2023
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සංවිධානය
2023 ඔක්තෝම්බර්


“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සංවිධානය,” ලියාහෝනා, 2023 ඔක්.

මාසික ලියහෝනා පණිවිඩය, 2023 ඔක්තෝම්බර්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සංවිධානය

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පිළිරුව

ඩෙල් පාර්සන් විසින්, ස්වාමින් වූ යේසුස් ක්රිස්තුස්වහන්සේ

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ප්‍රධානියා වේ. උන්වහන්සේ නව ගිවිසුමේ කාලයේ කළාක් මෙන් අදත් සභාව මෙහෙයවීමට අනාගතවක්තෘවරුන් සහ ධර්මදූතයන්ව පොළඹවයි. ඔවුන්ට අනෙකුත් සභා නායකයන්ගේ සහාය ලැබේ.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ගැලවුම්කරුවාගේ සභාවයි. එය “යේසුස්වහන්සේම එහි ප්‍රධාන මුල් ගලව සිටි, ප්‍රේරිතවරුන් සහ අනාගතවක්තෘවරුන් පිට ඉදිලරනු ලැබ සිටින්නහුය” (එපීස 2:20). මෙයින් අදහස් කරන්නේ උන්වහන්සේ අත්තිවාරමේ වැදගත්ම කොටස බවයි. උන්වහන්සේ නායකයන් ලෙස තෝරාගත් අනාගතවක්තෘවරුන් සහ ධර්ම දූතයන් හරහා සභාවට මඟ පෙන්වයි.

පළමු සභාපතිත්වය

පළමු සභාපතිත්වය

සභාවේ සභාපති අද පොළොවේ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා වේ. ඔහු ජ්‍යෙෂ්ඨ අපෝස්තුළුවරයා වන අතර මුළු සභාවටම මඟ පෙන්වීම සඳහා එළිදරව්ව ලබන පොළොව මත සිටින එකම පුද්ගලයා වේ. ඔහුගේ උපදේශකයන් ලෙස සේවය කිරීමට කැඳවිය යුත්තේ කුමන අපෝස්තුළුවරුන් දෙදෙනෙකු දැයි දැන ගැනීමට ස්වාමින්වහන්සේ ඔහුව පොළඹවයි. ඔවුන් පළමු සභාපතීත්වය පිහිටුවයි. මේ තිදෙනාම අනාගතවක්තෘවරු, දකින්නන් සහ එළිදරව් කරන්නෝ වෙති.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය

අපෝස්තුළුවරුන් දොළොස් දෙනාගේ ගණපූරණයේ සාමාජිකයන්ද අනාගතවක්තෘවරුන්, දක්‍ෂයින් සහ එළිදරව් කරන්නන් වේ. ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ විශේෂ සාක්ෂිකරුවන් වීමට කැඳවනු ලැබේ. උන්වහන්සේ ගැන ඉගැන්වීමට සහ සාක්ෂි දීමට ඔවුන් ලොව පුරා සංචාරය කරති. (දහම සහ ගිවිසුම් 107:23, 33 බලන්න.)

හැත්තෑවරුන්ගේ ගණපූර්ණය

හැත්තෑවේ සාමාජිකයන් ද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිකරුවන් වීමට කැඳවනු ලැබේ (දහම සහ ගිවිසුම් 107:25 බලන්න). ඔවුන් දොළොස් දෙනාගේ ගණපූරණයට ශුභාරංචිය ඉගැන්වීමට සහ ලොව පුරා සභාව ගොඩනැගීමට උපකාර කරති.

නායකයින් එකට උපදේශනය කරමින්

ඡායාරූපය මචිකෝ හොරි විසිනි

දේශීය නායකයෝ

ඔබේ ස්ටේක හෝ දිස්ත්‍රික සභාපතීත්වය, සභා නායකත්වය හෝ ශාඛා සභාපතීත්වය, සහ වැඩිහිටි ගණපූර්ණය සහ සහන සමිති සභාපතීත්වද දෙවියන්වහන්සේ විසින් කැඳවා ඇත. ඔවුන්ට ඔබට ශුභාරංචිය ඉගෙනගෙන ඒ අනූව ජීවත් වීමට උපකාර කළ හැක. 2022 මාර්තු ශුභාරංචි මූලික ලිපියෙන් ඔබට මෙම කැඳවීම් කිහිපයක් ගැන ඉගෙන ගත හැක, “සභාවේ කැඳවීම් වල සේවය කිරීම”.