2010–2019
පියාණන්වහන්සේ
ඔක්තෝම්බර් 2018


10:18

පියාණන්වහන්සේ

අපි සෑම කෙනෙකුටම පියාණන්වහන්සේ වගේ වීමට හැකියාව තිබෙනවා. එසේ වීමට, අපි පුත්‍රයාණන්ගේ නාමයෙන් පියාණන්වහන්සේට නමස්කාර කල යුතුයි.

මගේ බිරිද මෙලින්ඩා ඇගේ මුළු ජිවිත කාලයේදිම ඇගේ මුළු හදවතින්ම උත්සහ කලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විස්වාශවන්ත අනුගාමිකයෙක් වන්න. නමුත්, ඇගේ තරුණ කාලය ආරම්භයේදි, ස්වර්ගික පියානණ්ගේ ආදරය සහ ආශිර්වාද ලබන්නට තමන් සුදුසු නොවන බවක් ඇයට හැගුණ, මන්ද ඇය උන්වහන්සේගේ ස්භාවය වරදවා වටහාගෙන තිබුණ නිසා. වාසනාවන්ත ලෙස, ඇයට දැනුන දුක නොසලකා මෙලින්ඩා අඛණ්ඩව අනපනත් ආරක්ෂා කලා. අවුරුදු කීපයකට පෙර, ඇයට අත්දෑකිම් රාශියක් ලැබුන, එය ඇයට උදව් වුනා උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ තුල තියෙන ආදරයත් සහ උන්වහන්සේගේ වැඩ කටයුතු කිරීමට අප අසම්පූර්ණ වෑයමක් දැරුවත් උන්වහන්සේ එයටත් කෘතඤ වන බවද ඇතුළුව, දෙවියන් වහන්සේගේ ස්වභාවය හොදින් තෙරුම් ගන්න.

ඇය විස්තර කලා කොහොමද එය ඇයට බලපෑමක් වුනේ කියලා: “පියාණන්ගේ සැලස්ම ක්‍රියාත්මක වන බව, ඒවගේම උන්වහන්සේ පෞද්ගලිකවම අපගේ ජයග්‍රහන වලට උරදෙන බව, සහ ඒවගේම උන්වහන්සේ වෙත නැවත පැමිණීමට අවශ්‍ය ඉගැන්විම් හා අත්දැකීම් උන් වහන්සේ අපට ලබාදෙන බව ඇත්ත වශයෙන්ම දැන් මට හැගෙනවා. දෙවියන් වහන්සේ අපව දකින ආකාරයෙන්, මම මා මෙන් අන් අයද දකිමි. මට හැකිවෙලා තියෙනව වඩාත් ආදරයකින් බිය නොමැතිව රැකබලාගන්න, උගන්වන්න, සහ සේවය කරන්න. කනස්සල්ල සහ ආනාරක්ෂිතභාවයට වඩා මට දැනෙනවා සාමයක් සහ ආත්ම විශ්වාසයක්. විනිශ්චයේ හැගීමක් වෙනුවට, මට දැනෙනව සහයක්. මගේ විශ්වාසය වඩාත් නියතයි. මට දැනෙනව මගේ පියාණන්වහන්සේගේ ආදරය නිරන්තරයෙන් සහ වඩාත් ගැඹුරු ලෙස.”

“[ස්වර්ගික පියාණන්ගේ] චරිතය, සම්පූර්ණත්වය, සහ ගුණාංග පිළිබඳ නිවැරදි අදහසක්” තිබීම, උත්කර්ෂය ලබා ගැනීමට අවශ්‍ය ඇදහිල්ල ක්‍රියාවට නැංවීම සදහා අත්‍යවශ්‍ය වෙනව. ස්වර්ගික පියාණන්ගේ ස්භාවය නිවැරදිව අවබෝධ කරගත් විට අපි අප දෙස සහ අන් අය දෙස බලන ආකාරය වෙනස් කරනව ඒ වගේම උන්වහනසේගේ දරුවන්ට දෙවියන්වහන්සේගේ ඉමහත් ආදරය අවබෝධ කරගැනිමට උපකාර කරනවා සහ උන්වහනසේගේ ඉමහත් ආශාව වන අපට උන්වහනසේගේ වගේ වෙන්න උදව් කරනව. උන්වහන්සේගේ ස්වභාවය පිළිබඳව වැරදි දැක්මක් තිබීම කිසිදිනෙක උන්වහන්සේගේ අභිමුඛයට යාමට අප සමත් නොවනවා වැනි හැගීම් අප තුල ඉතිරි කරයි.

