“යහපත ඉටු කීරීම සඳහා අප කැඳවා ඇත,” ලියහෝනා , 2024 ජුනි.
මාසික ලියහෝනා පණිවිඩය, 2024 ජුනි
යහපත ඉටු කීරීම සඳහා අප කැඳවා ඇත
අප අන් අයට සේවය කරන විට, අපගේ ආලෝකය ඔසවාලමින්, සහ ආගමික නිදහස වෙනුවෙන් පෙනී සිටින විට අප දෙවියන් වහන්සේගේ රාජ්යය ගොඩනගමු.
ගිඩියොන් එය අසන විට ඔහු වැරදි දහමක් දැන සිටියේය. ඔහු මිට පෙර නෝවා රජුගෙන් සහ ඔහුගේ පූජකයන්ගෙන්—“ඔවුන්ගේ හදවත් උඩඟු කමෙන් වැඩිකළ” පූජකයන්ගෙන් සහ ඔවුන්ගේ “කම්මැලිභාවයෙන් ද, රූප වන්දනාවෙන් ද, ඔවුන්ගේ වේශ්යාකමෙන් ද, තවද නෝවා රජු විසින් සිය ජනතාව මත පැනවූ බදූ අයකරගැනීම ද ” අසා තිබුනි.(මොසායා 11:5-6).
මීටත් වඩා, නෝවා රජු අනාගතවක්තෘ අබිනාදිව මරණයට පත් කර ඇල්මා සහ ඔහුගේ හැරී එන්නන් විනාශ කිරීමට උත්සාහ කර තිබීමයි (බලන්නමොසායා 17; 18:33-34). එවැනි දුෂ්ටකම් අවසන් කිරීම සඳහා රජු නැවැත්වීමට ගිඩියොන් දිවුරුම් දුන් අතර, ඔහු ලාමන්වරුන්ගේ ආක්‍රමණයක් නිසා පමණක් ඔහුව බේරා ගත්තේය (බලන්නමොසායා 19:4-8).
පසුව, ගිඩියොන් ලාමන්වරුන්ගේ දියණියන් 24 දෙනෙකු රැගෙන යාම සම්බන්ධයෙන් නෝවාගේ පූජකයන්ට නිවැරදිව දොස් පැවරීය. මිනිසුන්ට එරෙහිව අබිනාදිගේ අනාවැකිය ඉටු වී ඇත්තේ ඔවුන් පසුතැවිලි වීම ප්‍රතික්ෂේප කළ නිසා බව ඔහු නිරීක්ෂණය කළේය. (මොසායා 20:17-22බලන්න.) ඔහු ලාමන්වරුන්ගේ වහල්භාවයේ සිටි ලිම්හි ජනතාව මුදා ගැනීමට උපකාරී විය (බලන්න මොසායා 22:3–9).
දැන් වයසින් මුහුකුරා ගිය, ගිඩියොන් නැවත වරක් උඩඟුකමට හා දුෂ්ටකමට මුහුණ දුන්නේ ජනතාව අතර පූජක ශිල්පය හඳුන්වා දුන් නෙහෝර් ඉදිරියේ සිටගෙන ය. නෙහෝර් “සභාවට එරෙහිව ක්‍රියා කරමින්” ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරමින් සිටියේය.” (බලන්න ඇල්මා 1:3, 7, 12; තවද බලන්න 2 නෙපී 26:29.)
දෙවියන්වහන්සේගේ වචනය තම ආයුධය ලෙස භාවිතා කරමින්, නිර්භීත ගිඩියොන් නෙහෝර්ගේ දුෂ්ටකම පිළිබඳව ඔහුට අවවාද කළේය. කෝපයට පත් නෙහෝර් සිය කඩුවෙන් ගිඩියොන්ට පහර දී මරා දැමීය. (බලන්න ඇල්මා 1:7–9.) “තම ජනතාව අතරේ බොහෝ යහපත කළ ධර්මිෂ්ඨ මිනිසෙකුගේ” දවස් මෙසේ අවසන් විය (ඇල්මා 1:13)
අන් අයට “සේවයක්”( මොසායා 22:4) වීම, ධර්මිෂ්ඨකම වෙනුවෙන් පෙනී සිටීම සහ දෙවියන් වහන්සේට නමස්කාර කිරීමට හා සේවය කිරීමට අපගේ නිදහසට ඇති තර්ජන නොතකා සිටීම මගින් අප ජීවත් වන අවසාන දිනවල අපට ගිඩියොන් මෙන් “දෙවියන් වහන්සේගේ අත්වල උපකරණයක්”(ඇල්මා 1:8) ලෙස උසස් වීමට ක්‍රියා කිරීමට ඕනෑ තරම් අවස්ථා ලබා දෙනවා. අපි ගිඩියොන්ගේ විශ්වාසවන්ත ආදර්ශය අනුගමනය කරන විට, අපට ද බොහෝ හොඳ දේ කළ හැකිය.
