2020–2024
පුත්‍රයාණන්ගේ උත්කෘෂ්ට දීමනාව
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


9:46

පුත්‍රයාණන්ගේ උත්කෘෂ්ට දීමනාව

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන, අපගේ සදාචාරාත්මක වැරදි වලින් ලැබිය යුතු දුක් වේදනා වලින් මිදීමටත්, අපගේ මනුෂ්‍යත්වයේ අවාසනාවන්ගේ නුසුදුසු වේදනාවන්ගෙන් මිදීමටත් අපට හැකියි.

පසුගිය ගිම්හානයේදී එන්න මා අනුගමනය කරන්න, පාඩම සඳහා මොර්මොන්ගේ පොත කියවන අතරතුර, ඇල්මා ඔහුගේ පාපයන් ගැන ඔහු හොඳින් දැනගත් බව, කියවෙන ඔහුගේ වාර්තාවෙන් මම පුදුමයට පත්වුනා, ඔහුගේ වේදනාව තරම් “එහි ඉතා උත්කෘෂ්ට සහ ඉතා තිත්ත කිසිවක් නොතිබුණි.” 1 එම සතියේ මිලිමීටර—හතක වකුගඩු ගලක් සමඟ ඇතිවූ මගේ සටන නිසා, තදබල වේදනාව පිළිබඳ කතාව මාගේ අවධානය ගැනීමට අර්ධ වශයෙන් හේතුවූ බව මම පිළිගන්නවා. එවැනි “කුඩා හා සරල” දේවල් “මඟින්” “ශ්‍රේෂ්ඨ දේවල්” සිදුවීමේදී කිසි දවසකවත් එක් මනුෂ්‍යයෙකු මෙවැනි අත්දැකීමක් ලබා නැහැ.” 2

මොර්මොන්ගේ පොතේ ඉංග්‍රීසි පරිවර්තනයේ උත්කෘෂ්ට යන වචනය සාමාන්‍යයෙන්, සුවිශේෂී සුන්දරත්වය හෝ අසමසම තේජස පිළිබඳ දේවල් විස්තර කරන නිසා ඇල්මාගේ භාෂාවද මා හට කැපීපෙනුනා. නිදසුනක් වශයෙන්, මොරෝනි දේවදූතයා “උත්කෘෂ්ට ධවල” පැහැයෙන් යුත්” සළුවක් පැළඳ සිටි බව ජෝසෆ් ස්මිත් දුටුවා, “එය මෙතෙක් [ඔහු] මෙළොව දුටු කිසිම දෙයකට වඩා සුදු පැහැයකින් යුතු වුනා.” 3 එහෙත් උත්කෘෂ්ට යන වචනයට භයානක දේ සඳහා අතිශය තීව්‍රතාවයක්ද පවා ප්‍රකාශ කළ හැකියි. මේ අනුව, ඇල්මා සහ ප්‍රධාන ශබ්දකෝෂ මගින් උත්කෘෂ්ට වේදනාව “වදහිංසා වලට”, “දරුණු වේදනාවට”, “බලවත් වූ මට්ටමකට” සම්බන්ධ කර තිබෙනවා. 4

ඇල්මාගේ නිරූපණයෙන් පිළිබිඹු වන්නේ අප කරන සෑම පාපයකම සම්පූර්ණ, කණගාටුදායක වරද යම් මොහොතක දැනිය යුතු බවේ විචක්ෂණ යථාර්ථයයි. යුක්තිය එය ඉල්ලා සිටින නිසා දෙවියන්වහන්සේ හටද එය වෙනස්කළ නොහැකියි. 5 ඇල්මා තමා කළ “සියලු” පාපයන්—විශේෂයෙන් අන් අයගේ ඇදහිල්ල විනාශ කළ ඒවා මතක් කළ විට—ඔහුගේ වේදනාව දරාගත නොහැකි වූ අතර, දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටගෙන සිටීමේ අදහසින් පවා ඔහු “විස්තර කළ නොහැකි භයකින්” පිරී ගියා. “ප්‍රාණයෙන් සහ ශරීරයෙන් දෙකෙන්ම නැතිවී යන්නේ නම්” කියා ඔහු ප්‍රාර්ථනා කළා. 6