අද දින මගේ අරමුණ වන්නේ අප හැමෝටම මෙන්ම විශේෂයෙන්ම දෙවිපියාණන් ඔවුන්ට ප්‍රේම කරනවාදැයි කල්පනා කරමින් ඉන්න අයට, උන්වහනසේගේ ස්භාවය නිවැරදිව හොදින් තේරුම් ගැනිමට සහ උන්වහනසේ තුල, උන්වහන්සේගේ පුත්‍රයාණන් සහ අප වෙනුවෙන් ඇති උන්වහනසේගේ සැලැස්ම තුල ඉමහත් ඇදහිල්ලක් ක්‍රියාවට නැංවිමට උපකාරී වන පිණිස පියාණන් පිළිබඳ ප්‍රධාන මූලධර්ම ඉගැන්වීමයි.

පොලොවට පෙර ජීවිතය

පොලොවට පෙර ලෝකයේ, ස්වර්ගික දෙමාපියන්ගේ ආත්මික දරුවන් වශයෙන් අප ඉපදි පවුලක් ලෙස ජිවත් වුනා. ඔවුන් අපව දැනගෙන සිටිය, අපට ඉගැන්නුව, සහ ආදරය කළා. අපට ඉතා අවශ්‍ය වුනා ස්වර්ගික පියාණන් වගේ වෙන්න. කොහොම නමුත්, අපි අදුනගත්තා, එසේ කිරිමට නම්, අපිට:

  1. මහිමවත්, අමරණීය, භෞතික ශරීරයක් ලබා ගැනීම;

  2. පූජකත්ව බලය තුලින් මුද්‍රා තබා විවාහ වී පවුල් පිහිටු විම; සහ

  3. සියලූම දැනුම, බලය සහ දිව්වම්‍ය ගුණාංග ලබා ගැනීමට අවශ්‍ය වන බව.

එහි ප්‍රතිථලයක් වශයෙන්, පියාණන් සැලස්මක් නිර්මානය කළා එය අපට නියමිත කොන්දේසි මාළාවක් යටතේ, උත්තානයේදි මහිමවත් සහ අමරණීය වෙන ආකාරයේ; භෞතික වශයෙන් විවාහ වී පවුල් පිහිටු වීම නැතහොත් මේ ලෝකයේදි අවස්ථවක් නොලැබුණු ඇදහිලිවන්තයින්ට මරණයෙන් පසු වර්ධනය වෙමින් පරිපූර්ණත්වයට පත් විමට;අවසාන වශයෙන් ස්වර්ගික දෙමාපියන් වෙත නැවත ගොස් අපේ පවුල් සහ ඔවුන් සමග සදාකාලික සතුටකින් ජිවත් විමට අවශ්‍ය භෞතික ශාරීරයක් ලබාගන්න උපකාර වුනා.

ශුද්ධ ලියවිලි මෙය හදුන්වනවා ගැලවිමේ සැලස්ම කියල. මෙය අපට දැන් වු පසු අපි කොතරම් ස්තුතිපූර්වක වුනාද කිවහොත්, අපි සතුටින් ඝෝෂා කළා. භෞතික ජිවිතයේ දිව්‍යමය ගුණාංග වර්ධනය කිරීමට අපට උපකාරී වන අත්දැකීම් සහ අභියෝගද ඇතුළුව, අපි හැමදෙනාම සැලැස්මේ කොන්දේසි පිළිගත්තා.

භෞතික ජීවිතය

භෞතික ජිවිතයේදි, උන් වහන්සේගේ සැලැස්ම තුළ අපගේ ප්‍රගතිය උදෙසා අවශ්‍ය කොන්දේසි අපට ස්වර්ගික පියාණන් සපයනව. පියාණන් වහන්සේ මාංසයෙන් යේසුස් වහන්සේව ජනිත කරා මෙන්ම උන් වහන්සේගේ මෙලොව දුතමෙහෙය ඉටුකිරීම සඳහා අවශ්‍ය දිව්‍යමය උපකාරය ලබා දුන්නා. ස්වර්ගික පියාණන් එලෙසම අප අපගේ ආඥාවන් පිළිපැදීමට උත්සාහ කරනවා නම්, අප එකිනෙකාට සහය දෙනවා. පියාණන් අපට තොරාගැනීමේ නිදහස දුන්නා. අපගේ ජීවිත උනවහන්සේගේ දෑත මතය, සහ අපගේ “දවස් දන්නාසේක” සහ “අඩුවෙන් ගණන් කර නැත.” උන් වහන්සේට ප්‍රේම කරන අයගේ යහපත උදෙසා සියළුම දේ අවසානයේ කටයුතු කරන බව උන්වහන්සේ සහතික වනවා.

