2023
දේවමාළිගාවට ඇතුළු වීමට සූදානම් වීම
2023 දෙසැම්බර්


“දේවමාළිගාවට ඇතුළු වීමට සූදානම් වීම,” ලියහෝනා, 2023 දෙසැම්බර්

මාසික ලියහෝනා පණිවිඩය, 2023 දෙසැම්බර්

දේවමාළිගාවට ඇතුළු වීමට සූදානම් වීම

මිනිසුන් ඔග්ඩන් යූටා දේවමාළිගාව දක්වා ගමන් කරමින්

ඔග්ඩන් යූටා දේවමාළිගාවේ ඡායාරූපය මාර්ක් බෲන්සන් විසිනි

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ දේවමාළිගා වල අපට සහ අපගේ මුතුන් මිත්තන් සඳහා පූජනීය ගිවිසුම් සහ නියෝග ලබා ගත හැක. අපි දේවමාළිගාවට යන්නේ ස්වර්ගීය පියාණන්ට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අපගේ ආදරය හා කෘතඥතාව පෙන්වීමටය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඉගෙනගෙන ජීවත් වීමෙන් දේවමාළිගාවට පැමිණීමට අපට සූදානම් විය හැක. දේවමාළිගා පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, “දේවමාළිගා කාර්යයන්” යන 2021 ඔක්තෝබර් කලාපයේ ලියහෝනා හි ශුභාරංචි මූලික ලිපිය බලන්න.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් දේවමාළිගාව පිටත වචන

දකුණු අප්‍රිකාවේ ඩර්බන් දේවමාළිගාවේ ඡායාරූපය මැතිව් රියර් විසිනි

ස්වාමින්වහන්සේගේ ගෘහය

දේවමාළිගාව හඳුන්වන්නේ “ස්වාමින්වහන්සේගේ ගෘහය” යනුවෙනි. ඒවා දෙවියන්වහන්සේගේ ආත්මය සහ අප කෙරෙහි උන්වහන්සේගේ ප්‍රේමය අපට දැනිය හැකි පූජනීය ස්ථාන වේ. ඒවා අපට ගිවිසුම් ඇති කර ගත හැකි සහ සදාකාල ජීවනය ලැබීමට අපව සූදානම් කරන විශේෂ නියෝග ලබා ගත හැකි ස්ථාන ද වේ. (ගිවිසුම් යනු දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ දරුවන් අතර ඇති පරිශුද්ධ පොරොන්දු වේ.) අපගේ ගිවිසුම්වලට විශ්වාසවන්තව සිටීම සහ මෙම නියෝග ලැබීම අපට ස්වර්ගීය පියාණන් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමග විශේෂ සබඳතාවක් ඇති කර ගැනීමට උපකාරී වේ.

ඉක්වදෝරයේ ගුවායාකිල් දේවමාළිගා පිටත සිටගෙන සිටින තරුණයා

ඉක්වදෝරයේ ගුවායාකිල් දේවමාළිගාවේ ඡායාරූපය ජෙනේ බිංගම් විසින්

දේවමාළිගාවට පැමිණිය හැක්කේ කාට ද?

සභාවේ සාමාජිකයන්ට මිය ගිය අය වෙනුවෙන් බව්තීස්ම කිරීම ඔවුන් වයස අවුරුදු 12 සම්පූර්ණ වන අවුරුද්දේ මුල සිට කළ හැකිය. සාමාජිකයෙකුට ඔහු හෝ ඇය අවම වශයෙන් වයස අවුරුදු 18 නම්, අවම වශයෙන් වසරක්වත් සභාවේ සාමාජිකයෙකු වී ඇත්නම් සහ දේවමාළිගාවේ ගිවිසුම් ඇති කර ගැනීමට සහ පවත්වා ගැනීමට කැමති නම්, බලයෙන් සැරසීම සිඳුකළ හැකිය ( ප්‍රධාන අත්පොත: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 27.2.2 බලන්න, ChurchofJesusChrist.org). දැනටමත් දේවමාළිගාවේ බලයෙන් සැරසී ඇති පුරුෂයෙකුට සහ ස්ත්‍රියකට (විවාහක) දේවමාළිගාවේ සදාකාලිකව මුද්‍රා තැබිය හැක.