කෙසේවෙතත්, ඇල්මා පැවසුවේ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වැනි අයෙකු … ලෝකයේ පාපයට වන්දිගෙවීම උදෙසා පමිණීම” සම්බන්ධ අනාවැකිය, ඔහුගේ “මනස අල්ලාගත්” මොහොතේ සිට සියල්ල වෙනස් වීමට පටන්ගත් බවයි, එවිට ඔහු [ඔහුගේ] හදවතින් මෙලෙස හඬවැටුණා: “අහෝ යේසුනි, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෙනි, මා කෙරෙහි කරුණාවුව මැනව.” එම එක් සිතුවිල්ලකින් සහ එක් ආයාචනයකින් ඇල්මා හට “[ඔහුගේ] වේදනාව අධික වූවාක් මෙන්ම” “උත්කෘෂ්ට” ප්‍රීතියකින්ද පූර්ණ වුණා. 7

යම් දුක්ඛිත තත්වයක් ගෙන එය පිරිසිඳු සැප බවට පරිවර්තනය කිරීම පසුතැවීමේ පරමාර්ථය බව අප කිසිවිටෙකත් අමතක නොකළ යුතුයි. උන්වහන්සේගේ “ක්ෂණික යහපත්කමට,” 8 ස්තූතිවන්ත වන්නට, උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල හා සැබෑ හදවතේ වෙනසක් පෙන්වමින්—අපි ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන— මොහොතේම, අපගේ පව් වලින් තැලීයන යන බර අපගේ පිටුපස සිට උන්වහන්සේ වෙතට මාරුවීමට පටන් ගනියි. මෙය කළ හැකි වන්නේ, පාපයක් නොමැති උන්වහන්සේ, උන්වහන්සේගේ මැවීමක් වූ විශ්වයේ, ඇති සෑම පාපයකම “අසීමිත හා කිව නොහැකි වේදනාව” 9 විඳ ඇති බැවින්ම පමණයි, උන්වහන්සේගේ සියලුම මැවීම් සඳහා—කෙතරම් දරුණු වේදනාවක් විඳ ඇත්ද කිවහොත්, උන්වහන්සේගේ සෑම සිදුරකින්ම ලේ පිට වුනා. නූතන ශුද්ධලියවිලි වල තම සෘජු, පෞද්ගලික අත්දැකීම් වලින් ගැලවුම්කරුවාණන් අපට අනතුරු අඟවන්නේ, අප පසුතැවිලි නොවන්නේ නම් අපගේ “දුක් වේදනා” කෙතරම් “උත්කෘෂ්ට” වනු ඇත්ද යන්න පිළිබඳව අප දැන නොගන්නා බවයි. එහෙත් තේරුම්ගත නොහැකි ත්‍යාගශීලීභාවයකින් උන්වහන්සේ එය මෙසේ පැහැදිලි කරනවා, “දෙවියන්වහන්සේ වන මම සියල්ලන් උදෙසා මෙම දේවල් විඳෙව්වෙමි, එනම් ඔවුන් පසුතැවිලි වන්නේ නම් ඔවුන් පීඩා නොවිඳින පිණිසය” 10 —එය ඇල්මා රස බැලූ “අධික ප්‍රීතියේ” රස විඳීමට අපට ඉඩ සලසන පසුතැවිල්ලකි. 11 මෙම මූලධර්මය සඳහා පමණක්, “මම සම්පූර්ණයෙන්ම මවිතයට පත්වෙනවා.” 12 එහෙත්, පුදුමයට කරුණක් නම්, ක්‍රිස්තුස්වහන්සේ ඊටත් වඩා දේවල් පිරිනැමීමයි.

සමහරවිට උත්කෘෂ්ට වේදනාව පැමිණෙන්නේ පාපයෙන් නොව අවංක වැරදි වලින්, අන් අයගේ ක්‍රියාවන්ගෙන් හෝ අපට පාලනය කළ නොහැකි බලවේගයන්ගෙන්. මේ මොහොතේදී, ඔබට ධර්මිෂ්ඨ ගීතිකාකරු මෙන් වැලපිය හැකියි:

“මගේ සිත මා තුළ තද වේදනා සහිත වෙයි. මරණ භීතිය මා පිට වැටී තිබේ.