අපගේ දිනපතා ආහාරය, ලබා දෙනනේ ස්වර්ගික පියාණන්ය, අපි කන කෑම සහ උන් වහන්සේගේ ආඥා පවත්වා ගැනීමට අපට අවශ්‍ය ශක්තියත් යන දෙකම ඇතුළුව. පියාණන් හොද ත්‍යාගයන් ලබාදෙනවා. උන්වහන්සේ අපගේ යාච්ඤාවලට ඇහුන්කන් දී පිළිතුරු ලබා දෙනවා. ස්වර්ගික පියාණන් අපව නපුරෙන් ගලවා ගන්නවා උන්වහන්සේට අප ඉඩ දුන්විට. අප දුක් විඳින විට ඔහු අප වෙනුවෙන් හඬා වැලපෙවා. අවසානයේදි, අපගේ සියලු ආශීර්වාද පැමිණේ පියාණන්ගෙන්.

ස්වර්ගික පියාණන් අපට මඟ පෙන්වමින් අපගේ ශක්තීන්, දුර්වලතා සහ තේරීම් මත පදනම්ව අපට අවශ්‍ය අත්දැකීම් ලබා දෙනව එමගින් අපට හොඳ ඵල දැරීමට හැකිවනැ පිණිස. පියාණන් අපට ආදරේ නිසා අවශ්‍ය විට දඩුවම් පමුණුවනවා. උන්වහන්සේ “උපදේශකයෙක්,” අපි ඉල්ලු විට උන්වහන්සේ අපට උපදේශ සපයනවා.

ස්වර්ගික පියාණන් අපගේ ජීවිතයට ශුද්ධාත්මයාණන්ගේ බලපෑම මෙන්ම ශුද්ධාත්මයාණන්ගේ දිමනාවද එවනවා. ශුද්ධාත්මයේ දීමනාව මගින් පියාණන්වහන්සේගේ මහිමය—හෝ බුද්ධිය, අලෝකය සහ බලයට අප තුල වාසය කල හැකියි. අප උත්සාහ කරනවා නම් ආලෝකය සහ සත්‍යතාව වර්ධනය කරගන්න අපේ දෑස් දෙවියන්වහන්සේගේ මහිමය දකින තෙක්. ස්වර්ගීය පියාණන් වහන්සේ පොරොන්දුවු ශුද්ධාත්මයාන් එවනු ඇත සදාකාල ජීවනය සඳහා අපව මුද්‍රාකරනු පිනිස සහ උන් වහන්සේගේ මුහුණ අපට එළිදරව් කරන පිණිස — මේ ජීවිතයේදි හෝ ඊලඟ ජිවිතයේදි.

මරණයෙන් පසු ජීවිතය

මරණයෙන් පසු ආත්මික ලෝකය තුල, සුභාරංචිය අවශ්‍ය අය සදහා ස්වර්ගීය පියාණන්වහන්සේ අඛණ්ඩව ශුද්ධාත්මයාණන්වහන්සේවත් ධර්මදූතයනුත් එවනු ලබනව. උන්වහන්සේ යාච්ඤාවලට පිළිතුරු සපයන අතර ඔවුන්ට නොමැති ආරක්ෂාවිමේ වත්පිළිවෙත් ලබා ගැනීමට ඔවුන්ට උදව් කරනවා.

පියාණන් වහන්සේ යේසුස් වහන්සේව නැවත නැගිටුවා උත්ථාන කිරීම පිණිස බලය ලබා දුන්නේය, එතුලින් අපට අමරණීය ශරීර ලබාගැනීමට හැකිවන ලෙස. ගැලවුම්කරුවාගේ ගැළවීම හා උත්තානය යේසුස් වහන්සේ විසින් අපව විනිශ්චය කරනු ලබන ස්ථානය වන පියාණන්වහන්සේගේ අභිමුඛය වෙතට ගෙනයයි.

“ශුද්ධ වූ ගැලවුම්කරුගේ කරුණාව, දයාව සහ අනුග්‍රහය” මත රඳා සිටින අය පියාණන් වහන්සේ වැනි මහිමාන්විත ශරීර ලැබ උන් වහන්සේ සමඟ “සදාකාලික ප්‍රීතියකින්” වාසය කරන සේක. එහිදී, පියාණන් වහන්සේ අපගේ සියලු කඳුළු පිසදමන සේක,උන්වහන්සේ මෙන් වීමට යන ගමනේදි අඛණ්ඩව අපට උපකාර කරන සේක.

ඔබට පෙනෙන පරිදි, ස්වර්ගික පියාණන් අප වෙනුවෙන් සෑම විටම සිටින සේක.

