“නිරන්තර යාච්ඤාවෙන් ඔබේ ආත්මය පෝෂණය කරන්න,” ලියහෝනා , 2024. අප්‍රියෙල්
මාසික ලියහෝනා පණිවිඩය, 2024 අප්‍රියෙල්
නිරන්තර යාච්ඤාවෙන් ඔබේ ආත්මය පෝෂණය කරන්න
අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේ සමඟ සන්නිවේදනය කිරීමේන් ලබන අධ්යාත්මික පෝෂණය අපට අවශ්යයි, එය සෑම තැනකම සහ සෑම විටම අපට ලබා ගත හැකි ආශීර්වාදයකි.
ඊනොස් නිරූපණය කරන නළුවාගේ ඡායාරූපය මැට් රියර් විසිනි
අප සියලු දෙනා කුසගින්නෙන් පෙළී ඇත. කුසගින්න යනු පෝෂණය අවශ්ය බව අපට පැවසීමේ ශරීරයේ ක්රමයයි. සහ අපට කුසගින්න ඇති විට, කල යුතුදෙ කුමක්ද කීයාත් අප දන්නවා —ාඅහාර ගැනීම.
අපට අධ්යාත්මික පෝෂණය අවශ්ය වූ විට අපට දැනුම් දීමේ ක්රම ද අපගේ ආත්මයන් සතුව ඇත. නමුත් ශාරීරික කුසගින්නට වඩා හුදෙක් අධ්යාත්මික කුසගින්න නොසලකා හැරීම අපට පහසු බව පෙනේ.
අපට කුසගිනි වූ විට ආහාරයට ගත හැකි ආහාර වර්ග රාශියක් ඇති සේම, අපගේ අධ්යාත්මික කුසගින්න පිරවීම සඳහා අපට කළ හැකි විවිධ දේ තිබේ. නිදසුනක් වශයෙන්, අපට “ක්‍රිස්තුස්වහන්සේගේ වචන භුක්ති විඳින්න” පුළුවන් (2 නෙපී 32:3)ශුද්ධ ලියවිලි වල සහ අනාගතවක්තෘවරුන්ගේ වචන හරහා. අපට නිරන්තරව සභාවට සහභාගී වී සක්රමේන්තුව ලබා ගත හැකිය (බලන්න දහම සහ ගිවිසුම් 59:6). අපට දෙවියන්වහන්සෙට සහ උන්වහන්සේගේ දරුවන්ට සේවය කල හැකිය. (බලන්න මොසායා 02:17).
නමුත් අපගේ තත්වයන් කුමක් වුවත්, අපගේ ජීවිතයේ සෑම මොහොතකම, සෑම විටකදීම අපට ලබා ගත හැකි අධ්යාත්මික පෝෂණයේ තවත් මූලාශ්‍රයක් තිබේ. අපට සෑම විටම ස්වර්ගීය පියාණන්වහන්සේ සමඟ යාච්ඤා ව තුලින් සන්නිවේදනය කළ හැකිය.
“මාගේ ආත්මය කුසගින්නාන් පෙළුණි”
අනාගතවක්තෘ ඊනෝස් වන සතුන් දඩයම් කරන විට, “[ඔහුගේ] පියා නිතර කියනු ඇසූ සදාකාල ජීවනය සහ ශුද්ධවන්තයින්ගේ ප්රීතිය ගැන වචන” ගැන ඔහු සිතුවේය. මෙම වචන “[ඔහුගේ] හදවතේ ගැඹුරට ගිලී ගියේය” (ඊනොස් 1:3).
