2025
පරිපූර්ණ මූලාශ්‍රයකින් උපකාර
2025 පෙබරවාරි


මාසික යෞ වනයේ ශක්තිය සඳහා පණිවිඩය, 2025 පෙබරවාරි

පරිපූර්ණ මූලාශ්‍රයකින් උපකාර

ඔබ කුමන කරදර වලට මුහුණ දුන්නත්, ඔබ උන්වහන්සේ වෙත හැරෙන විට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට උපකාර කරනු ඇත.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

ජෙනට් බොවුරොප් විසින්, The Pattern [රටාව]

වෙලාවකට අපි හැමෝටම පොඩි උදව්වක් අවශ්‍යය වෙනවා. සමහර විට ඒ ලොකු උදව්වක් වෙන්නත් පුළුවන්. සත්‍යය නම්, ඔබ තනිවම යාමට උත්සාහ නොකරන විට ජීවිතය සාමාන්‍යයෙන් වඩා හොඳ අතට හැරේ.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබේ උපකාරයේ, බලාපොරොත්තුවේ සහ ශක්තියේ පරිපූර්ණ මූලාශ්‍රයයි. උන්වහන්සේට—සමහර විට ඔබ කළ නොහැකි යැයි නොසිතූ ආකාරයෙන් පවා—ඔබව වඩා හොඳ ලෙස වෙනස් කිරීමට උදව් කළ හැකිය.

හදවතේ වෙනසක්

ඔබේ සතුරන්ගේ හදවත් මෘදු කරන ලෙස දෙවියන්වහන්සේට ඔබ කවදා හෝ යාච්ඤා කර තිබේද? එසේ නම්, ඔබ සිටින්නේ යහපත් අය වටායි (බලන්න 3 නෙපී 12:44; මොරෝනි 7:48). එම මොර්මොන්ගේ පොතේ ආකාරයටම ඔබට සතුරන් නොමැති වුවත් (ඔබ දන්නවා, ආයුධවලින් සන්නද්ධව ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින සතුරන්), ඔබට යහපත් ලෙස සලකන්නේ නැති කෙනෙකුගේ හදවත මෘදු කරන ලෙස ඔබ දෙවියන්වහන්සේට යාච්ඤා කර ඇති.

නමුත් ඔබේ හදවත මෘදු කරන ලෙස දෙවියන්වහන්සේට යාච්ඤා කර ඉල්ලා සිටින්නට ඔබ කවදා හෝ සිතුවාද? සමහර විට ඔබ යමෙකුට සමාව දීමට අපහසු තත්වය සිටිනවා වෙන්න පුළුවන්. එසේත් නැතිනම් ඔබ අකමැත්තෙන් වුවද ඔබට කෝපයයක් ඇතිවෙනවා වෙන්න පුළුවන්. එසේත් නැතිනම් ඔබේ සහෝදර සහෝදරියන් සමහර විට ඔබට කරදර කළත් ඔවුන් කෙරෙහි වැඩි කරුණාවක් දැක්වීමට ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්.

“[යේසුස් ක්‍රිස්තුස්වහන්සේ] ඔබේ හදවත සහ ඔබේ ජීවිතය වෙනස් කරයි. ටිකෙන් ටික, ඔබ වර්ධනය වී උන්වහන්සේ හා තව තවත් සමාන වෙයි. උන්වහන්සේ සමඟ ඇති ඔබේ ගිවිසුම් සම්බන්ධය මගින් උන්වහන්සේගේ බලයට ඔබට වැඩි ප්‍රවේශයක් ලබාදෙයි’’ (යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් කිරීම සඳහා මාර්ගෝපදේශයක් [2022], 8 අවධාරණය කිරීම් එකතු කරන ලදී).

එය උතුම් පොරොන්දුවක් නොවේද? ඔබ කුමක් සමඟ අරගල කළත්, ඒ ඔබේම හදවත සමඟ පවා වුවත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට උපකාර කරන්න පුළුවන්. අද ඔබට උන්වහන්සේ වෙත හැරිය හැක්කේ කෙසේද?

පිරිමි ළමයා