පියාණන්‍‍ගේ ස්භාවය

පියාණන් මෙන් වීමට, අප ඔහුගේ චරිත ගුණාංග වර්ධනය කරගත යුතුය. ස්වර්ගික පියාණන්ගේ පරිපූර්ණත්වය හා ගුණාංග වලට පහත සඳහන් දේ ඇතුලත් වේ:

  • පියාණන්ට “අවසානයක් ‍නොමැත සහ සදාකාලිකය.”

  • උන්වහන්‍සේ පරිපූර්ණ, යුක්තිගරුක, දයානුකම්පිත, කරුණාවන්ත, ඉවසිලිවන්ත වූවෙකු වන අතර, උන්වහන්‍සේ අවශ්‍ය වන්නේ අප‍ට ‍හොදම ‍දේ දීමටයි.

  • ස්වර්ගික පියාණන් යනු ‍ප්‍රේමයයි.

  • උන්වහන්‍සේ තම ගිවිසුම් පවත්වයි.

  • උන්වහන්‍සේ වෙනස් නොවේ.

  • උන්වහන්‍සේ බොරු කීමට නොහැක.

  • පියාණන් වහන්සේ තරාතිරම නොබලන සේක.

  • මුල සිටම-අතීතයේ, වර්තමානය හා අනාගතය ගැන සියල්ල දන්නේය.

  • ස්වර්ගික පියාණන් වඩාත් බුද්ධිමත් අප සියල්ලන්ට වඩා.

  • පියාණන්ට සියලු බලය තිබේඒ වගේම උන්වහන්සේ සිය හදවතින්ම භාරගන්නා සියල්ල ඉටු කරන ‍සේක.

සහෝදර සහෝදරියනී, අපට පියාණන් විශ්වාස කර ඔහු මත රඳා සිටීමට හැකිය. උන්වහන්සේට සදාකාලික ඉදිරි දර්ශනයක් ති‍යෙනව, අපට නොපෙනෙන දේවල් දැකගැනීමට ස්වර්ගික පියාණන්ට පුළුවන්. උන්වහන්‍සේ‍ගෙ ප්‍රිතිය කාර්යය හා මහිමය අපට අමරණීයභාවය හා උත්ථාන ගෙන ඒමයි. උන්වහන්‍සේ‍ කරන සෑම දෙයක්ම අපගේ යහපත සඳහා වේ. උන්වහන්‍සේ‍ට “[අපගේ] සදාකාලික ප්‍රීතිය [අපට] වඩා වැඩි‍යෙන් අවශ්‍යයි.” එමෙන්ම ”[අපට] ‍‍හෝ [අප] ‍ප්‍රේම කරන අයගේ යහපත උදෙසා ‍නො‍වේ නම් උන්වහන්‍සේ‍ [අපි] වඩා අපහසුතාවයන් අත්දකින්න ඕන කියල බලා‍පො‍රොත්තු ‍වෙන්නෑ.” එහි ප්‍රතිඵලයක් වශයෙන්, අපව හෙළා ‍නොදැක විනිශ්චය‍ ‍‍නොකර, ප්‍රගතිය කරා අපව යොමු කිරීමට උන්වහන්‍සේ අවධානය යොමු කරයි.

අපගේ පියාණන් ව‍ගේ විම

දෙවිපියාණන්‍‍ගේ ආත්ම පුත්‍රයන් හා දූවරුන් ලෙස, පියාණන් ‍ව‍ගේ විමට අප සෑම ‍කෙ‍නෙකුටම හැකියාවක් ති‍යෙනව. එසේ කිරීම සඳහා, අප පුත්‍රයානන්ගේ නාමයෙන් පියාණන් වහන්සේට නමස්කාර කළ යුතුය. අපි ට මෙසේ කල හැකියි පියාණන් වහන්සේගේ කැමැත්තට යටත්ව සිටීමට උත්සාහ කිරීමෙන්, හරියට ‍යේසුස් වහන්‍‍සේ කළා හා සේම, සහ නොකඩවා පසුතැවිලි වීමෙන්. අපි මේ දේවල් කරන විට, “කරුණාව සඳහා කරුණාව ලැබෙනවා” පියාණන් වහන්සේගේ සම්පූර්ණත්වය ලැ‍බෙන තෙක් සහ “උන්වහන්‍සේ‍‍ගේ චරිත ලක්ෂණ, පරිපූර්ණත්වය හා ගුණාංග අපට දායාද වන තෙක්.”