ඊනොස් මෙම ආත්මීක භාවෙයන් සිටිය බැවින්, ඔහුට දැඩි අවශ්යතාවක් දැනුණි: “මාගේ ආත්මයකුසගින්නාන් පෙළුණි,” ඔහු පැවසීය.(ඊනොස් 1:4; අවධාරණය එකතු කරන ලදී)
මෙම ආත්මීක පෝෂණයේ අවශ්යතාව, අධ්යාත්මික කුසගින්න ඔහුට දැනුන විට ඊනොස් කළේ කුමක්ද? ඔහු පැවසුවා ,“මගේ මැවුම්කරුවාණන් ඉදිරියෙ දණින් වැටුනි,” “තවද මාගේ ආත්මය උදෙසා බලවත් යාච්ඤාවෙද ඉල්ලීම්වලින්ද මම උන්වහන්සේට මොර ගැසුවෙමි” ( ඊනොස් 1:4 )
ඊනෝස්ගේ අධ්යාත්මික කුසගින්න කෙතරම් විශාලද යත්, ඔහු යාච්ඤා කළේ “දවස පුරාම … රාත්රිය පැමිණි කල එය අහසට ළඟා වන පිණිස [ඔහු] හඬ ඉහළට ඔසවා තැබුවේය. “ (ඊනෝස් 1:14). අවසානයේ දී, දෙවියන් වහන්සේ ඔහුගේ යාච්ඤාවට පිළිතුරු දී ඔහුගේ පව් වලට සමාව දුන් සේක. ඊනෝස්ට දැනුනේ තමාගේ වරදකාරිත්වය පහව ගිය බවයි. නමුත් ඔහුගේ අධ්යාත්මික පෝෂණය එතැනින් අවසන් වූයේ නැත.
ඔහු යේසුස් ක්රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ලේ බලය ගැන ඉගෙන ගත් අතර, ඔහු තම සෙනඟ වෙනුවෙන් ඔහුගේ මුළු ආත්මය වැගිරෙව්වා—ඔහුගේ සතුරන්ට පවා. ඔහු සමිඳාණන් වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර උන්වහන්සේගෙන් පොරොන්දු ලබා ගත්තේය. ඊනෝස්ගේ බලවත් යාච්ඤාවෙන් පසු, ඔහු තම සෙනඟ අතරට ගොස් ඔහු ඇසූ සහ දුටු දේවල් ගැන අනාවැකි කියමින් සාක්ෂි දුන්නේය. (බලන්න ඊනෝස් 1:5-19.)
සෑම යාච්ඤාවකටම එවැනි නාට්යමය ආකාරයකින් පිළිතුරු නොලැබෙනු ඇත, නමුත් යාච්ඤාව සමඟ අපගේ අත්දැකීම් තවත් අර්ථවත් විය හැකි අතර ජීවිතය වෙනස් වේ. යාච්ඤාව සමඟ එනෝස්ගේ අත්දැකීම් වලින් අපට වැදගත් පාඩම් කිහිපයක් ඉගෙන ගත හැකිය. උදාහරණයක් ලෙස:
-
ශුභාරංචිය තුල සම්පූර්ණයෙන්ම ජීවත් වීමට උත්සාහ කිරීම අපගේ අධ්යාත්මික කුසගින්න තේරුම් ගැනීමට අපට උපකාරී වේ.
-
අපගේ අධ්යාත්මික කුසගින්න, ස්වර්ගික පියාණන්ගේ උපකාරය පැතීමට අපව දණගස්වා ගත හැක. .
-
ස්වර්ගීය පියාණන්ට යාච්ඤා කිරීම අපගේ ආත්මික කුසගින්න තෘප්තිමත් කිරීමට උපකාරී වේ - පසුව සමහරක්.
-
අපට ඕනෑම වෙලාවක,ඕනෑම තැනක යාච්ඤා කල හැක.
-
අපට පසුතැවිලි වීමට යාච්ඤාව උපකාර කරයි.
-
යේසුස් ක්රිස්තුස් වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට යාච්ඤාවට හැකිවේ.
-
අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේ අපට ඇහුම්කන් දෙන බවත්, අප ගැන දන්නා බවත් අපට පෞද්ගලික සාක්ෂියක් ලබා ගත හැකිය.
-
යාච්ඤාව තුළින් අප ලබන සාක්ෂිය සහ ශක්තිය අන් අයට සේවය කිරීමට සහ ශක්තිමත් කිරීමට අපට උපකාරී වේ.
යාච්ඤාවේ බලය පිළිබඳ මගේ අත්දැකීම.