“ … භයත් වෙව්ලුමත් මා කරා පැමිණ තිබේ.

“ … අනේ මට කොබෙයියකුට මෙන් පියාපත් ඇත්නම්! එවිට ඉගිලී ගොස් නිශ්චලව සිටින්නෙමි.” 13

වෛද්‍ය විද්‍යාව, වෘත්තීය උපදේශනය හෝ නීතිමය නිවැරදි කිරීම මගින් එවැනි දුක් වේදනා සමනය කළ හැකිය. නමුත්, මේවා ඇතුළුව—සියලු හොඳ දීමනා—ගැලවුම්කරුවාණන්ගෙන් ලැබෙන බව සලකන්න. 14 අපගේ දරුණුතම වේදනාවන් හා හිත් රිදවීම් ඇතිවීමට හේතු කුමක් වුවත්, අවසාන සහන ප්‍රභවය වන්නේ: යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි. සෑම වැරැද්දක්ම හරිගැස්වීමට, සෑම වැරැද්දක්ම නිවැරදි කිරීමට, සෑම අඩුපාඩුවක්ම සකස් කිරීමට, සෑම තුවාලයක්ම සුවකිරීමට සහ ප්‍රමාද වූ සෑම ආශිර්වාදයක්ම ලබාදීමට සම්පූර්ණ බලය සහ සුවකිරීමේ ආලේප උසුලන්නේ උන්වහන්සේ පමණයි. පුරාණ සාක්ෂිකරුවන් මෙන්, මමත් මෙසේ සාක්ෂි දරනවා, “අපට සිටින්නේ අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොවේ” 15 ඒ වෙනුවට ඉහළ සිට තම සිංහාසනයෙන් බැස පැමිණ “උන්වහන්සේගේ ජනතාවට ඔවුන්ගේ දුර්වලකම් වලට අනුව උපකාර කිරීමට … දැනගන්නා පිණිස … සියලු ආකාරයේ වේදනාවන් සහ පීඩාවන්ද, පරීක්ෂාවන්ද විඳිමින් ඉදිරියට ගිය” ආදරණීය මිදුම්කරුවෙක්.” 16

අද දින තදබල සහ අනන්‍ය වූ දැඩි වේදනාවෙන් පෙළෙන ඕනෑම කෙනෙකුට, වෙනත් කිසිවෙකුට ඒවා සම්පූර්ණයෙන් තේරුම්ගත නොහැකියි යැයි ඔබට හැඟේ නම්, ඔබ පවසන දෙය සත්‍ය විය හැකියි. සෑම කෙනෙකුම සංවේදී හා යහපත් දේ කිරීමට උත්සහ කරනවා වුවත්—ඔබට දැනෙන දේ හරියටම දන්නා හෝ ඔබව සුවකිරීමට නිවැරදි වචන තිබෙන—පවුලේ සාමාජිකයෙකු, මිතුරෙකු හෝ පූජක නායකයෙකු නොමැති විය හැකියි. නමුත් මෙය දැනගන්න: “පොළවේ සියල්ලට වඩා බලවත්” 17 [ඔබ] ඉල්ලන නොහොත් සිතන සෑමදේට වඩා ඉතා අධික ලෙස කරන්නට බලය තිබෙන” 18 ඔබ අත්විඳින දේ හොඳින් වටහාගන්නා කෙනෙකු සිටියි. මෙම ක්‍රියාවලිය උන්වහන්සේගේ ආකාරයට හා උන්වහන්සේගේ කාලසටහනට අනුව දිගහැරෙන නමුත්, ඔබගේ වේදනාවේ සෑම අවුන්සයක්ම සහ අංගයක්ම සුවකිරීමට ක්‍රිස්තුස්වහන්සේ නිතරම සූදානම්ව සිටියි.

