2010–2019
මම දේව දරුවෙක් ද?
2018 අප්‍රියෙල්


10:24

මම දේව දරුවෙක් ද?

අපගේ දිව්‍යමය අනන්‍යතාවය තේරුම් ගැනීමේ බලය අපි එකිනෙකා අත්දකින්නේ කෙසේද? එය ආරම්භ වන්නේ අපගේ පියාණන් වන දෙවියන්වහන්සේ පිළිබඳව සොයා දැන ගැනීමෙන්ය.

මෑතකදී මාගේ ආදරණීය අම්මා සමග මම අපේ පරණ ගල් පල්ලියට ගියා. දශක කිහිපයකට පෙර මා සහභාගී වූ එම ප්‍රාථමික පන්තික්කාමරය දෙසින් ආ කුඩා හඬවල් වලට මා ඇදී ගියා, එහි පිටුපසින් ගොස් කාරුණාබර නායකයන් “මම දෙවියන්ගේ දරුවෙක් ” .” යන මෙම වසරේ තේමාව උගන්වනවා මම දුටුවෙමි. එවකට අපගේ ගායනා කරන වෙලාවේදී , අර අන්තිම පේලියේ සිටින දඟ පොඩි පිරිමි ළමයා- “ඔහු ඇත්තටම දෙවියන්වහන්සේගේ දරුවෙක්ද? ඔහුව කවුද මෙහෙට එවුවේ? ?” කියා කියන්නා වැනි බැල්මකින් හැමවිටම මා දෙස බලන එම ඉවසිලිවන්ත, සහ ආදරණීය ගුරුවරුන් මතක්වු විට මගේ මුහුණට සිනහවක් නැගුනා.

මා ආරාධනා කරනවා සැම කෙනෙකුටම ශූද්ධාත්මයාණන් වහන්සේට හදවත් විවෘත කරන්න කියලා, “එතුමන් සාක්ෂි දරනවා අපගේ ආත්මයන් සමග අපි දෙවියන් වහන්සේගේ දරුවන් බවට.”

සභාපති බොයිඞ් කේ පැකර් ගේ වචන සරලයි වගේම ඉතා වටිනවා. “ඔබ දෙවියන් වහන්සේ ගේ දරුවෙක්. උන්වහනසේ ඔබගේ ආත්මික පියා. ආත්මිකව ඔබට උදාර උපතක් තියනවා, ඒ ස්වර්ගයේ රජාණන්ගේ දරුවෙක් ලෙස. එම සත්‍යය ඔබගේ මනස තුළ තහවුරු කර ගන්න හා රඳවා තබන්න. ඔබගේ පරම්පරාව කුමක් වුවත් ඔබගේ ජාතිය ඔබ නියෝජනය කරන මිනිසුන් කවුරු වුවත් ඔබගේ ආත්මයේ වංශය එක පේළියකින් ලියන්නට පුළුවන්. ඒ ඔබ දෙවියන් වහන්සේ ගේ දරුවෙක් බව”

“ඔබ … අපගේ පියාණන් ව දකිනා විට, ”බ්‍රිගම් යන්ග් විස්තර කලා “ඔබ දකිවී ඔබ ගොඩ කාලයක් තිස්සේ හදුනන පුද්ගලයෙක්ව, ඔහු ඔබව ඔහුගේ දෝතට ගනීවි. ඔබ ලැහැස්තිවී සිටි උන්වහන්සේගේ තුරුලේ වැටී උන්වහන්සේව සිප ගැනීමට.”

දිව්‍යමය අනන්‍යතාවය කෙරෙහි මහා යුද්ධය

මෝසස් හැඳිනගත්තා ඔහුගේ දිව්‍යමය උරුමය පිලිබඳව ස්වාමින් වහන්සේ සමග මුහුණට මුහුණලා කථා කිරිමෙන්. එම අත්දැකීමෙන් පසු, සාතන් කූටව සියුම් ලෙස එහෙත් නපුරු ලෙස විකෘති කිරිමේ විනාශ කිරිමේ අරමුණින් මෝසස්ගේ අනන්‍යතාවය පිළිබඳව ඔහුට මෙසේ ආශා උපදවන්න උත්සහා කලා “මෝසස් මනුෂ්‍ය පුත්‍රය මට වන්දනාමාන කරන්න.” එවිට මෝසස් සාතන් දෙස බලමින් මෙසේ කීය. “ඔබ කවුද? බලව මම දෙවියන් වහන්සේ ගේ දරුවෙකි. .

