2025
මෙම ජීවිතයෙන් පසු: සමහර ප්‍රශ්නවලට පිළිතුරු
යෞවනයේ ශක්තිය සඳහා 2025 ජූලි


යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2025 ජූලි

මෙම ජීවිතයෙන් පසු

සමහර ප්‍රශ්නවලට පිළිතුරු

ස්වර්ගික පියාණන්වහන්සේ සැලැස්ම අපට මරණින් පසු ජීවිතය පිළිබඳ ඉදිරිදර්ශනයක් සහ සාමයක් ලබා දෙන්න පුළුවන්.

වලාකුළු අතර ඉනිමඟක්

තෝමස් ආර්නෝඩ්ගේ නිදර්ශනය

මරණින් පසුව අපිට මොකද වෙන්නේ?

මෙය සමහර විට සියලුම ආගම්වල ඇති ප්‍රශ්නය වෙන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් සහ උන්වහන්සේගේ ශුභාරංචිය තුළින් අපට ඇති පිළිතුරු බලවත්. මේ ජීවිතය අවසානය නොවේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටි නිසා, අපගේ ආත්මයන් අපගේ ශරීර සමඟ නැවත එක්වෙනවා, ඒවගේම අප සියල්ලන්ම යම් දිනක නැවත මරණයෙන් නැගිටිනවා.

ඇත්ත වශයෙන්ම, අපට ඇති විය හැකි අනෙකුත් ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි නූතන එළිදරව් හරහා අප වෙත පැමිණ ඇති මරණින් මතු ජීවිතය ගැන තවත් තොරතුරු තිබෙනවා. මෙන්න එවැනි ප්‍රශ්න කිහිපයක් සහ කෙටි පිළිතුරු කිහිපයක්.

ආත්මික ශරීර මොන වගේද?

ආත්මය යනු එක්තරා ආකාරයක පදාර්ථයකි, එය “වඩා සියුම් හෝ පිවිතුරු වේ” (දහම සහ ගිවිසුම් 131:7). ආත්මික ශරීර වැඩිහිටි මිනිස් ශරීර මෙන් පෙනෙනවා.

ආත්මික ලෝකය තිබෙන්නේ කොහෙද?

එය තිබෙන්නේ මෙහි, අප වටා.

ආත්මික ලෝකයේ සිදුවන්නේ මොනවාද?

වෙනත් දේ අතර, ශුභාරංචිය පිළිගත් ආත්මයන්, ශුභාරංචිය පිළි නොගත් ආත්මයන්ට ශුභාරංචිය දේශනා කිරීමට සංවිධානය වී සිටිනවා. ඒ ආත්මයන්ට එය පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට තෝරා ගන්න පුළුවන්.

මරණයෙන් නැවත නැගිටි ශරීර මොන වගේද?

මරණයෙන් නැවත නැගිටි ශරීර වලට නැවත මිය යා නොහැක, ඒවා මස් හා අස්ථි වලින් සමන්විත වන අතර පරිපූර්ණයි. ඒවා තේජාන්විත හා ලස්සනයි. “මරණයෙන් නැවත නැගිටි පිරිමියෙකු හෝ ගැහැනියක් දැකීමට වඩා ලස්සන දෙයක් තවත් නැහැ.”

සෙලෙස්ටියල් රාජ්‍යයේ සිදුවන්නේ මොනවාද?

සෙලෙස්ටියල් රාජ්‍යයේ ඉහළම මට්ටමේ සිටින අය අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ මෙන් වී ප්‍රීතියේ පූර්ණත්වය අත්විඳිනවා. ඔවුන්ට පියාණන්වහන්සේ සතු සියල්ල ලැබෙනවා. ඔවුන් උන්වහන්සේගේ කාර්යයට හා මහිමයට සහභාගී වෙනවා. ඔවුන් සදාකාලික විවාහයකින් මුද්‍රා තබා ඇති අතර එවිට සදාකාලික පවුල්වල ඔවුන්ගේම සදාකාලික ආත්මික දරුවන් සමඟ ජීවත් වෙනවා.

මේ ජීවිතේ කවදාවත් විවාහ වෙන්නේ නැති අයට මොකද වෙන්නේ?

ස්වර්ගික පියාණන්වහන්සේ පරිපූර්ණ ලෙස යුක්තිසහගතයි එමෙන්ම දයානුකම්පිතයි. “ආඥා පිළිපදින, තම ගිවිසුම්වලට සත්‍යවන්ත වන සහ හරි දේට ආශා කරන උන්වහන්සේගේ පුත්‍රයන්ට සහ දියණියන්ට සදාකාලිකවම කිසිදු ආශීර්වාදයක් අහිමි නොවන බවට ස්වාමින්වහන්සේ පොරොන්දු වී තිබෙනවා.”