අප මැ‍රන සුළු අය වශයෙන් අප කවුරුන්ද සහ ස්වර්ගික පියාණන් ලබා ඇති තත්වය අතර ඇති දුර ප්‍රමාණය සලකා බලන විට, සමහරු සිතනවනම් පියාණන් මෙන්වීම ලබාගත නොහැකි ‍දෙයක් කියා එය පුදුමයක් ‍නොවේ. එසේ වුවත්, ශුද්ධ ලියවිලි පැහැදිලි ය. අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ලෙන් සිටියොත්, පසුතැවී, සහ කිකරුකම තුලින් ‍දෙවියන්වහන්සේ‍ගේ දයාව සොයන්නේ නම්, අවසාන‍යේදි අපි ‍දෙවියන්වහන්සේ ව‍ගේ වන්නෙමු. මම ‍මේ කරුණ නිසා සැනසීමකට පත්වෙනවා කවුරු නමුන් කීකරු වීමට උත්සහ දැරුවිට, “දයාවට දයාව ලබාගනීවී” සහ අවසාන‍යේදි “උන්වහන්සේගේ සම්පූර්ණත්වය ලැ‍‍‍බේවි”. වෙනත් වචන‍යකින් කියනවනම්, අප‍ගේ ස්ව උත්සහ‍යෙන්ම දෙවිපියාණන් හා සමාන විය ‍නොහැක. නමුත්, එය පැමිනේවි දයාවේ ත්‍යාගයක් තුලින්, සමහර ‍දේවල් ‍ලොකුවට නමුත් බහුල වශ‍යෙන් සුළුවට,එය එකිනෙකා තුල ‍ගොඩනැගෙවී අපිට සම්පූර්ණත්වය ලැබෙන තෙක්. නමුත්, සහෝදර සහෝදරියනි එය පැමි‍ණෙනවා!

මම ඔබට ආරාධනා කරනව විශ්වාස කරන්න ඔබව ‍කෙ‍‍සේද උත්කෘෂ්ට කල යුත්තේ යැයි ස්වර්ගික පියාණන් දන්නව කියා; උන්වහන්‍‍සේගේ දිනපතා, ස්තීරකිරිමේ උදව් ‍සොයන්න; සහ ඔබට ‍දෙවියන් වහන්‍‍සේ‍ගේ ආදරය දැනෙන්නැති අවස්ථාවක වුනත් ක්‍රිස්තුස්වහන්සේ තුල විස්වාස‍යෙන් ඉදිරියට යන්න.

පියාණන් ව‍ගේ ‍වෙන්න ‍‍ගොඩක් ‍දේවල් තියෙනව අපිට ‍‍තෙ‍‍රෙන්නැති. නමුත් මට සහතිකව සාක්ෂි දරන්න පුළුවන් පියාණන් මෙන් වීමට උත්සාහ කිරීමේ සෑම කැපකිරිමක්ම වටින බව. මැරෙන සුළු ජීවිතයේදී අපි කරන කැප කිරීම්, ඒවා කොපමණ විශාල වුවත්, දෙවියන්වහන්සේගේ අභිමුඛයේදී අපට දැනෙන මිනිය නොහැකි ප්‍රීතිය, සතුට, සහ ආදරයට සමාන කල නොහැක. ඔ‍බෙන් ඉල්ලා සිටින කැප කිරීම් වටිනවාද කියා විශ්වාස කරන්න ඔබ අරගල කරනවා නම්, ගැළවුම්කාරුවාණන් ඔබව කැඳවමින්, මෙ‍සේ පවසනව, “ඔබ තවම අවබෝධ කර ගෙන නෑ පියාණන් වහන්සේ කොපමණ මහත් ආශීර්වාද … ඔබ වෙනුවෙන් පිළියෙල කර ති‍යෙනවද කියා; … ඔබට දැන් සියල්ල දරාගන්න බැහැ; එසේ වුවද, ‍හොදින් සතුටු ‍වෙන්න, මම ඔබට දිගටම මග‍ ‍පෙන්වන්නෙමි.”

මම සාක්ශි දරනව ඔබගේ ස්වර්ගික පියාණන් ඔබට ‍ප්‍රේම කරනවා සහ ඔබ උන්වහන‍සේ සමග නැවත ජීවත්වීමට අවශ්‍ය කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ‍ගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. Notes in possession of the author; see also D. Melinda Ashton, “The Holy Ghost: Direction, Correction, and Warning” (Brigham Young University Women’s Conference, Apr. 28, 2016), byutv.org.

  2. Lectures on Faith (1985), 38.

  3. පවුල: ලෝකයට ප්‍රකාශයක්,”බලන්න. ලියහොනා, මැයි 2017, 145; “Mother in Heaven,” Gospel Topics, topics.lds.org.