දිව්‍යමය අනන්‍යතාව හඳුනාගැනීමේ යුද්ධය මහත් වේගයෙන් හා ප්‍රබල ලෙස පැවැත්වෙනවා හරියට සාතන්ගේ ප්‍රගුණ වන අවිහල දෙවියන්වහන්සේ හා අප අතර ඇති සම්බන්ධය පිලිබඳ විශ්වාසය හා දැනුම විනාශ කර දමන්නට මාන බලනවා වගේ. මුල සිටම අපගේ අනන්‍යතාවය පිළිබඳ පැහැදිලි දර්ශනයක් සහ තේරුම් ගැනීමක් තිබීමේ ආශිර්වාදය පිළිබඳව අපි ස්තුති වන්තවෙනවා. අපිට දෙවියන් වහන්සේ මෙසේ කීය“අපි මනුෂයා අපෙගේ ස්වරූපයෙන් සදමු, අපට අනුරූපව සදමු,” ඒ වගේම උන්වහන්සේගේ ජීවමාන දිවැසිවරුන් ප්‍රකාශ කරනවා “සෑම(මනුෂ්‍යයෙක්ම) කෙනෙක්ම ස්වර්ගීය දෙමාපියන්ගේ ප්‍රේමණීය දියණියක් හෝ පුත්‍රයෙක් සහ දිව්‍යමය ස්වභාවයක් හා අරමුණක් තිබෙන බව.”

මෙම සත්‍යයන් නිශ්චිතවදැන ගැනීම අපගේ කරදර කම්කටොළු සෑම ආකාරයකම පීඩා වලින් ඉවතට ඒමට රුකුලක් වෙනවා. “පෞද්ගලිකව අභියෝගයකින් සටන් කරන කෙනෙකුට අපි උදව් කරන්නේ කෙසේද?”යැයි ඇසුවිට දේවියන් වහන්සේගේ අපොස්තුළු වරයෙක් උපදෙස් දෙනවා “ඔවුන්ට ඔවුන්ගේ අනන්‍යතාවය හා අරමුණ පිලිබඳව උගන්වන්න” කියා.

“මා සතු ප්‍රබලම දැනුම ”

මාගේ මිතුරෙකු වන ජෙන් ගේ ජිවිතය මෙම ප්‍රබල සත්‍යය නිසා වෙනස් වුනා. ගැටවර වියේ පසුවු ඇය අතින් බරපතල රිය අනතුරක් සිදුවුනා. ඇයගේ ශාරිරික ශක්තිය දරුණු වුවත් ඇගේ වේදනාව ඉතා දරුණු වුයේ අනෙක් රියදුරාගේ ජීවිතය නැති වු නිසා “කෙනෙක්ට අම්මා කෙනෙක් නැතිවුනා ඒ මාගේ වරදක් නිසා ”ඇය පැවසුවා. දින කිහිපයකට පෙර හිටගෙන “අපි දෙවියන් වහන්සේගේ දියණියන් උන්වහන්සේ අපට ආදරෙයි.”කියා කියූ ජෙන් දැන් ප්‍රශ්න කරනවා, “උන්වහන්සේ කොහොමද මටආදරේ කරන්නේ” කියලා.

ඇය පැවසුවා “මාගේ ශාරීරික වේදනාව සුව වුණා, එහෙත් ආත්මිකව හා සිතෙහි තුවාල නම් කිසිදිනෙක සුව වෙයි කියා මා සිතන්නේ නෑ ”

ජිවත් විය යුතු නිසා ඇය ඇයගේ හැගීම් ගැඹුරින් සඟවා ගත්තා. එය කිරීමෙන් ඇගේ දුරස්ථ භාවය වැඩි වුවා. හැඟම් දැනීම් නැති වුනා. වසරකට පසුව ඇයට එම අනතුර පිළිබඳව කථාකිරීමට හැකි වු විට දෙවියන්වහන්සේගේ පෙළඹවීමලත් උපදේශකයෙක් ඇයට ආරාධනා කළා “මම දෙවියන් වහන්සේගේ දරුවෙක්” කියා වාක්‍ය 10 ක් ලියන ලෙසට.

