒවා ආරක්ශා කරන සියල්ලෝම ස්වාමින්වහන්සේගේ ජනතාව වන අතර, උන්වහන්සේගේ විශේෂ දරුවන් බවට පත් වෙයි (නික්මයාම 19:5 බලන්න). සභාවේදී, අපි තනි පුද්ගලයන් ලෙස සහ සාමූහිකව මෙම ගිවිසුම් මාවතේ ගමන් කරමු. දෙවියන්වහන්සේ සහ අප අතර ඇති ගිවිසුම් සම්බන්ධතාවය අපට පොදු අරමුණක් සහ පොදු අනන්‍යතාවයක් ලබා දෙයි. අප ස්වාමීන්වහන්සේට බැඳී සිටින විට, අපගේ හදවත් එකමුතුකමෙන් හා එකිනෙකාට ප්‍රේමයෙන් බැඳී තබාගැනීමට උන්වහන්සේ අපට උපකාර කරයි (මොසායා 18:21).
සාධාරණත්වය, සමානාත්මතාවය සහ දුප්පතුන්ට උපකාර කිරීම
4 නෙපී හි වාර්තාව තවදුරටත් මෙසේ කියයි: “ඔවුන් අතර කිසිඳු ආරවුල් සහ තර්ක නොතිබූ අතර, සෑම මිනිසෙක්ම එකිනෙකා සමඟ සාධාරණව කටයුතු කළේය.
“ඔවුන් අතරේ සෑම දෙයක්ම පොදු විය. එබැවින් පොහොසත් හා දුප්පතුන්ද, වහල්භාවය සහ නිදහස වැනි දේ නොතිබුණි, නමුත් ඔවුන් සියල්ලන්ම නිදහස් කර, ස්වර්ගීය තෑග්ගට පංගුකාරයන් බවට පත් කරන ලදී. ”(4 නෙපී 1:2-3).
අපගේ ලෞකික ගණුදෙණු වලදී, ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ අප එකිනෙකාට සාධාරණව සහ යුක්තිසහගත වීම සහ එකිනෙකා රවටා හෝ ප්‍රයෝජන නොගැනීමයි (1 තෙසලෝනික 4:6 බලන්න). අපි ස්වාමින්වහන්සේට ළං වන විට, “එකිනෙකාට හානි කිරීමට අපට මනසක් ඇති නොවේ, නමුත් සාමකාමීව ජීවත් වීමටත්, සෑම මිනිසෙකුටම තමාට ලැබිය යුතු දේ දීමට ඉදිරිපත් වේ” (මොසායා 4:13).
දිළිඳුන් සහ අගහිඟකම් ඇති අයව රැකබලා ගැනීමට ස්වාමින්වහන්සේද අපට අණ කර ඇත. අපි ඔවුන්ව විනිශ්චය නොකර, අපගේ හැකියාව අනුව ඔවුන්ට උපකාර කිරීම සඳහා “[අපගේ] උපකාරය ලබා දිය යුතුය” (මොසායා 4:21-27 බලන්න).
අප සෑම කෙනෙකුම “තමාගේ සහෝදරයා තමා ලෙස සැලකිය යුතුය” (දහම සහ ගිවිසුම් 38:24). අප ස්වාමීන්ගේ ජනතාව වීමට සහ එක්සත් වීමට නම්, අප එකිනෙකාට සමාන ලෙස සැලකිම පමණක් නොව, අප සැබවින්ම එකිනෙකාව සමාන ලෙස බැලිය යුතු අතර,—දෙවියන්වහන්සේ ඉදිරියෙහි සමාන බවත්, සමාන වටිනාකමක් සහ සමාන වර්ධනයක් ඇති බවත්, අපගේ හදවත් තුළ දැනිය යුතුය
කීකරුකම
4 නෙපී වෙතින් ඊළඟ පාඩම පැමිණෙන්නේ මෙම සරල ප්‍රකාශනයෙනි: “ඔවුන් තම ස්වාමීන්වහන්සේ වු ඔවුන්ගේ දෙවියන්වහන්සේගෙන් ලැබුණු ආඥා අනුව ගමන් කළෝය” (4 නෙපී 1:12).