සේවයේ දී එක්සත් වන්න
“[ගැලවුම්කරුවාණන්ගේ] අනුගාමිකයන් ලෙස, අපි දෙවියන් වහන්සේට සහ ලොව පුරා සිටින අපගේ අසල්වැසියන්ට ප්රේම කිරීමට උත්සාහ කරමු,”කියා පළමු සභාපතිත්වය පවසා ඇත. “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව අන් අයට ආශීර්වාද කිරීමට සහ අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමට උනන්දු වෙති. මෙම පූජනීය වගකීම ඉටු කිරීමට හැකියාව, සම්පත් සහ විශ්වාසනීය ගෝලීය සම්බන්ධතා තිබීම අපට ආශීර්වාදයකි.”1
සභා සාමාජිකයින් අපගේ දේවමාළිගා වල සහ ඔවුන්ගේ කොට්ටාශ, ශාඛා සහ ස්ටේක වල ලබා දෙන පරාර්ථකාමී සේවයට සහ දේවසේවයට මම ස්තූතිවන්ත වෙමි. සභාවේ සාමාජිකයන් ගණන් කළ නොහැකි ප්‍රජා, අධ්‍යාපනික සහ පුණ්‍ය ආයතනවල සේවය කිරීම සහ ඔවුන් වාර්ෂිකව දහස් ගණන් මානුෂීය ව්‍යාපෘතිවල නිරත වීම ගැන මම කෘතඥ වෙමි, රටවල් 200කට ආසන්න ප්‍රදේශයක පැය මිලියන ගණනක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙති.2
සභාව රටවල් කිහිපයක සේවා අවස්ථා පුළුල් කරන එක් ක්රමයක් වන්නේ JustServe.org. සභාව විසින් අනුග්රහය දක්වන නමුත් අන් අයට ආශීර්වාද කිරීමට කැමති ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි JustServe.org “ප්‍රජාවේ ජීවන තත්ත්වය වැඩි දියුණු කරන” “ස්වේච්ඡා සේවකයන් සමඟ ප්‍රජා ස්වේච්ඡා අවශ්යතා සම්බන්ධ කරයි.” 3
සභාව සහ එහි සාමාජිකයින් ද ලොව පුරා සේවා සංවිධාන සමඟ එක්ව සිටිති. සභාව, එහි සාමාජිකයින්ට ස්තූතිවන්ත වන අතර, “2022 දී විශාලතම තනි රතු කුරුස රුධිර දායකයා” විය. මීට අමතරව, සභාව මෑතකදී රතු කුරුස සංවිධානයට ඩොලර් මිලියන 8.7 ක පරිත්‍යාගයක් කළේය.4
සභාව ලොව පුරා ප්‍රදේශවලට පිරිසිදු ජල හා සනීපාරක්ෂක ව්යාපෘති ගෙන ඒම සඳහා සංවිධාන සමඟ ද සම්බන්ධ වේ. 2022 දී, සභාව එවැනි ව්‍යාපෘති 156 කට සහභාගි විය.5 දෙවියන්වහන්සේගේ දුක්විඳින දරුවන්ට සහනයක් ගෙන දෙන වෙනත් ආයතන සමඟ ද අපි සහයෝගයෙන් සහ පරිත්‍යාග කරන්නෙමු.6
“අවශ්යතා ඇති මිනිසුන්ට සේවය කිරීමට අප අත්වැල් බැඳගත් විට” පළමු සභාපතිත්වයේ දෙවන උපදේශක සභාපති හෙන්රි බී. අයිරින්ග් පැවසුවා, “ස්වාමින් වහන්සේ අපගේ හදවත් එක්සත් කරයි”.7
ඔබගේ ආලෝකය ඔසවාලන්න
ගැළවුම්කරුවාණන්ගේ ගෝලයන් ලෙස, අපගේ ගිවිසුම් පිළිපදිමින් ක්රිස්තුස්වහන්සේ අනුව ජීවිත ගත කරන විට අපගේ අසල්වැසියන්ට ද අපි ආශීර්වාද කරමු. මෝමන්ගේ පොත උගන්වන්නේ “සභාවේ ජනතාව” ස්වාමින්වහන්සේ ඔවුන්ව ආරක්ෂා කිරීමට හා සමෘද්ධිමත් කිරීමට කැමති නම් ධර්මිෂ්ඨකම තෝරා ගැනීම පමණක් නොව, ඔවුන්ගේ ධර්මිෂ්ඨ හඬ ද ඇසෙන්නට සැලැස්විය යුතු බවයි (බලන්න ඇල්මා 2:3–7; තවද බලන්න මොසායා 29:27). ස්වාමින්වහන්සේ අපගේ ඇදහිල්ල හා විශ්වාසයන් බෙදා ගැනීම සහ අපගේ ආලෝකය ඔසවාලීම අපෙන් අපේක්ෂා කරයි. “බලන්න නුඹලා ඔසවනු ලබන්නාවූ එම ආලෝකය මමය” (3 නෙපී 18:24).