ඇය පැවසුවා “එම වාක්‍ය ලියන්නට ලේසි, එහෙත් කියන්නට බෑ, එවිට එය සත්‍යයක් ලෙස හැගෙනවා, මම ඇත්තටම විශ්වාස කරන්නේ නෑ දෙවියන් වහන්සේට මාව දරුවෙක් ලෙසට ඕනේ කියලා, මට එවිට ගුලි වී හඬන්නට සිතෙනවා. ”

මාස කිහිපයකට පසුව ජෙන් ට හැකි වුනා එම කාර්ය්‍ය හැම දිනකම සම්පුර්ණ කරන්නට ඇය පැවසුවා “මම මගේ මුළු ආත්මයෙන්ම දෙවියන්වහන්සේට කන්නලව් කලා. එවිට මම එම වචන විශ්වාස කිරීමට පටන් ගත්තා”මෙම විශ්වාසය තුළින් ගැලවුම්කාරුණාන්ට හැකි වුවා ඇයගේ තුවාල වුනු ආත්මයට පිලියම් කරන්නට. උන්වහන්සේගේ වන්දි ගෙවිම තුළින් මෝර්මන් ග්‍රන්ථය සහනය හා ධෛහිර්ය ගෙන ආවා.

“ක්‍රිස්තුස් වහන්සේට මාගේ වේදනාව දුක, මගේ වරදකාරීත්වය දැනුනා.” මට දැනුනා “දෙවියන් වහන්සේගේ පිවිතුරු ප්‍රේමයඒ වගේම මාගේ ජීවිතේටවත් එතරම් ප්‍රබල අත්දැකීමක් මා ලබා නෑ! මා සතු ප්‍රබලම දැනුම මම දෙවියන් වහන්සේගේ දරුවෙක් බවට මා දන්නා බව ”කියා ජේන් කථාව අවසන් කලා.

දෙවියන් වහන්සේම, වන අපගේ පියාණන්ව දැනගැනීමට උත්සහ කිරීම.

සහෝදර සහෝදරියනි, අපගේ දිව්‍යමය අනන්‍යතාවය හඳුනාගැනීමේ බලය අත්දකින්නේ කෙසේද?එය ආරම්භ වන්නේ දෙවියන් වහන්සේ එනම් අපගේ පියාණන් වහන්සේව සෙවිම තුලින්. සභාපති රසල් එම්. නෙල්සන් සාක්ෂි දරනවා, “දෙවියන්වහන්සේගේ දරුවෙක් උන්වහන්සේව සහ උන්වහන්සේගේ පුත්‍රයාව දැනගැනීමට උත්සහ කරන විට බලගතු යමක් සිදුවෙනවා.”

ගැළවුම්කරුවණන් පිළිබඳව ඉගෙනගැනීම හා උන්වහන්සේ අනුගමනය කිරීම තුළින් අපට පියාණන් පිලිබඳ දැනගන්නට පුලුවන් “උන්වහන්සේගේ පියාණන්ගේ ඒකාන්ත ප්‍රතිරූපයක් වීමෙන්,” ජේසුස් වහන්සේ ඉගැන්වුවා. “පුත්‍රයාට ඔහු විසින් කල හැකි කිසිවක් නැත, එහෙත් පියාණන් තුළින් හැකි වේ.”ක්‍රිස්තුස් වහන්සේගේ සෑම වචනයක්ම සෑම ක්‍රියාවක් ම දෙවියන්වහසේගේ සත්‍ය ස්වභාවය සහ උන්වහන්සේ සමඟ අපේ ඇති සම්බන්ධතාවය හෙලි කරනවා. වැඩිහිටි ජෙෆ්රි ආර්.හොලන්ඩ් උගන්වනවා, සෑම රෝමකුපයකින්ම ලේ බිංදු ගලන විට සහ උන්වහන්සේ ගේ දෙතොලින් වේදනාකාරීව මොරදුන්විට, ක්‍රිස්තුස් වහන්සේ බලාපොරොත්තු වුනේ උන් වහන්සේ සෑම විටම බලාපොරොත්තු වු කෙනාවයි. ඒ උන්වහන්සේගේ පියාණන් “අබ්බා”උන්වහන්සේ මොරදුන්නා, “පියාණෙනි”