ඊනොස් මෙන්, මම මෙම පාඩම් සමහරක් පුද්ගලික අත්දැකීම් තුළින් ඉගෙන ගත්තෙමි. මගේ දෙමාපියන් මම කුඩා කාලයේදීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවට සම්බන්ධ වූ අතර මම බව්තීස්ම වූයේ මට වයස අවුරුදු අටේදීය. මගේ ස්වර්ගීය පියාණන් සහ යේසුස් ක්‍රිස්තුස්, උන්වහන්සේගේ නැවත පිහිටවනු ලද ශුභාරංචිය සහ උන්වහන්සේගේ සභාව ගැන මගේ හදවතේ සෑම විටම හොඳ, උණුසුම් හැඟීමක් තිබුණා. නමුත් මම මේ දේවල්වල සත්‍යතාව ගැන යාච්ඤා කිරීමට පැමිණියේ මට වයස අවුරුදු 16කට ආසන්න කාලයකදීය.
මගේ දේවානුභාවයෙන් යුත් සභානායකවරයා යෞ වන ඉරුදින පාසල් පන්තියක ඉගැන්වීමට මගෙන් ඉල්ලා සිටියා. යාච්ඤාව තුලින් ශුභාරංචිය පිළිබඳ සාක්ෂියක් අපට ලබාගත හැකි ආකාරය ගැන පාඩමක් ඉගැන්වීමට මට නියමිතව තිබුණි. මගේ සභානායකවරයාගේ මෙම පැවරුම මගේම සාක්ෂිය ගැන වඩාත් ගැඹුරින් සිතීමට හේතු විය. මම මෝමන්ගේ පොත අධ්‍යයනය කිරීමට කාලය ගත කර තීබූ අතර සභාව සත්ය බව සැම විටම දැනුණි. මම සෑම විටම ගැළවුම්කාරයානන්වූ යේසුස් ක්රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කළෙමි, නමුත් මොරොනි 10: 4-5 හි ඇති මොරොනිගේ පොරොන්දුව මම කිසි විටෙකත් සිතට ගත්තේ නැත. ශුභාරංචියේ සත්යතාව ගැන මම කවදාවත් යාච්ඤා කර නැත.
යාච්ඤාව තුළින් සාක්ෂියක් ලබා ගන්නේ කෙසේදැයි මම මෙම තරුණයින්ට ඉගැන්වීමට යන්නේ නම්, මමම සාක්ෂියක් සඳහා යාච්ඤා කළ යුතු බව මගේ හදවතට දැනුණු බව මට මතකයි. මාගේ ආත්මය කුසගින්නාන් පෙළුණි—සමහර විට ඊනෝස්ට වඩා වෙනස් ආකාරයකින්, කෙසේ වෙතත් මට අධ්යාත්මික අවශ්යතාවක් දැනුණි.
මම පාඩම සූදානම් කරන විට, මට දැනුණු සත්යය තහවුරු කිරීම සඳහා. මම දණින් වැටී මගේ හදවතේ ආශාව මගේ ස්වර්ගීය පියාණන්ට ඉදිරිපත් කළෙමි. මම විශාල ප්රකාශවීමක් බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් ශුභාරංචිය සත්යදැයි මම ස්වාමින් වහන්සේගෙන් විමසූ විට, මගේ හදවතට ඉතා මිහිරි හැඟීමක් ඇති විය—එය සත්යයක් බවත්, මා කරන දේ දිගටම කළ යුතු බවත් මට තහවුරු කරන කුඩා කටහඬකි.
ඒ හැඟීම කොතරම් ප්රබලද යත්, මට එම පිළිතුර නොසලකා හැර මා නොදන්නා බව කිසිවිටක පැවසිය නොහැක. මම ඒම දවසම සතුටින් ගත කළේමි. මගේ මනස ස්වර්ගයේ මගේ හදවතේ තියෙන සුන්දර හැඟීම ගැන මෙනෙහි කරමින්.
ඊළඟ ඉරුදින, මම මගේ පංතියේ මිතුරන් තුන් හතර දෙනෙකු ඉදිරිපිට සිටගෙන සිටියෙමි, ඔවුන් සියල්ලෝම මට වඩා බාල විය. ඔවුන්ට ඇදහිල්ල ඇත්නම් ස්වර්ගීය පියාණන් වහන්සේ ඔවුන්ගේ යාච්ඤාවට පිළිතුරු දෙන බවට මම සාක්ෂි දැරුවෙමි.
