“සවන්දෙන්න, උවමනාවෙන් සවන්දෙන්න, එමෙන්ම සැලකිලිමත් වන්න,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2021 ජන., 32.
යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2021 ජනවාරි
සවන්දෙන්න, උවමනාවෙන් සවන්දෙන්න, එමෙන්ම සැලකිලිමත් වන්න
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්රණ කතාව ආශ්රයෙනි.
ගුවේව් ඩිසයින් විසින් වූ නිදර්ශනයකි
දහම සහ ගිවිසුම් හි මුල්ම වචන උවමනාවෙන් සවන්දෙන්න යි (දහම සහ ගිවිසුම් 1:1 බලන්න). එහි තේරුම “කීකරු වීමට අභිප්‍රායක් ඇතිව ඇහුම්කන්දීමයි.” උවමනාවෙන් සවන්දෙන්න යන්නෙන් අදහස් කරන්නේ “උන්වහන්සේට සවන්දීම”—එනම් ගැලවුම්කරුවාණන් පවසන දේ ඇසීම සහ උන්වහන්සේගේ උපදෙස් පිළිපැදීමයි. “උන්වහන්සේට සවන්දෙන්න”—යන වචන දෙකෙන්—දෙවියන්වහන්සේ මේ ජීවිතයේ සාර්ථකත්වය, සතුට හා ප්‍රීතිය සඳහා රටාව අපට ලබාදෙයි. අපි ස්වාමින්වහන්සේගේ වචන අසා, ඒවාට උවමනාවෙන් සවන්දී, උන්වහන්සේ අපට කී දේට අවනත විය යුතුයි!
උන්වහන්සේට සවන්දීමට අපට යා හැක්කේ කොහේද?
අපට ශුද්ධලියවිලි වෙත යා හැකියි. දේවමාළිගාවේදීත් අපට උන්වහන්සේට සවන්දිය හැකියි. ශුද්ධාත්මයාණන්ගේ මිමිනුම් හඳුනාගැනීමේ හැකියාව අප විසින් ශෝධනය කරන බැවින් අපිට උන්වහන්සේව වඩාත් පැහැදිලිව ඇසෙයි. එමෙන්ම, අවසාන වශයෙන්, අනාගතවක්තෘවරුන්ගේ, අනාගතය දකින්නන්ගේ හා එළිදරව් කරන්නන්ගේ වචන වලට අපි අවනත වන විට අප උන්වහන්සේට සවන්දෙයි.
ගැලවුම්කරුවාණන් පැවසූ දේ සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් තුළින් උන්වහන්සේ දැන් පවසන දේට ඔබ වඩාත් හිතාමතා සවන්දී, උවමනාවෙන් සවන්දී, පිළිපදින විට කුමක් සිදුවේද? පරීක්ෂාවන්, අරගල සහ දුර්වලතා සමග කටයුතු කිරීමට ඔබට අමතර බලයක් ලැබෙනු ඇතැයි මම පොරොන්දු වෙමි. ඔබගේ පවුල් සබඳතා සහ දෛනික වැඩ කටයුතු වලදී ප්‍රාතිහාර්යයන් මම පොරොන්දු වෙමි. එමෙන්ම ඔබේ ජීවිතයේ කැලඹීම් වැඩි වුවද ප්‍රීතිය දැනීමේ හැකියාව වැඩිවනු ඇතැයි මම පොරොන්දු වෙමි.
© 2020 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly For the Strength of Youth Message, January 2021 හි පරිවර්තනයකි. Sinhala. 17463 408