ජේසුස් වහන්සේ ඒකාන්තව උන් වහන්සේ ගේ පියාණන්ව ගෙත්සමනියේදී බලාපොරොත්තු වුනා, මෙන්ම තරුණ ජොශප් ස්මිත්, 1820, පූජනීය තුරුවදුලෙහි යාච්ඤා පුර්වකව දෙවියන්වහන්සේව සෙවුවා”. “ඔබගෙන් යමෙකුට ප්‍රඥාව නැතිනම් ඔහු දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිත්වා” කියවීමෙන් පසු ජෝශප් යාච්ඤා කරන්නට පිටවුනා.

පසුව ඔහු මෙසේ ලිව්වා, “මා දණගැසුවා, මාගේ හදවතෙහි ආශාවන් මා දෙවියන් වහන්සේ ට ඔප්පු කලා.

මා ආලෝක කදම්භයක් දුටුවා මාගේ හිසට උඩින්

“මා උත්තමයන් දෙදෙනෙකු දුටුවා, දීප්තිය හා මහිමය සෑම සටහනක්ම අභිබවා යන මට ඉහළින් අවකාශයේ සිටන්, එක් අයෙක් මට කථා කලා මාගේ නම ආමන්ත්‍රණය කරමින් අනික් කෙනාව පෙන්වමින්”, ජෝශප්මේ මාගේ පෙම්බර පුත්‍රයායි.. ඔහුට ඇහුම්කන් දෙන්න!

අපි ගැලවුම්කාරුවාණන්ව හා දිවැසිවර ජෝශප්ගේ උදාහරණ අනුගමනය කර දෙවියන් වහන්සේ ව සත්‍ය ලෙස සෙවු විට සෑබැ ලෙසම අපිට තේරුම් යනවා ජෙන් ට තේරුණාක් මෙන්, පියාණන් අපිව නමින් හඳුනන බවත්, අපි උන්වහන්සේ ගේ දරුවන් බවත්

මෙය මවුවරුන් සඳහායි, විශේෂයෙන්ම, පාපයට යටත් නොවන පරපුරක් බිහිකරන්නට උත්සහා දරන තරුණ අම්මලාටයි, දෙවියන් වහන්සේගේ සැලැස්මේ ඔබගේ මධ්‍යස්ත භූමිකාව පිලිබඳව කවදාවත්ම අවතක්සේරු කරන්නට එපා. වෙහෙස අවස්ථාවන් හීදි එනම් ඔබගේ පොඩි දරුවන් පසුපස යද්දී කුස්සියෙන් එන කරවුණු සුවද ඔබ ආදරයෙන් සැදු රාත්‍රි ආහාර වේල රොස් බව ඔබට අඟවන විට, ඔබ දැනගන්න දෙවියන් වහන්සේ ඔබගේ අසීරුම දිනයන් පවිත්‍ර කරනවා.“බිය නොවන්න කිමද මා ඔබ සමගයි” උන්වහන්සේ සාමකාමිව සනසනවා. අපි ඔබලාට ගරු කරනවා. ඔබ මෙසේ පැවසු සොයුරි ජොයි ඩී ජොන්ස් ගේ බලාපොරොත්තු ඉටු කරන විට “අපේ දරුවන් ඔවුන්ගේ දිව්‍යමය අනන්‍යතාවය දැනගැනීම ඉතා යෝග්‍යයයි”