  4. අපි අපගේ පියාණන්වහන්සේ හොඳින් දැන සිටි නිසා අපේ ආත්මය තවමත් උන්වහන්සේට අබ්බා, යනුවෙන් ඇමතීමට අශා කරන බව අපොස්තුළු ‍පාවුළු තුමන් සදහන් කරනවා. අබ්බා යනු “තාත්තේ” යන්නයි, එය අපට අතිශයින් හුරුපුරුදු වූ පියවරුන් සඳහා වෙන්වූ වචනයකි. (රෝමන් 8:15බලන්න).

  5. දහම සහ ගිවිසුම 130:22.බලන්න.

  6. දහම සහ ගිවිසුම132:19–20 බලන්න.

  7. මතෙව් 5:48; ඒ වගෙම බලන්න also 2 පේදුරු 1:3–8

  8. මෙම ‍කොන‍්දේසිවලට ඇතුලත් වුනා අපගේ පළමු තත්වය තබා ගැනීම (ආබ්‍රහම්3:26බලන්න) සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ඔහුගේ වන්දි‍ගෙවීම තුල ක්‍රියා කිරිම, පසුතැවීම, දෙවියන් වහන්සේගේ පූජක පදවිය දැරූ කෙනෙකු විසින් ගිල්වීමෙන් බව්තීස්ම වීම, ශුද්ධාත්මයේ දීමනාව ලැබීම, අවසානය දක්වා විඳදරාගැනීම(3 නෙපි 27:16–20).

  9. සභාපති ඩාලින් එච්. ඕක්ස් ඉගැන්නුව: “මෙම පණිවිඩයට ඇහුම්කන් දෙන අය සමහරවිට කියයි, ‘නමුත් මා ගැන කුමක් ද?’ බොහෝ සුදුසුකම් සහිත හා පුදුමාකාර පසුදවස්වල සාන්තුවරයින්ට ඔවුන්ගේ ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය වර්තමාන කදිම අවස්ථාවන් හා අත්‍යවශ්‍ය සුදුසුකම් නොමැති බව අපි දනිමු. තනිකඩභාවය, දරුවන් නොමැත්කම, මරණය, සහ දික්කාසාද, කලකිරීමට පත්විම සහ පොරොන්දුවේ ආශීර්වාද ඉෂ්ඨ කිරීම කල් දමයි. … නමුත් මෙම කලකිරීම් තාවකාලිකයි. සදාකල්හි ආඥා පිළිපදීන, ඔවුන්ගේ ගිවිසුම්වලට එකඟව, හරි දෙය කරන” උන්වහන්සේගේ පුත්‍රයන් හා දූවරුන්ව ආශිර්වාද නොකර නොසිටින බවට සමිඳාණන් වහන්සේ පොරොන්දු වී තිබේ”. (“The Great Plan of Happiness,”Ensign, Nov. 1993,75).

  10. මොසායා 2:41බලන්න.

  11. ඇල්මා 42:5; එය තව දුරටත් නම් කරනු ලැබුවා මුදවා ගැනීමේ සැලස්ම ලෙස (උදාහරනයක් ලෙස, බලන්න, යාකොබ් 6:8) සහ ප්‍රීතියේ සැලස්ම(ඇල්මා 42:8, 16බලන්න).

  12. යෝබ් 38:4–7බලන්න.

  13. උදාහරණයක් ලෙස බලන්න,හෙබ්‍රෙව් 5:8; 12:11; ඊතර් 12:27. අවම වශයෙන් මුලදී, භෞතික ජීවිතයේ මුහුණ දීමට සිදු වන අභියෝගයන්, අපේ සීමිත අවබෝධය නිසා, අපට පොරොන්දු වූ බොහෝ ආශීර්වාද ලබා ගැනීම වලක්වයි. මෙම පෙනෙන ප්‍රතිවිරෝධතා නොතකා, අප විශ්වාසවන්තව සිටිමු නම් දෙවියන් වහන්සේ අපට පොරොන්දු වන සෑම ආශීර්වාදයක්ම දෙනු ඇත.

  14. බලන්න ලූක් 1:31–35; යොහන් 1:14; 1 නෙපි 11:18–21; Guide to the Scriptures, “Jesus Christ,” scriptures.lds.org.

  15. දහම සහ ගිවිසුම 93:4–5, 16–17, 19–20බලන්න.

  16. මෝසෙස් 7:32බලන්න.

  17. දහම සහ ගිවිසුම122:9බලන්න.

  18. රෝම 8:28 බලන්න.