“දෙවියන්වහන්සේට වඩා මිනිසාට බිය වන්නේ නම් අපි අපගේ ගැලවුම්කරුවාණන්ට සේවය නොකරන,” බව පළමු සභාපතිත්වයේ පළමු උපදේශක සභාපති ඩාලින් එච්. ඕක්ස් පැවසුවේය. “අප කැඳවනු ලබන්නේ සමිඳාණන් වහන්සේගේ ප්රමිතීන් ස්ථාපිත කිරීමට මිස ලෝකයේ තිබෙන්නා වූ දේවල් අනුගමනය කිරීමට නොවේ” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.8
පාසැලේදී, රැකියාවේදී හෝ සෙල්ලම් කිරීමේදී, නිවාඩුවකදී, පෙම් හමුවීමකදී, අන්තර්ජාලය තුල හෝ වේවා, සමිඳාණන් වහන්සේගේ ගෝලයන් “ක්රිස්තුස්වහන්සේගේ නාමය ඔවුන් මත ගැනීමට ලැජ්ජා නොවේ” (ඇල්මා 46:21) අපගේ වචන වලින් සහ අපගේ ක්රියාවලින්, දෙවියන්වහන්සේ ජීවමාන බවත්, අප උන්වහන්සේගේ පුත්රයාණන් අනුගමනය කරන බවටත් අපි සාක්ෂි දකිමු.
“අපගේ ඇදහිල්ල කොටස් කර නැත, නැතහොත් එය නිසැකවම නොවිය යුතුය. ඇදහිල්ල සභාවට පමණක් නොවේ, එය නිවසට පමණක් නොවේ, එය [පාසල] සඳහා පමණක් නොවේ,” ආගමික බහුත්වවාදය පිළිබඳ පසු-දවස්වල ශුද්ධවන්ත විශේෂඥයෙකු වන පෝල් ලැම්බර්ට් නිරීක්ෂණය කළේය. “එය ඔබ කරන සෑම දෙයකටම වේ.”9
අපගේ සාක්ෂිය, යහපත් ආදර්ශය සහ යහපත් ක්රියාවන් අන් අයට ඇති කළ හැකි බලපෑම අපි නොදනිමු. නමුත් අපි නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටින විට සහ ගැලවුම්කරුවාණන්ගේ ආලෝකය ඔසවාලනකොට, මිනිසුන් අපව දකිනු ඇති අතර ස්වර්ගය අපට උපකාර කරනු ඇත.
ආගමික නිදහස වෙනුවෙන් පෙනී සිටින්න.
වඩ වඩාත් ලෞකික සමාජයන් ඇදහිලිවන්ත මිනිසුන්ට එරෙහිව නැගී සිටින වර්තමාන පූජක ශිල්පය, මෝර්මන්ගේ පොතේ කාලයට වඩා එතරම් වෙනස් නොවේ. ප්රසිද්ධ හා දේශපාලන ක්ෂේත්රවල ආගමේ වැදගත් කාර්යභාරයට විරුද්ධවන්නන්ගේ හඬ වැඩි වෙමින් පවතී. ලෞකිකවාදීන් සහ රජයන්, බොහෝ පාසල් සහ විශ්ව විද්යාල ඇතුළුව, ආචාර ධර්ම, අදේවවාදය සහ සදාචාරාත්මක සාපේක්ෂතාවාදය වෙනස් කරමින් සිටී.
අපේ ආගමික අයිතීන් වෙනුවෙන් පෙනී නොසිටින්නේ නම් ආගමික නිදහසට එල්ල වන ප්රහාර සාර්ථක වනු ඇත. “සභාවක් ලෙස,” මම මෑතකදී ඉගැන්වූයේ, “අපි වෙනත් ආගම් සමඟ එකතු වී සියලු ඇදහිලි සහ ඒත්තු ගැන්වීම් ඇති පුද්ගලයින් සහ ඔවුන්ගේ විශ්වාසයන් කථා කිරීමට ඇති අයිතිය ආරක්ෂා කරමු.”10
සදාචාරාත්මක නිදහස් කැමැත්ත මත ස්වර්ගයේ යුද්ධයක් සිදු වූ අතර එය—අපගේ තෝරා ගැනීමේ නිදහසයි. අපගේ තෝරා ගැනීමේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා අපගේ ආගමික නිදහස ආරක්ෂා කිරීමට අප උද්යෝගී විය යුතුය.