ස්වර්ගීය පියා ණන්වහන්සේ ඇදහිල්ලෙන් කරන යාච්ඤාවලට පිළිතුරු දෙන බවට— වැඩිහිටි සොරෙස් තරුණයෙකු ලෙස ලැබුණු පිළිතුරු සහිත යාච්ඤාව—ධර්මදූකයෙකු (ඉහත), පියෙකු සහ ස්වාමිපුරුෂයෙකු සහ අපොස්තුළු වරයෙකු ඔහුට සාක්ෂි දීමට ඉඩ ලබා දී ඇත.
එතැන් සිට, මෙම සාක්‍ෂිය මා තුල රැඳුණි. විශේෂයෙන්ම අභියෝගවලට මුහුණ දුන් අවස්ථාවලදී තීරණ ගැනීමට එය මට උපකාරී වුවා. එදින එම යාච්ඤාව,වසර ගණනාවක් පුරා මට ලැබුණු අමතර සාක්ෂින් සමඟ, ඇදහිලිවන්තව යාච්ඤා කරන්නේ නම් ස්වර්ගීය පියාණන්ගෙන් පිළිතුරු ලබා ගත හැකි බව විශ්වාසයෙන් යුතුව, ජනතාවට සාක්ෂි දීමට මට ඉඩ ලබා දී ඇත. ධර්ම දූතයෙක් ලෙසත්, සභා නායකයෙකු ලෙසත්, පියෙකු සහ ස්වාමිපුරුෂයෙකු ලෙසත්, අදටත් අපොස්තුළුවරයෙකු ලෙසත් මා සාක්ෂි දී ඇති පරිදි මෙය සත්ය වී ඇත.
යාච්ඤාව කවදාද සහ කුමක්ද
ඇත්ත වශයෙන්ම, අපි විශේෂයෙන් ශක්තිමත් ආත්මික අවශ්යතාවක් දැනෙන විට පමණක් අපි යාච්ඤා නොකරමු . එබැවින්, අපි යාච්ඤා කළ යුත්තේ කවදාද? අපි යාච්ඤා කළ යුත්තේ කුමක් සඳහාද? කෙටි පිළිතුර නම් ඕනෑම වේලාවක සහ ඕනෑම දෙයකට ය.
දෙවියන්වහන්සේ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ ය. මෙය දැන ගැනීමෙන් අප යාච්ඤා කරන ආකාරය වෙනස් වේ. අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ඉගැන්වූයේ: “දෙවියන් වහන්සේ පිළිබඳ දැනුමක් ඇති විට, අපි උන්වහන්සේ වෙත ළඟා විය යුතු ආකාරය සහ පිළිතුරක් ලබා ගැනීම සඳහා විමසන්නේ කෙසේද යන්න දැන ගැනීමට පටන් ගනිමු. … අපි උන් වහන්සේ වෙතට පැමිණීමට සූදානම් වූ විට, උන් වහන්සේ අප වෙත පැමිණීමට සූදානම් ය.”1
අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේ සැමවිටම අපට ඇහුම්කන් දීමට සූදානම් වන අතර අප උන්වහන්සේට නිතිපතා හා නිතරයෙන් යාච්ඤා කිරීම අවශ්යය. අපි “අපගේ සියලු ක්රියාවන්හි දී ස්වාමීන් වහන්සේගෙන් උපදේශයන් ගත යුතුය” (අල්මා 37:37 )උදෑසන, දහවල් සහ රාත්රිය යාච්ඤා කළ යුතුය. අප නිවසේ, රැකියාවේදී, පාසැලේදී - අප කොතැනක සිටියත් සහ අපගේ ඕනෑම උත්සාහයක් සඳහා යාච්ඤා කළ යුතුය (බලන්නඇල්මා 34:17-26)
අපි අපේ පවුල්වල යාච්ඤා කළ යුතුයි (බලන්න 3 නෙපි 18:21). අප යාච්ඤා කළ යුත්තේ “වාචිකව සහ [අපගේ] හදවතින්, ප්රසිද්ධියේ සහ පෞද්ගලිකව”(දහම සහ ගිවිසුම් 81:3 බලන්න). තවද “[අපි] සමිඳාණන් වහන්සේට මොර නොගසන විට, [අපගේ] හදවත් නිතර සම්පූර්ණව තබාගන්න, [අප] අවට සිටින අයගේ සුභසිද්ධිය සඳහාද නිරතුරුවම උන් වහන්සේ වෙත යාච්ඤාවෙන් නිරතව සිටින්න” (අල්මා 34:27). අප සැමවිටම යේසුස් ක්රිස්තුස්වහන්සේගේ නාමයෙන් පියාණන් වහන්සේට යාච්ඤා කළ යුතුය (බලන්න 3 නෙපී 18:19–20).