මගේ දෙමව්පියන් දේවමාළිගාවේ මුද්‍රා තබා තිබුණා, නමුත් දැන් ඔවුන් දික්කසාද වෙලා. මා මුද්‍රා වී තිබෙන්නේ කාටද?

ඔබ “ගිවිසුම තුළ උපත ලබා” තිබෙන්න පුළුවන් (එනම්, ඔබේ දෙමව්පියන් දේවමාළිගාවේ මුද්‍රා තැබීමෙන් පසු උපත ලබා තිබෙන්න පුළුවන්), නැතහොත් ඔබේ දෙමව්පියන් එකිනෙකාට මුද්‍රා වීමෙන් පසු දේවමාළිගාවේ දී ඔබට මුද්‍රා වී තිබෙන්නට පුළුවන්. ඕනෑම අවස්ථාවක, ඔබේ දෙමව්පියන් දික්කසාද වීමට තෝරාගෙන ඔවුන්ගේ මුද්‍රා තැබීම අවලංගු කළත්, ඔබේ ආශිර්වාදය බලාත්මකව පවතිනවා.

ඔබේ දෙමාපියන්ගේ තේරීම් ඔබේ ආශිර්වාදයට බලපාන්නේ නැහැ. වැදගත් දෙය නම් ඔබ ඇදහිලිවන්තව සිටීම සහ දේවමාළිගාවේ ආශිර්වාද ඔබ විසින් ලබා ගැනීමයි. ඔබේ පවුල් සබඳතා සම්බන්ධයෙන්, ඔබ “ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා උන්වහන්සේගේ සැනසීම සෙවිය යුතුයි,” “සෑම පුද්ගලයෙකුටම ඔහුගේ හෝ ඇයගේ ආශාවන් හා තේරීම් වලට අනුව සෑම ආශීර්වාදයක්ම ලැබෙන බව ස්වර්ගික පියාණන්වහන්සේ සහතික කරන” බව ඔබ දැන සිටිය යුතුය.

සියදිවි නසාගැනීමෙන් මිය යන අයට සිදුවන්නේ කුමක්ද?

සියදිවි නසාගැනීමෙන් මිය යන අයට සිදුවන්නේ කුමක්ද කියා අපි දන්නේ නැහැ, ඒ වගේම අපට ඔවුන්ව විනිශ්චය කරන්න බැහැ (අවසානයේ, සියලුම මිනිසුන්ව මෙන්). “ආදරණීයයන්, නායකයින් සහ වෘත්තිකයන්ගේ උපරිම උත්සාහයන් තිබියදීත්, සියදිවි නසාගැනීම් සැමවිටම වළක්වා ගන්නට බැහැ. …

“කෙනෙකු තම ජීවිතය නැති කර ගැනීම සුදුසු නැහැ. කෙසේ වෙතත්, පුද්ගලයාගේ සිතුවිලි, ක්‍රියාවන් සහ වගවීමේ මට්ටම විනිශ්චය කළ හැක්කේ දෙවියන්වහන්සේට පමණයි (බලන්න 1 සාමුවෙල් 16:7; දහම සහ ගිවිසුම් 137:9). …

“සියදිවි නසාගැනීමෙන් ආදරණීයයෙකු අහිමි වූ අයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම තුළ බලාපොරොත්තුව සහ සුවය සොයාගන්න පුළුවන්.”

සටහන්

  1. බලන්න ඊතර් 3:16; Teachings of Presidents of the Church: Joseph F. Smith (1998), 131–32.

  2. බලන්න Teachings of Presidents of the Church: Brigham Young (1997), 279.

  3. බලන්න දහම සහ ගිවිසුම් 138.

  4. බලන්න ඇල්මා 11:45.

  5. බලන්න ලූක් 24:39.

  6. බලන්න ඇල්මා 11:43.

  7. Lorenzo Snow, The Teachings of Lorenzo Snow, ed. Clyde J. Williams (1996), 99.

  8. බලන්න මෝසෙස් 1:39.

  9. බලන්න ගීතාවලිය 16:11; 3 නීෆායි 28:10; දහම සහ ගිවිසුම් 76:59, 62; 130:2; 132:19–23.

  10. Dallin H. Oaks, Oct. 1993 general conference (Ensign, Nov. 1993, 75).

  11. බලන්න ප්‍රධාන අත්පොත: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සේවය කිරීම, 38.4.2.8 , ශුභාරංචි පුස්තකාලය.

  12. ප්‍රධාන අත්පොත, 38.4.2, ශුභාරංචි පුස්තකාලය.

  13. ප්‍රධාන අත්පොත, 38.6.20 , ශුභාරංචි පුස්තකාලය.