ගිවිසුම් සහ නියෝග

ඔබ දේවමාලිගාවේ ගිවිසුම් ඇතිකරගෙන නියෝග ලබාගනු ඇත. “දෙවියන්වහන්සේ සමග ගිවිසුම් සම්බන්ධතාවයකට ඇතුල් වීම ජීවිතය පිළිබඳ සෑම දෙයක්ම පහසු වන ආකාරයෙන් අපව උන්වහන්සේට බැඳ තබයි” (රසල් එම්. නෙල්සන්, “ලෝකය ජයගෙන සහනය සොයාගන්න,” ලියාහෝනා, 2022 නොවැ, 97). නියෝගයක් යනු පූජකවර අධිකාරිය විසින් සිදු කරනු ලබන පරිශුද්ධ භෞතික ක්‍රියාවකි. නියෝග වලට ගැඹුරු අධ්‍යාත්මික අර්ථයක් ඇත. උදාහරණයක් වශයෙන්, ඔබ නියෝගයකට සහභාගී වන විට, ඔබ දෙවියන්වහන්සේට උන්වහන්සේගේ ගිවිසුම් ලබා ගැනීමට සහ තබා ගැනීමට කැමති බව පෙන්වයි.

පුද්ගලික සූදානම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමෙන් සහ බව්තීස්මයේ දී ඔබ දෙවියන්වහන්සේ සමග ඇති කරගත් ගිවිසුම් පිළිපැදීමෙන් ආත්මිකව සූදානම් වන්න. ඔබට ශුද්ධ ලියවිලි සහ ප්‍රධාන සම්මන්ත්‍රණ කතා වැනි සභාවේ සම්පත් අධ්‍යයනය කළ හැක. ඔබ දේවමාළිගාවට යන විට අපේක්ෂා කළ යුතු දේ පිළිබඳ තොරතුරු Temples.ChurchofJesusChrist.org සපයයි. දේවමාළිගාවේ ගිවිසුම්, නියෝග සහ සංඛේත භාවිතය පිළිබඳ වැඩි විස්තර ද එහි ඇතුළත් වේ.

නාවූ ඉලිනොයිස් දේවමාළිගාවෙන් පිටත

නාවූ ඉලිනොයිස් දේවමාළිගාවේ ඡායාරූපය ඒව ටෆ්ට් විසිනි

සංඛේත භාවිතය

ස්වාමින්වහන්සේ බොහෝ විට සංකේත භාවිතා කරමින් උගන්වයි. උදාහරණයක් වශයෙන්, බව්තීස්මය—වතුර යටට ගොස් නැවත ඉහළට පැමිණීම—ඔබේ පැරණි ආත්මය මිය ගොස් ඔබේ නව ආත්මය නැවත ඉපදීම වැනිය (රෝම 6:3-6 බලන්න). දේවමාළිගාවේ නියෝග යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම වෙත යොමු කරයි. ඔබ පළමු වරට දේවමාළිගාවට යන විට සියලු සංකේත තේරුම් ගැනීමට අපහසු විය හැකි නමුත්, ඔබ ඔබේ ජීවිත කාලය පුරාම දේවමාළිගාවට ආපසු යන විට ඔබට දිගටම ඉගෙන ගත හැක.

දේවමාළිගා නිර්දේශය

දේවමාළිගාවට ඇතුළු වීමට, ඔබ සූදානම්ව හා සුදුසු වීමට අවශ්‍ය වේ. ඔබේ සභානායකවරයා හෝ ශාඛාවේ සභාපතිවරයා සහ ස්ටේක හෝ මෙහෙවර සභාපති සමග සම්මුඛ සාකච්ඡාවකින් පසු දේවමාළිගාවට ඇතුළු වීමට ඔබට නිර්දේශයක් ලැබිය හැක. ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ජීවත් වන බව තහවුරු කර ගැනීමට මෙම නායකයින් ප්‍රශ්න මාලාවක් අසනු ඇත. ඔබේ නායකයින්ට මෙම ප්‍රශ්න ගැන කලින් ඔබ සමග කතා කළ හැක.

ඔබේ මුතුන් මිත්තන් සඳහා දේවමාළිගාවට නැවත පැමිණීම

ස්වර්ගීය පියාණන්ට අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ සියලුම දරුවන් උන්වහන්සේ සමග ගිවිසුම් ඇති කර ගැනීම සහ පූජනීය නියෝග ලබා ගැනීමයි. ශුභාරංචිය ලබා නොගෙන මිය ගිය අය සඳහා බව්තීස්මය සහ බලයෙන් සැරසීම වැනි මෙම නියෝග දේවමාළිගාවේ සිදු කළ යුතුය. ඔබේ මියගිය පවුලේ සාමාජිකයන් සඳහා නියෝග ලබා ගැනීමට ඔබට නැවත දේව මාළිගාවට පැමිණිය හැක.