ජෝසෆ් ස්මිත්ගේ නිදර්ශනය,වෝල්ටර් රනේ විසින්, පිටපත් නොකළ හැකිය
අපගේ ස්වර්ගික පියාණන් වෙත ළඟා වීම
ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේට අපට ආශීර්වාද කිරීමට අවශ්‍යයි. අපි ඉල්ලා සිටින්නේ නම්—උන්වහන්සේ එසේ කරන සේක. අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ඉගැන්වූයේ, “ මතක තබා ගන්න ඉල්ලීමෙන් තොරව අපට කිසිවක් ලැබිය නොහැකි බව; එබැවින් ඇදහිල්ලෙන් ඉල්ලන්න, එවිට දෙවියන් වහන්සේ ඔබට ප්‍රදානය කිරීමට සුදුසු යැයි සිතන එවැනි ආශීර්වාද ඔබට ලැබෙනු ඇත.”2
අපගේ නිතිපතා හා නිරන්තර යාච්ඤා අපගේ කුසගින්නෙන් පෙළෙන ආත්මයන්ට අධ්යාත්මික පෝෂණයයේ සමබර ආහාර වේලක අත්යවශ්ය අංගයකි. යාච්ඤාව තුළින් සෑ ම තැනකම සහ සෑම විටකම ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ සන්නිවේදනය ලබා ගත හැකි යී .
මාගේ ප්රියතම ශුද්ධ ලියවිල්ලක් උගන්වන්නේ අප යාච්ඤා කිරීමට දණගැසූ විට අපගේ ස්වර්ගීය පියාණන් වෙත ළඟා විය යුතු ආකාරයයි: “නුඹ යටහත් වන්න; තවද නුඹගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේ නුඹව හස්තයෙන් මඟපෙන්වනු ලබන්නේය, තවද නුඹගේ යාච්ඥාවන්ට නුඹට පිළිතුරු දෙනු ලබන්නේය.”(දහම සහ ගිවිසුම් 112:10) අප නිහතමානී හා කීකරු වූ විට, ස්වර්ගීය පියාණන් වහන්සේ අප සමඟ සිටිනු ඇති සේක. උන්වහන්සේ අතින් අපව මෙහෙයවනු ඇත. උන්වහන්සේ අපව දිරිමත් කරනු ඇත කොතැනට යා යුතුද සහ කුමක් කළ යුතුද යන්න. උන් වහන්සේගේකැමැත්තපරිදී මාර්ගය, වේලාව සහ අපට යහපත් දේ පිළිබඳ පැහැදිළි දැනුමක් අනුව උන්වහන්සේ අපගේ යාච්ඤාවලට පිළිතුරු දෙනු ඇත.
අප මෙය මතක තබා ගත යුතු අතර දෙවියන් වහන්සේගේ සිංහාසනයට ළඟා වීමට සහ උන් වහන්සේගේ අතින් ආශීර්වාද ලබා ගැනීමට ඇති අවස්ථාවන් අගය කළ යුතුය.
© 2024 by Intellectual Reserve, Inc. සියලු හිමිකම් ඇවිරිණි. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. 2024 ජූනිමාසික ලියහෝනා පනිවිඩය, හි පරිවර්තනයකි. Language. 19283 408