  19. මතෙව් 6:11බලන්න.

  20. See N. Eldon Tanner, “The Importance of Prayer,” Ensign, May 1974, 50–53.

  21. ලූක් 11:10–13; යාකොබ් 1:17බලන්න.

  22. ලූක් 11:5–10; ජෝසප් ස්මිත්පරිවර්තනය, ලූක් 11:5–6(ලූක් 11:5, පාද සටහන් ); 3 නෙපි 13:6 බලන්න.

  23. මතෙව් 6:13බලන්න.

  24. මෝසෙස් 7:31–40බලන්න.

  25. යාකොබ් 1:17බලන්න.

  26. යොහන්15:1–2; දහම සහ ගිවිසුම 122:6–7බලන්න.

  27. හෙබ්‍රෙව් 12:5–11; දහම සහ ගිවිසුම 95:1බලන්න.

  28. මෝසෙස් 7:35

  29. ඇල්මා 37:12, 37බලන්න.

  30. යොහන් 14:26; 2 නෙපි 31:12බලන්න.

  31. යොහන් 17:21–23, 26; දහම සහ ගිවිසුම 93:36බලන්න.

  32. දහම සහ ගිවිසුම 76:53; 88:67–68බලන්න.

  33. 1 ප්‍රේදුරු 4:6 බලන්න. වැඩිහිටි මෙල්වින් ජේ. බැලර්ඩ්, ඔහු බව්තීස්ම කල පුද්ගලයෙකු පල්ලියට එකතු වූයේ මන්දැයි කථා කරමින්, කිව්වා, “එය මට දැනුම් දුන්නා ආත්මික ලෝකයේ ඔහුගේ මුතුන් මිත්තන් මීට වසර ගණනාවකට පෙර සුභආරංචිය පිළිගෙන ඇති අතර, අය යාච්ඤා කරමින් සිටියා පොළොවේ සිටින ඔවුන්ගේ පවුල්වල කවුරුන් හෝ ඔවුන් සඳහා දොර විවෘත කරන තෙක්. ඔවුන්ගේ යාච්ඤාවන්වලට වටිනාකමක් එකතු කරමින් ස්වාමිණන්වහන්සේ විසින් මෙම මිනිසාගේ දොරටුවට මිෂනාරිවරුන් යොමු කළ හ” (in Melvin R. Ballard, Melvin J. Ballard, Crusader for Righteousness [1966], 250).

  34. මොර්මන් 7:5–6 බලන්න; එසේම බලන්න යොහන් 5:21, 26; 1 කොරොන්ති 6:14; 2 නෙපි 9:11–12; ඇල්මා 40:2–3; ; 3 නෙපි 27:14.

  35. යොහන් 5:22; යාකෙබ්6:9; ඇල්මා 11:44; හීලමන් 14:15–18 බලන්න. ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම, ආදම්ගේ වැටීමෙන් ඇති වන සියලු බලපෑම් ජයගනී. ශාරීරික හා ආත්මික මරණය ඇතුළුව, දෙකම ජයගැනීම අපගේ ස්වර්ගික පියාණන් වෙතට නැවත යාමට අපට ඉඩ සලසනු ඇත. ඔවුන්ගේ පව් ගැන පසුතැවිලි වූ අය පියාණන් හා පුත්‍රයා සමඟ සදාකාලිකව ජීවත් වනු ඇත. කෙසේ වෙතත්, පසුතැවීමට අසමත් වූ අය දෙවන මරණයට භාජනය කරනු ඇත, ඔවුන්ගේම පව් නිසාම. (හීලමන් 14:15–18බලන්න).

  36. 2 නෙපි 2:8.

  37. දහම සහ ගිවිසුම 76:56; 88:28–29බලන්න.

  38. මොසායා 2:41.

  39. එලිදරව් 7:17බලන්න.

  40. මෝසෙස් 7:30බලන්න. ස්වර්ගික පියාණන් දිගටම සෝදිසියෙන් සිටි ටෙරෙස්ටියල් රාජ්‍යයේ සිටින අයට සේවය සපයා දෙනවා යේසුස් ක්‍රිස්තුස්ගේ සහ සෙලෙසටියල්හි සිටින අය සමග (දහම සහ ගිවිසුම 76:77, 87බලන්න) ඒ වගේම ටෙලෙස්ටියල් රාජධානියේ සිටින අයට, ශුද්ධාත්මයාණන්ගේ හා දේවදූතයන්ගේ දේවසේවාවන් ඔස්සේ සපයනවා. (දහම සහ ගිවිසුම 76:86, 88 බලන්න).