ඔබ උන්වහන්සේට එසේ කිරීමට ඉඩදෙන විට, ඔබේ වේදනාව නිෂ්ඵල නොවන බව ඔබට දැනගනියි. බයිබලයේ ශ්‍රේෂ්ඨතම වීරයන් සහ ඔවුන්ගේ වේදනාවන් ගැන කතා කරන විට, ප්‍රේරිතවර පාවුල් මෙසේ පවසනවා “දෙවියන්වහන්සේ … ඔවුන්ගේ දුක් වේදනා තුළින් ඔවුන්ට වඩාත් හොඳ දෙයක් පිළියෙල කර තිබුණි, මක්නිසාද දුක් වේදනා නොමැතිව ඔවුන් පරිපූර්ණ කළ නොහැක.” 19 දෙවියන්වහන්සේගේ ස්වභාවය සහ අපගේ පොළවේ පැවැත්මේ අරමුණ සතුටයි, 20 නමුත් සමහරවිට අපව ඇතුලාන්තයෙන්ම පරික්ෂා කරන අත්දැකීම් නොමැතිව, අපට දිව්‍ය ප්‍රීතියේ පරිපූර්ණ ජීවීන් බවට පත්විය නොහැකියි. පාවුල් සඳහන් කරන පරිදි, ගැළවුම්කරුවාණන් පවා “දුක් විඳීමෙන්, සදාකාලිකව පරිපූර්ණ [හෝ සම්පූර්ණ]“ බවට පත්කරන ලදි.” 21 එමනිසා ඔබ වඩා හොඳ පුද්ගලයෙක් නම්, ඔබ එවැනි පීඩා වලින් වැළකිය යුතුයි යන සාතන්ගේ පෙළඹවීම් වලින් ආරක්ෂා වන්න.

එක් ආශිර්වාද ලත් රාජ්‍යයක සිට තවත් තැනකට පනින බවක් පෙනෙන, දෙවියන්වහන්සේ විසින් තෝරාගත් අයගේ කවයෙන් පිටත සිටීමට ඔබගේ දුක් වේදනාවන් ඔබට යෝජනා කරන බවට ඇති එම බොරුවට ඔබ විරුද්ධ විය යුතුයි. ඒ වෙනුවට, අවසාන දවස් පිළිබඳ ඔහුගේ මහිමාන්විත එළිදරව්වේ, එළිදරව්කරු ලෙස යොහාන් ඔබව දැක ඇති ආකාරයට ඔබ ඔබවම බලන්න. මක්නිසාද “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍ර වලිනුත් සෙනඟගෙනුත් කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක් සුඳු සළු පැළද, තමන්ගේ අත්වල තාලපත්‍ර ඇතුව, සිංහාසනය ඉදිරියෙහිත් බටළුපැටවාණන් ඉදිරියෙහි සිට, …[ඔවුහු] සිංහාසනයෙහි වැඩහිඳින අපේ දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් ගැලවීම කියා මහත් ශබ්දයකින් හඬනගනවා” යොහාන් දුටුවා. 22

“සුදු සළු පැළද සිටින මොවුහු කවුරුන්ද? කොතැනින් ආවේද?” යැයි ඇසූ විට: “මොවුහු මහත් පීඩා මැදින් එන්නෝය, ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකර ගත්තෝය” කියා යොහාන්ට පිළිතුරු ලෙස ලැබුණා. 23

සහෝදර සහෝදරියනි, ධර්මිෂ්ඨකමින් දුක් විඳීම දෙවියන්වහන්සේ විසින් තෝරාගනු ලැබූවන්ගෙන් ඔබව වෙන්කර හඳුනාගැනීමට වඩා සුදුසුකම් ලැබීමට උපකාරී වේ. එය ඔවුන්ගේ පොරොන්දු ඔබේ පොරොන්දු බවට පත්කරයි. යොහාන්ට අනුව, ඔබට “තවත් බඩගිනි වන්නේවත්, පිපාසා වන්නේවත් නැත; සූර්ය රශ්මියවත් කිසි රස්නයක්වත් [ඔබට] පහරදෙන්නේ නැත. “මක්නිසාද සිංහාසනය මැද සිටින බැටළුපැටවාණෝ [ඔබගේ] එඬේරා වී, ජීවන දිය උල්පත් වලට [ඔබව] ගෙනයන සේක: දෙවියන්වහන්සේද [ඔබගේ] ඇස් වලින් සියලු කඳුළු පිසදමන සේක.” 24

“මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය.” 25

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අතිමහත් යහපත්කම සහ උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම තුළින් අපගේ සදාචාරාත්මක අසාර්ථකත්වයන්ගෙන් ලැබිය යුතු දුක් වේදනා වලින් මිදීමට සහ අපගේ මනුෂ්‍යත්වයේ අවාසනාවන්ගේ නුසුදුසු වේදනාවන්ගෙන් මිදීමට අපට හැකි බව මම ඔබට සාක්ෂි දරනවා. උන්වහන්සේගේ මගපෙන්වීම යටතේ, ඔබගේ දිව්‍ය ඉරණම අසමසම මහිමාන්විත හා විස්තර කළ නොහැකි ප්‍රීතියක් වේ—එම ප්‍රීතිය ඔබට කෙතරම් තීව්‍ර හා අද්විතීය දැයි කියනවානම්, එය ඔබේ විශේෂිත “අළු” “ලෞකික දෙයින් ඔබ්බට” අලංකාරයන් බවට පත්වනු ඇත.” 26 ඔබට දැන් මෙම සතුට රසවිඳින්නටත්, එය සදහටම පුරවා ගැනීමටත්, ඇල්මා කළ දේ කිරීමට මම ඔබට ආරාධනා කරනවා: උන්වහන්සේගේ සැබෑ හා ජීවමාන සභාව තුළින් උන්වහන්සේගේ ශුභාරංචිය හරහා එළිදරව් කර ඇති පරිදි දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ උත්කෘෂ්ට ත්‍යාගය ඔබේ මනසට තදින් අල්ලා ගැනීමට ඉඩහරින්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. ඇල්මා 36:21 අවධාරණය කිරීම් සහිතයි.

  2. ඇල්මා 37:6.

  3. Joseph Smith—History 1:17.

  4. නිදසුනක් ලෙස, ඇල්මා 36: 11–17 සමඟ ඔක්ස්ෆර්ඩ් අමෙරිකානු ලේඛකයාගේ නිබන්ධනය හි උත්කෘෂ්ට සඳහා ප්‍රවේශය ඉතා පැහදිලි සමාන අදහස් දක්වීමේ ක්‍රම සංසන්දනය කරන්න—සමහර උපාංග වල සාමාන්‍ය සැකසුමේ ශබ්දකෝෂයේ කොටසේ ප්‍රවේශණය කළ හැකි ප්‍රකාශන කිහිපයකින් එකක් නිසා එමඟින් සුභාරංචි පුස්තකාල යෙදුමට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. මෙම මතක් කිරීම සඳහා රේචල් සැන්ෆර්ඩ්ට ස්තූතියි.

  5. ඇල්මා 42:13 බලන්න.

  6. ඇල්මා 36:13-15 බලන්න.

  7. ඇල්මා 36:17-21 බලන්න.

  8. මොසායා 25:10.

  9. See Orson F. Whitney, Baptism, the Birth of Water and of the Spirit (1934), 5.

  10. දහම සහ ගිවිසුම් 19:15–16.

  11. ඇල්මා 36:24-26 බලන්න.

  12. “I Stand All Amazed,” Hymns, no. 193.

  13. ගීතාවලිය 55:4–6.

  14. මොරෝනි 7:24 බලන්න.

  15. හේබ්‍රව් 4:15.

  16. ඇල්මා 7:11–12

  17. 1 නෙපි 4:1.

  18. එපීස 3:20.

  19. Joseph Smith Translation, Hebrews 11:40 (in Hebrews 11:40, footnote a).

  20. 2 නෙපි 2:25; ඇල්මා 41:11 බලන්න.

  21. හේබ්‍රෙව් 2:10; තවත් බලන්න හේබ්‍රෙව් 5:8; Russell M. Nelson, “Perfection Pending,” Ensign, Nov. 1995, 86–88.

  22. එළිදරව් 7:9–10.

  23. එළිදරව් 7:13–14; අවධාරණය කිරීම් සහිතව.

  24. එළිදරව් 7:16–17.

  25. එළිදරව් 21:4.

  26. යෙසායා 61:3; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:31 බලන්න