මම ආරාධනා කර සිටිනවා ඔබ සියල්ලටම දෙවියන් වහන්සේ හා උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාව දැනගන්නට “දැන්මෙහි,” සභාපති නෙල්සන් මගපෙන්වනවා , “එම සත්‍යයන් පැහැදිලිව හා ප්‍රභල ලෙස මෝරමන් ග්‍රන්ථයට වඩා උගන්වා තිබෙනවාද. “පොත පෙරලා ඉගෙනගන්න. දෙවියන් වහන්සේ “සියල්ල කරන්නේ අපගේ සුවසෙත හා සතුට තකා” උන්වහන්සේ “කරුණාවන්තයි හා අනුකම්පා සහිතයි. කෝප ගන්නා තරම් අඩුයි. දුක දරාගන්න හා යහපතින් පරිපුර්ණයි” සහ උන්වහන්සේට සියළු දෙනා එක හා සමානයි. ” ඔබට වේදනාවක් දැනුන විට මුලා වු විට වික්ෂේපණය හෝ බිය වු විට දුක කුසගිනි හෝ ජිවිතයේ අනන්තයටම ගොස් බලාපොරොත්තු සුන් වුබවත් හෝ තනි වු බවක් දැනුන විට— මෝර්මන් ග්‍රන්ථය පෙරලන්න. එවිට ඔබ දැන ගනීවි “දෙවියන් වහන්සේ අපව කිසි දිනෙක තනි නොකරන බව උන් වහන්සේ කෙදිනකවත් එය කර නෑ හා කරන්නේත් නෑ උන් වහන්සේට එය කල නොහැකි, ඒ උන්වහන්සේ ගේ ස්වභාවය එය නොවන නිසා.”

අපගේ පියානන්ව දැනගැනීම සියල්ල වෙනස් කල හැකියි, විශේෂයෙන් අපේ හදවත, උන්වහන්සේ ගේ මෘදු ආත්මය අපගේ සත්‍ය අනන්‍යතාව හා උන්වහන්සේ ඉදරියේ අපගේ ඇති වැදගත්කම ස්ථිර කරන විට. අපි යාච්ඤා පුර්වක කන්නලව්වෙන් උන්වහන්සේව සොයන චිට, ශූද්ධ ලියවිලි සෙවීමෙන් හා අවනත වන්නට උත්සහා දැරු විට දෙවියන් වහන්සේ අපිත් සමග ගිවිසුම් මාර්ගයේ ගමන් ගන්නවා

දෙවියන් වහන්සේගේ ස්වභාවයේ උත්කෘෂ්ඨ භාවය-එනම් මාගේ සාක්ෂිය

මගේ පියවරුන්ගේ දෙවියන්ට මම ආදරෙයි. , සර්ව සම්පන්න ස්වාමින් වූ දෙවියන් වහන්සේ අපගේ දුකේදී උන්වහන්සේ අපත් සමගම දුක්වෙනවා, අපගේ අධර්මිෂ්ඨකම් ඉවසීම හික්මනවා හා“අපගේ පව් සියල්ලම උන්වහන්සේ දැනගැනීම පිණිස අත් හරිනා විට” ඉතා ප්‍රීති වෙනවා. මම උන්වහන්සේට නමස්කාර කරනවා “පියවරු නැති අයට උන්වහන්සේ සැමදාම පියෙක් ” හා සහකාරයෙක් නැති අයට උන්වහන්සේ සහකරුවෙක්. මා කෘතඥ පූර්වකව, සාක්ෂි දරනවා මම දෙවියන් වහන්සේ වන මාගේ පියාණන්ව හඳුනාගෙන ඇති නිසා මා සාක්ෂි දරනවා උන් වහන්සේ ගේ “සර්ව සම්පුර්ණත්වය ගුණාංග හා උත්කෘෂ්ඨභාවයෙන් පිරී ස්වභාවය පිලිබඳව”

මා සිතනවා අප සියල්ලන්ට සත්‍ය ලෙස තේරුම් ගන්නටත් , පෝෂණය කරන්නටත් හැකි කියා අපගේ “වංශවත් ජන්ම අයිතිය” , දෙවියන් වහන්සේගේ දරුවෙකු ලෙස උන්වහන්සේ දැනගැනීම තුළින් “සැබෑ එකම දෙවියන් වහන්සේ හා උන් වහන්සේ පොලවට එවු පුත් ජේසුස් වහන්සේ නමින් කරන ඉතා ලැදි යාච්ඤාවයි මේ ”ජේසුස්ගේ නාමයෙන් ආමෙන්.