  41. මෝසෙස් 7:35; ඒ වගෙම බලන්න ගීතාවලයේ 90:2.

  42. ගීතාවලයේ 103:6–8; ලූක් 6:36; මෝසෙස් 7:30 බලන්න.

  43. 1 යොහාන් 4:16 බලන්න.

  44. දහම සහ ගිවිසුම 84:40 බලන්න.

  45. යාකොබ් 1:17 බලන්න.

  46. ගණන් කතාව 23:19 බලන්න.

  47. ක්‍රියා 10:34–35බලන්න.

  48. 1 නෙපි 9:6; දහම සහ ගිවිසුම130:7බලන්න.

  49. ශබ්දකෝෂය. නිර්වචනය කරයිබුද්ධිය“ඉගෙනීම, තර්කණය, අවබෝධය සහ සමාන ආකාරයේ මානසික ක්‍රියාකාරකම් සඳහා ඇති හැකියාව, සත්‍යයන්, සබඳතා, කරුණු, අර්ථය, ආදිය තවත් දේ.” සහ දැනුම යනුවෙන් හැඳින්වේ.

  50. ආබ්‍රහම් 3:19බලන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට වඩා මහිමාන්විත, සම්පූර්ණ බුද්ධිමත් කෙනෙක්.

  51. හෙලිදරව් 21:22බලන්න.

  52. ආබ්‍රහම් 3:17 බලන්න.

  53. මෝසෙස් 1:39 බලන්න.

  54. Richard G. Scott, “Trust in the Lord,” Ensign, Nov. 1995, 17.

  55. Richard G. Scott, “Trust in the Lord,” 17.

  56. යොහන් 5:22; මෝසෙස් 1:39 බලන්න. අපව පහත් කරනු ලබන්නේ සාතන් සහ අප විසින්මයි. (හෙලිදරව් 12:10; ඇල්මා 12:14බලන්න).

  57. යොහාන් 4:23; දහම සහ ගිවිසුම18:40; 20:29 බලන්න.

  58. 3 නෙපි 11:11; දහම සහ ගිවිසුම 93:19–20 බලන්න

  59. අපි දෙවියන්වහන්සේ වගේ වීමට අපගේ ස්වභාවය වෙනස් කරගන්නා ක්‍රියාවලිය පසුතැවිලිවීමයි. එමනිසා, අප දිගින් දිගටම පසුතැවිලි වීමට අවශ්‍යයි, “අපි යම් වරදක්” කල පසු පසුතැවිලි වීම පමණක් නොවේ.

  60. දහම සහ ගිවිසුම 93:19–20බලන්න.

  61. විස්වාසය සදහා උපදෙස්,38; සහ මොරෝනි 7:48; 10:32–33; දහම සහ ගිවිසුම 76:56, 94–95; 84:33–38ද බලන්න.

  62. දහම සහ ගිවිසුම 93:20; අවධාරණය කිරීම් සහිතයි.

  63. මොරෝනි 10:32–33; දහම සහ ගිවිසුම 76: 69, 94–95 බලන්න.

  64. උන්වහන්සේ මෙන් විමේ ක්‍රියාවලිය පිලිබදව දෙවියන් වහන්සේට හෙළි කිරීමට බැරි සහ නොකරන්නේ ඇයි? මම අවංකවම හැම හේත්වක්ම දන්නෑ. ඒත් මට අඩුම තරමින් තේරුම් ගිය කාරණා දෙකක් තිබෙනවා. පළමුවැන්න නම් සමහර දේවල් අපගේ භෞතතික තත්වයේදි සරලව තේරුම්ගත නොහැකි වීමයි(දහම සහ ගිවිසුම78:17බලන්න). එය හරියට මධ්‍යන කාලීන යුගයේ ජීවත් වූ කෙනෙකු වෙත අන්තර්ජාලය පැහැදිලි කිරීමට උත්සාහ කිරීම හා සමාන විය හැකිය. දෙවැන්න නම්, දයාවේ තෑගි දීම බොහෝ විට අපි අප වෙත පැමිණෙන්නේ අප නොදැනුවත්වම කලබල වී අරගල කිරීම හෙතුවෙනුන් නිසා.

  65. පරිපූර්ණත්වයට පත් කිරීම සඳහා අප විසින් කරන ලද පරිත්යාගයන් අත්‍යවශය වනු ඇත(බලන්න ජෝසප් ස්මිත් පරිවර්ථන, හෙබ්‍රෙව් 11:40 [ හෙබ්‍රෙව් හි11:40, පාද සටහන් ]).

  66. රෝම 8: 18 බලන්න

  67. දහම සහ ගිවිසුම 78: 17–18.