ස්වාමීන්වහන්සේ මෙම ජනතාවට තම ධර්මය උගන්වා, ඔවුන්ට ආඥා ලබා දී, ඔවුන්ට සේවය කිරීමට සේවකයන් කැඳවා තිබුණි. මෙය සිදු කිරීමේදී උන්වහන්සේගේ එක් අරමුණක් වූයේ ඔවුන් අතර ආරවුල් ඇති නොවන බව සහතික කිරීමයි. (3 නෙපී 11:28-2918:34 බලන්න).
අපගේ එකමුතුකම සදහා ස්වාමින්වහන්සේගේ සහ උන්වහන්සේගේ සේවකයන්ගේ ඉගැන්වීම්වලට කීකරු වීම අත්‍යවශ්‍ය වේ. පසුතැවිලි වීමේ ආඥාවට කීකරු වීමට අපගේ කැපවීම අපට අඩුපාඩුකම් ඇති වූ විට එකිනෙකාට උපකාර කීරිමෙන් සෑම දිනකම හොඳ දේ කිරීමට සහ වඩා හොඳ වීමට උත්සාහ කීරිම මෙයට ඇතුළත් වේ.
එකට රැස්වීම
මීළඟට, 4 නෙපී හි සිටින ජනයා “[දිගටම] නිරාහාරව සහ යාච්ඤාවෙන්ද, යාච්ඤා කිරීමට සහ ස්වාමින්වහන්සේගේ වචනය ඇසීමටද නිතර රැස්වූහ” (4 නෙපී 1:12).
අපි එකට හමුවිය යුතුයි. අපගේ සතිපතා නමස්කාර රැස්වීම් තනි තනිව සහ සාමූහිකව ශක්තිය සොයා ගැනීමට අපට වැදගත් අවස්ථාවක්. අපි සක්රමේන්තුවට සහභාගි වෙමු, ඉගෙන ගන්නෙමු, යාච්ඤා කරන්නෙමු, එකට ගායනා කරන්නෙමු, සහ එකිනෙකාට සහයෝගය දෙන්නෙමු. වෙනත් රැස්වීම්ද අයිතිය, මිත්‍රත්වය සහ හවුල් අරමුණ පිළිබඳ හැඟීමක් ඇති කිරීමට උපකාරී වේ.
ආදරය
4 නෙපී හි වාර්තාව අපට මේ සියල්ලටම ප්‍රධාන යතුර කුමක්දැයි කියා අපට පවසයි—එය නොමැතිව සැබෑ එකමුතුකම ලබා ගත නොහැකිය: “මක්නිසාද දෙවියන්වහන්සේගේ ප්‍රේමය ජනතාවගේ හදවත් තුළ තිබුන හෙයින් එහි දේශයේ විවාදයන් නොවීය” (නෙපී 1:15).
අපි නිහතමානීව යටහත්පහත්ව දෙවියන්වහන්සේට සැබවින්ම ප්‍රේම කරන විට පුද්ගලික සාමය ළඟා වේ. මෙය පළමුවෙනි උතුම් වූ ආඥාවයි. කිසියම් පුද්ගලයකුට හෝ කිසියම් දෙයකට ප්‍රේම කරනවාට වඩා දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සැබෑ සාමය, සැනසීම, ආත්ම විශ්වාසය සහ ප්‍රීතිය ගෙන දෙන තත්වයකි. අප දෙවියන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ප්‍රේමය වර්ධනය කරන විට, පවුලට සහ අසල්වැසියාට ප්‍රේමය නිරායාසයෙන්ම පැමිණෙනු ඇත.
ඔබ අත්විඳින ලොකුම ප්‍රීතිය වන්නේ, ඔබ දෙවියන්වහන්සේ සමඟ සහ උන්වහන්සේගේ සියලු දරුවන් සමඟ ප්‍රේමයෙන් සිටින විට දැනෙන හැඟීමයි.
පිවිතුරු ප්‍රේමය කියන්නෙ ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමයයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයෙකුගේ ප්‍රධාන ලක්ෂණය වන්නේ එයයි. අපි දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිහතමානී වී අපගේ මුළු හදවතින්ම යාච්ඤා කරන විට, දෙවියන්වහන්සේ අපට පිවිතුරු ප්‍රේමය ලබා දෙනවා (මොරෝනි 7:48 බලන්න).
