2023
යෞවනයන් සහ ළමුන් සඳහා සම්පත්
2023 පෙබරවාරි


“යෞවනයන් සහ ළමුන් සඳහා සම්පත්,” ලියහෝනා, 2023 පෙබ.

මාසික ලියහෝනා පණිවිඩය, 2023 පෙබරවාරි

යෞවනයන් සහ ළමුන් සඳහා සම්පත්

දෙමාපියන් තම පුතා සමඟ ශුද්ධලියවිලි කියවමින්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව සහ උන්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳව තම දරුවන්ට ඉගැන්වීමේ මූලික වගකීම දෙමාපියන් සතුය. දෙමාපියන්ට ඔවුන්ගේ උත්සාහයන් සඳහා උපකාර කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සංවිධාන, වැඩසටහන් සහ වෙනත් සම්පත් ඇත. සියලුම දරුවන්ට සහ යෞවනයන්ට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීම සඳහා දෙමාපියන්ට, සභාවේ නායකයන්ට සහ මිතුරන්ට එකට එක්ව උපකාර කළ හැකිය.

ප්‍රාථමික ළමුන්

ඡායාරූපය බෙන් ජොන්සන් විසින්

ප්‍රාථමිකය

ප්‍රාථමිකය යනු මාස ​​18 සිට අවුරුදු 11 දක්වා ළමුන් සඳහා වූ සභාවේ සංවිධානයයි. ප්‍රාථමිකයේදී, ළමයින් පාඩම්, සංගීතය සහ ක්‍රියාකාරකම් තුළින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳව ඉගෙනගනු ලබයි. දරුවන් සඳහා දෙවියන්වහන්සේගේ ආදරය දැනීමට සැලැස්වීමට ප්‍රාථමිකයට හැකියි.

ආරෝනික පූජක ගණපූරණය සහ තරුණ ගැහැණු ළමුන්ගේ පන්ති

දරුවන්ට අවුරුදු 12 ලබන අවුරුද්දේ ජනවාරි මාසයේදී, ඔවුන් ප්‍රාථමිකයේ සිට ආරෝනික පූජක ගණපූරණය (පිරිමි ළමයින් සඳහා) හෝ තරුණ ගැහැණු ළමයින්ගේ පන්තිය (ගැහැණු ළමයින් සඳහා) වෙත මාරු වේ. ඔවුන්ගේ ගණපූරණය සහ පන්තිවලදී, යෞවනයන් ඔවුන්ගේ සාක්ෂි ශක්තිමත් කරගැනීමට සහ අන් අයට සේවය කිරීමට දිගින් දිගටම කටයුතු කරයි.

පිතූරයක් අඳින දෑත්

ළමා හා යෞවන වැඩසටහන

උන්වහන්සේගේ යෞවන කාලයේදී, යේසුස්වහන්සේ “ ප්‍රඥාවෙන් සහ උසමහතින්ද, දෙවියන්වහන්සේගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද වැඩුණු සේක’ (ලූක් 2:52). ළමා හා යෞවන වැඩසටහන සභාවේ යෞවන සාමාජිකයින්ට ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමට උපකාර කරයි. ඔවුන් අධ්‍යාත්මික, සමාජීය, ශාරීරික සහ බුද්ධිමය වශයෙන් ඔවුන්ගේ ජීවිතයේ සෑම අංශයකින්ම ඉගෙන ගෙන වර්ධනය වෙති.

සභා සඟරා

ළමුන් සඳහා සභාවේ සඟරාව මිතුරා සඟරාවයි. යෞවනයින්ගේ ශක්තිය සඳහා යනු යෞවනයින් සඳහා වන සඟරාවයි. මෙම සඟරාවල ළමුන් සහ යෞවනයන් සඳහා විශේෂයෙන් ලියා ඇති කතන්දර, ඉගැන්වීම් සහ ක්‍රියාකාරකම් ඇතුළත් වේ.

ස්පාඤ්ඤ භාෂාවෙන් මාර්ගෝපදේශ පොතේ කවරය

යෞවනයින්ගේ ශක්තිය සඳහා මාර්ගෝපදේශ පොත

යෞවනයින්ගේ ශක්තිය සඳහා:: තෝරා ගැනීම් කිරීම සඳහා මාර්ගෝපදේශය ශුභාරංචිය සත්‍යයන් පිළිබඳව යෞවනයින්ට උගන්වයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට ඔවුන්ට උපකාර වන තීරණ ගන්නා ආකාරය එය ඔවුන්ට උගන්වයි. ශුභාරංචිය අනුව ජීවත් වන්නේ කෙසේද යන්න පිළිබඳව යෞවනයන්ට ඇති විය හැකි ප්‍රශ්නවලට පිළිතුරු ද එහි ඇතුළත් වේ.

ශුභාරංචි පුස්තකාලය

ශුභාරංචි පුස්තකාලයේ වීඩියෝ, සංගීතය, ශුද්ධලියවිලි කථා සහ ක්‍රියාකාරකම් ඇතුළු බොහෝ ඩිජිටල් සම්පත් ඇත. ශුභාරංචිය මූලධර්ම ඉගැන්වීමට දෙමාපියන්ට සහ නායකයින්ට උපකාර කිරීම සඳහා සම්පත් ද එහි ඇතුළත් වේ. මෙම සම්පත් ChurchofJesusChrist.org හි ශුභාරංචි පුස්තකාලයේ සහ ශුභාරංචි පුස්තකාල යෙදුමේ දක්නට ලැබේ.

FSY සම්මන්ත්‍රණ

ඔවුන්ට වයස අවුරුදු 14 ට එළඹෙන වර්ෂයේ පටන්, යෞවනයන්ගේ ශක්තිය සඳහා (FSY) සම්මන්ත්‍රණවලට සහභාගී වීමට යෞවනයින්ට ආරාධනා කෙරේ. මෙම අවස්ථා වල යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ශක්තිමත් කිරීමට සහ යෞවනයන්ට අධ්‍යාත්මික, සමාජීය, ශාරීරික හා බුද්ධිමය වශයෙන් වර්ධනය වීමට උපකාර වන ක්‍රියාකාරකම් සහ පන්ති ඇතුළත් වේ.