සටහන්

  1. See 2018 Outline for Sharing Time: I Am a Child of Godlds.org/manual/primary.

  2. See “I Am a Child of God,” Hymns, no. 301.

  3. රෝම 8:16.

  4. Boyd K. Packer, “To Young Women and Men,” Ensign, May 1989, 54.

  5. Brigham Young, “Discourse,” Deseret News, Oct. 1, 1856, 235.

  6. Moses 1:12–13; emphasis added.

  7. උප්පත්ති 1:26.

  8. පවුල: ලෝකයට ප්‍රකාශනයකි ,”ලියහොනා, 2017 මැයි, 145.

  9. Joseph Smith stated, “It is the first principle of the gospel to know for a certainty the character of God” (from the King Follett sermon, Apr. 7, 1844; in History of the Church, 6:305).

  10. ඇල්මා 36:3, 27බලන්න.

  11. Russell M. Nelson, in Tad R. Callister, “Our Identity and Our Destiny” (Brigham Young University devotional, Aug. 14, 2012), 1, speeches.byu.edu.

  12. නම වෙනස් කර ඇත.

  13. තරුණ කාන්තා තේමාව,” තරුණ කාන්තා පෞද්ගලික වර්ධන වැඩසටහන (2009), 3, PersonalProgress.lds.org.

  14. 2 නෙපි 2; 6–9; ]මොසයා 2–5; 14–16; ඇල්මා 7; 34; 39–42; හිලමන් 14; 3 නෙපි 11; මොරෝනි 7බලන්න.

  15. The Prophet Joseph Smith taught, “If men do not comprehend the character of God, they do not comprehend themselves” (Teachings of Presidents of the Church: Joseph Smith [2007], 40).

  16. Russell M. Nelson, “The Book of Mormon: What Would Your Life Be Like without It? Liahona, Nov. 2017, 61.

  17. හෙබ්‍රෙවූ 1:3.

  18. යොහාන් 5:19.

  19. See Jeffrey R. Holland, “The Grandeur of God,” Liahona, Nov. 2003, 70–73.

  20. Jeffrey R. Holland, “The Hands of the Fathers,” Liahona, July 1999, 19.

  21. යාකොබ් 1:5.

  22. Joseph Smith—History 1:15–17.

  23. Russell M. Nelson, “A Plea to My Sisters,” Liahona, Nov. 2015, 97.

  24. See “How Firm a Foundation,” Hymns, no. 85, verse 4.

  25. යෙසායා 41:10.

  26. Joy D. Jones, in Marianne Holman Prescott, “2018 Primary Theme ‘I Am a Child of God’ Teaches Children Their Divine Identity,” Church News section of LDS.org, Jan. 5, 2018, news.lds.org.

  27. Russell M. Nelson, “The Book of Mormon: What Would Your Life Be Like without It?” 61.

  28. හිලමන් 12:2; ද 2 නෙපි 26:24බලන්න.

  29. Lectures on Faith (1985), 42.

  30. 2 Nephi 26:33.

  31. I love the moving story of the old pioneer man who, following his experience crossing the plains, testified: “We suffered beyond anything you can imagine and many died of exposure and starvation, but did you ever hear a survivor of that company utter a word of criticism? Not one of that company ever apostatized or left the Church, because every one of us came through with the absolute knowledge that God lives for we became acquainted with him in our extremities” (in David O. McKay, “Pioneer Women,” Relief Society Magazine, Jan. 1948, 8).

  32. George Q. Cannon, “Remarks,” Deseret Evening News, Mar. 7, 1891, 4.

  33. See Doctrine and Covenants 18:10.

  34. බලන්නක්‍රියා 5:30; 22:14; “God of Our Fathers, Whose Almighty Hand,” Hymns, no. 78.

  35. මෝසෙස් 1:3;බලන්න එළිදරවු 15:3; 21:22–23; 3 නෙපි 4:32; Doctrine and Covenants 109:77; 121:4.

  36. ඇල්මා 22:18.

  37. ගීතාවලිය 68:5; බලන්න යාකොබ් 1:27.

  38. Lectures on Faith (1985), 42.

  39. “Carry On,” Hymns, no. 255.

  40. යොහාන් 17:3.