විචිත්‍රවත් ආගමික විශ්වාසය පවුල්, ප්‍රජාවන් සහ ජාතීන් ශක්තිමත් කර ආරක්ෂා කරයි. එය නීතියට කීකරුකම ඇති කරයි, ජීවිතයට හා දේපළවලට ගෞරවය ඇති කරයි, සාධාරණ, නිදහස් සහ සිවිල් සමාජයක් චිරස්ථායී කිරීමට අවශ්‍ය දයාව, අවංකභාවය සහ සදාචාරය—ගුණධර්ම උගන්වයි. අපගේ ඇදහිල්ල සඳහා අප කිසි විටෙකත් සමාව නොගත යුතුය.
අපගේ ධර්මදූත ප්‍රයත්නයන්, දේවමාළිගාවේ අපගේ පරාර්ථකාමී වැඩ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගොඩනැගීමට අපගේ ප්‍රයත්නයන් සහ අපගේ සතුට සඳහා අවශ්‍ය වන්නේ අප ආගමික ඇදහිල්ල සහ නිදහස වෙනුවෙන් පෙනී සිටීමයි. වෙනත් නිදහස නැති නොකර ඒ නිදහස නැති කරන්න බැහැ.
අනාගතවක්තෘ ජෝසප් ස්මිත් ඉගැන්වූයේ, “එය මගේ ආත්මය ප්‍රබෝධමත් කරන නිදහස සඳහා—සමස්ත මානව වර්ගයාටම වූ සිවිල් සහ ආගමික නිදහස සඳහා වූ ප්‍රේමයකි.”11 නායකයින්ගේ උපදෙස් අනුගමනය කරන විට ආගමික නිදහස අපගේ ආත්මයන් ද දිරිමත් කරනු ඇත:
-
“මහජන වැදගත්කම පිළිබඳ ගැටළු පිළිබඳව දැනුවත්ව සිටින්න, ඉන්පසු ධෛර්යයෙන් සහ ශිෂ්ටත්වයෙන් කතා කරන්න.”12
-
“ආගමික නිදහසේ ඛාදනය අපගේ ශක්තිය හා ශුභාරංචිය පිළිබඳ දැනුම වර්ධනය වීමට, ශුද්ධ වූ අණපනත් වලින් ආශීර්වාද ලැබීමට සහ උන්වහන්සේගේ සභාව මෙහෙයවීම සඳහා ස්වාමින් වහන්සේ මත රඳා සිටීමට අපගේ අවස්ථාවන්ට සැලකිය යුතු ලෙස බලපානු ඇති බව හඳුනා ගන්න.”13
-
“දෙවියන්වහන්සේ සිටින බවත්, උන්වහන්සේගේ ආඥා ස්ථාපිත කරන නියත සත්යයන් ඇති බවත් තහවුරු කිරීමට නිර්භීතව කතා කරන්න.”14
-
“අපගේ ඇදහිලි පිළිපැදීමට ඇති නිදහස අඩාල කරන නීති අභියෝගයට ලක් කරන්න.”15
-
“යහපත කිරීමට, සර්වබලධාරී දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය ගොඩනඟා ගැනීමට සහ අන් අයව ප්රීතිමත් ස්ථානයකට ගෙන ඒමට උපකාර කිරීමට ලෝකයට යන්න.”16
-
religiousfreedom.ChurchofJesusChrist.orgහි සම්පත් අධ්‍යයනය කරන්න තවද religiousfreedomlibrary.org/documentsහි.
අප අන් අයට සේවය කරන විට, අපගේ ආලෝකය ඔසවාලමින් ආගමික නිදහස වෙනුවෙන් පෙනී සිටිනා විට අප දෙවියන්වහන්සේගේ රාජ්යය ගොඩනගමු. අපගේ පවුල්, ප්‍රජාවන් සහ ජාතීන් අතර “බොහෝ යහපත” කිරීමට අප දරන උත්සාහයේදී ස්වාමින්වහන්සේ අපට ආශීර්වාද කරන සේක්වා.
© 2024 විසින් Intellectual Reserve, Inc. සියලු හිමිකම් ඇවිරිණි. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. මාසික ලියහෝනා පණිවිඩය, 2024 ජූනි හි පරිවර්තනයකි. Sinhala. 19347 408