අප සියලුදෙනාම අපගේ හදවත් තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමය තබාගැනීමට උත්සාහ කරන විට, එකමුතුකමේ ආශ්චර්යය අපට සම්පූර්ණයෙන්ම ස්වාභාවික ලෙස පෙනෙනු ඇත.
දිව්යමය අනන්යතාව
අවසාන වශයෙන්, 4 නෙපී හි මිනිසුන් අපගේ අවධානයට ලක්විය යුතු එක්සත්කමේ සලකුණක් ප්‍රදර්ශනය කළහ: “එහි සොරුන් නොවීය, මීනීමරුවන් නොවීය,එහි ලාමන්වරයකුත් නොවීය, කිසිම ආකාරයකවරු නොසිටියේය එහෙත් ඔවුහු ඒකත්වයක්ව ක්‍රිස්තුස්වහසේගේ දරුවන්ව, තවද දෙවියන්වහන්සේගේ රාජ්‍යයට උරුමක්කාරසිටියෝයයෝව” (4 නෙපී 1:17).
වසර සිය ගණනක් තිස්සේ ජනතාව බෙදූ ලේබල් වඩාත් කල් පවතින සහ සාරවත් අනන්‍යතාවයකට පෙර පහව ගියේය. ඔවුන් තමන්ව සහ අන් සියල්ලන්ව සැලකුවේ ස්වර්ගික පියාණන් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඇති ඔවුන්ගේ සම්බන්ධතාවයට අනුවයි.
විවිධත්වය සහ වෙනස්කම් අපට හොඳ සහ වැදගත් විය හැකිය. නමුත් අපගේ වැදගත්ම අනන්‍යතාවයන් වන්නේ අපගේ දිව්‍යමය සම්භවය හා අරමුණ හා සම්බන්ධ ඒවාය.
පළමුවෙන්ම සහ ප්‍රධාන වශයෙන්, අප සෑම කෙනෙකුම දෙවියන්වහන්සේගේ දරුවෙකි. දෙවනුව, සභාවේ සාමාජිකයෙකු වශයෙන්, අප සෑම කෙනෙකුම ගිවිසුමේ දරුවෙකි. තෙවනුව, අප සෑම කෙනෙකුම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකි. “මෙම කල්පවත්නා කරුණු තුනෙන් කිසිවක් ඉවත් කිරීම, එකතු කිරිම හෝ වෙනත් කිසිඳු හඳුනාගැනීමකට ප්‍රමුඛත්වය නොදෙන ලෙස” මම අප සැමගෙන් ඉල්ලා සිටිමි.
ඒකත්වයක් වන්න
දෙවියන්වහන්සේ සියලු දෙනාට තමන් වෙතට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත. එහි සෑම කෙනෙකුටම ඉඩ ඇත. අපි අපේ සංස්කෘතීන්, දේශපාලනය, ජනවර්ග, රුචි අරුචිකම් සහ වෙනත් බොහෝ ආකාරවලින් වෙනස් විය හැකිය. නමුත් අප යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ එක්සත් වන විට, එවැනි වෙනස්කම් වැදගත් නොවන අතර, අප උන්වහන්සේගේ වීමට හැකි වන පරිදි, එක්සත් වීම අපගේ ප්‍රධාන ආශාවෙන් වුවද අභිබවා යයි.
4 නෙපී හි ඉගැන්වූ පාඩම් සිතට ගන්න. එකමුතුකමේ මෙම අත්‍යවශ්‍ය අංග අපගේ ජීවිතයට ඇතුළත් කිරීමට අප සෑම කෙනෙකුම උත්සාහ කරන විට, එය අප ගැන මෙන් ඔවුන් ගැනද පැවසිය හැකිය “සත්‍යයෙන්ම එහි දෙවියන්වහන්සේගේ හස්තයෙන් මවනු ලැබුවාවු සියලු දරුවන් අතර වෙනත් ප්‍රීතිමත් ජනතාවක් සිටිය නොහැක” (4 නෙපී 1:16).
© 2024 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Liahona Message, October 2024. හි පරිවර්තනයකි. Sinhala. 19359 408