2022
සභාවේ කැඳවීම් වල සේවය කිරීම
2022 මාර්තු


“සභාවේ කැඳවීම් වල සේවය කිරීම,” ලියහෝනා, මාර්. 2022.

මාසික ලියහෝනා පණිවිඩය, 2022 මාර්තු

සභාවේ කැඳවීම් වල සේවය කිරීම

“කැඳවීම” ලෙස හඳුන්වන විශේෂිත පැවරුම් වල සේවය කරන ලෙස සභාවේ නායකයින් සභාවේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිති. කැඳවීම් මගින් සාමාජිකයින්ට අන් අයට සේවය කිරීමට සහ දෙවියන්වහන්සේට සමීප වීමට අවස්ථාව ලබාදෙයි.

රෝද පුටුවක හිඳගෙන සිටින පුද්ගලයෙකු සභාවේ පන්තියකට උගන්වමින්

ඡායාරූපය ඩේවිඩ් බෝවන් නිව්ටන් විසිනි

අපි අපගේ කැඳවීම් වල සේවය කරන විට, අපි දෙවියන්වහන්සේගේ කාර්යය ඉටුකිරීමට උපකාර කරන්නෙමු. අපි අන් අයට ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වන අතර අප උගන්වන අයට උන්වහන්සේලා වෙත සමීප වීමට උපකාර කරන්නෙමු. අපි ඇදහිලිවන්තව සේවය කරන විට අපට ආශිර්වාදද ලැබේ.

කැඳවීම් ලබාගැනීම

තරුණ පිරිමි ළමයෙක් සභාවේ සමූහයක් ඉදිරිපිට සිටගෙන සිටිමින්

සභාවේ සේවය කරන අයව කැඳවා ඇත්තේ දෙවියන්වහන්සේ විසිනි. සභාවේ කැඳවීම වල සේවය කරන ලෙස කවුරුන්ව කැඳවිය යුතුදැයි දැනගැනීම සඳහා පෙළඹවීම් ඉල්ලා සභා නායකයින් යාච්ඤා කරති. ඉන්පසු නායකයෙකු විසින් සාමාජිකයෙකුට සේවය කරන ලෙස ඉල්ලා එම කැඳවීමේ වගකීම් පැහැදිලි කරයි. එම සාමාජිකයින්ව සභා රැස්වීමකදී කොට්ටාශයේ හෝ ශාඛාවේ සාමාජිකයින්ගේ ඡන්ද මගින් ස්ථිර කරනු ලැබෙයි. මෙයින් අදහස් කරන්නේ එම කැඳවනු ලබන පුද්ගලයාට සහයෝගය දැක්වීමට ඔවුන් කැමැත්ත පළකරන බවයි. පසුව පූජක නායකයෙකු විසින් එම සාමාජිකයාට ආශිර්වාදයක් ලබාදෙයි. මෙය වෙන්කිරීමක් වශයෙන් හැඳින්වේ. එම සාමාජිකයාට ඔහුට හෝ ඇයට සේවය කිරීමට උපකාර කිරීම සඳහා කැඳවීමෙහි සහ අනෙකුත් ආශිර්වාද වල ක්‍රියා කිරීමට බලය දෙනු ලැබෙයි.

සභානායකවරුන්

සභානායකවරයෙකු යනු කොට්ටාශයක නායකයා වේ. (ශාඛාවක, ශාඛා සභාපතිවරයෙකු සභානායකවරයෙකුට සමාන වේ.) ස්ටේක සභාපතිවරයා විසින් සභානායකවරයෙකු ලෙස කැඳවීමට සුදුසු පූජකත්වය දරන්නෙකුව නිර්දේශ කරයි. පළමු සභාපතිත්වය විසින් එම කැඳවීම අනුමත කරයි. එම සභානායකවරයාව පසුව ස්ථිර කර සේවය කිරීමට වෙන්කරනු ලැබෙයි. ඔහුට පූජක යතුරුද ලැබේ, එනම් එම කොට්ටාශය මෙහෙයවීමට ඔහුට බලය ඇත. සභානායකවරයා ලෙස, ඔහු කොට්ටාශයේ සියලුම සාමාජිකයින්ට සේවය කරමින් නායකත්වය ලබාදෙයි.

සභාපතිත්වයන්

පූජක ගණපූරණය සහ සහන සමිතිය, තරුණ ගැහැණු ළමුන්, ප්‍රාථමිකය, සහ ඉරිදා පාසල් සංවිධාන මෙහෙයවනු ලබන්නේ සභාපතිත්වයන් විසිනි, සාමාන්‍යයෙන් සභාපතිවරයෙකු සහ උපදේශකයින් දෙදෙනෙකු විසිනි. වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයන් කැඳවා ඒවා වෙන් කරනු ලබන්නේ ස්ටේක සභාපතිත්වය විසිනි. සභානායකත්වය විසින් සාමාජිකයින්ට කොට්ටාශයේ අනෙකුත් සභාපතිත්වයන් වල සේවය කරන ලෙස ඉල්ලා ඔවුන්ව වෙන්කරනු ලබයි. සියලුම නායකයින් ඔවුන්ගේ ගණපූරණ හෝ සංවිධාන වල සාමාජිකයින්ට සේවය කරති. ඔවුන් සාමාජිකයින්ගේ අවශ්‍යතා සඳහා සේවය කරන අතර දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනීමට ඔවුන්ට උපකාර කරති.

කාන්තාවක් දරුවෙකු වඩාගෙන සිටින මවකට ආහාර රැගෙන එමින්

අනෙකුත් කැඳවීම්

ඉගැන්වීම, සංගීතයට උපකාර කිරීම, වාර්තා තැබීම, යෞවනයන් හෝ ළමුන් සඳහා ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, සහ වෙනත් ආකාර වලින් සේවය කිරීම සභාවේ අනෙකුත් කැඳවීම වලට ඇතුළත් වේ. සභාවේ සෑම කැඳවීමක්ම වැදගත් වන අතර සාමාජිකයින්ට අන් අයට සේවය කිරීමට සහ දෙවියන්වහන්සේට සේවය කිරීමට අවස්ථාවක් ලබාදෙයි. අපගේ කැඳවීම් ඉටුකිරීමට අපි සියලුදෙනා එක්ව කටයුතු කරන විට, අපි අන් අයව ශක්තිමත් කර සභාවේ වර්ධනයට උපකාර කරන්නෙමු.