“යේසුස්වහන්සේ ඉගෙනගෙන වැඩුණා,” මිතුරා 2021 ජනවාරි
ශුද්ධලියවිලි කතන්දර
යේසුස්වහන්සේ ඉගෙනගෙන වැඩුණා
නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසින්
යේසුස්වහන්සේ කුඩා ළදරුවෙක් ලෙස ඉපදුණා. මමත් කාලෙක එක ළදරුවෙක්!
මරියා සහ යෝසෙප් යේසුව බලාගන්න උදව් වුණා. මාව බලාගන්න උදව් වුනේ කවුද?
මම වැඩෙන ආකාරයටමයි යේසුත් වැඩුනේ. ඔහු දැනුමෙන් වැඩුණා. ඒ කියන්නේ ඔහු අලුත් දේවල් ඉගෙනගත්තා.
ඔහු උසින් වැඩුණා. ඒ කියන්නේ ඔහුගේ ශරීරය ලොකු වුණා.
ඔහු දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව වැඩුණා. ඒ කියන්නේ ඔහු ස්වාර්ගික පියාණන් ගැන ඉගෙනගත්තා. ඔහු යාච්ඤා කරන්න ඉගෙනගත්තා. ඔහු ශුද්ධලියවිලි කියෙව්වා.
ඔහු මිනිසුන්ගේ කැමැත්තට අනුව වැඩුණා. ඒ කියන්නේ ඔහු අලුත් මිතුරන් ඇතිකරගත්තා. ඔහු අන් අයට කරුණාවන්තයි. ඔහු ඔහුගේ පවුලට උදව් කළා.
මගේ සිතටත් ඇඟටත් වැඩෙන්න මට උදව් කරන්න පුලුවන්. මට දෙවියන්වහන්සේ ගැන ඉගෙනගන්න පුලුවන්. මට හොඳ මිතුරෙක් වෙන්න පුලුවන්. මම යේසු වගේ හොඳ විදිහට වැඩෙනවා!
© 2020 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Friend Message, January 2021 හි පරිවර්තනයකි. Sinhala. 17463 408