2025
ක්‍රිස්තුස්වහන්සේ දෙස බලන්න
2024 ජනවාරි


යෞවනයේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2025 ජනවාරි

ක්‍රිස්තුස්වහන්සේ දෙස බලන්න

දහම සහ ගිවිසුම් 6:36

2025 යෞවන තේමාව සැකයට වඩා විශ්වාසයත්, භීතියට වඩා ඇදහිල්ලත්, තෝරා ගැනිමට ඔබට උපකාරී වනු ඇත.

2025 යෞවන තේමා ලාංඡනය

වයස අවුරුදු දාහතක්වන කයිලි හදිසි අනතුරක ප්‍රතිඵලයක් ලෙස කම්පන සහගත මොළයේ තුවාලයක් ඇති වන තෙක්ම චියර්ලීඩින් කණ්ඩායමක සිටියේය. ඇගේ සුව වීම ඇයව පාසැල් යෑමෙන් වළක්වන ලද අතර, ඇයට හුදෙකලා හා තනිකමක් දැනෙන්නට පටන් ගත්තාය. ඇය චිත්තවේගීයව වෙහෙසට පත් වූ අතර උදව් සෙවිය යුත්තේ කොතැනින්දැයි ඇය නොදැන සිටියාය. මිතුරියක් ධර්මදූතයින්ට ඇහුම්කන් දෙන ලෙස යෝජනා කළාය. ඔවුන් ඇයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳව ඉගැන්විය. ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව බොහෝදේ ඉගෙනීමෙන් ඇය බලාපොරොත්තුවක් ලැබූ අතර, දෙවියන්වහන්සේම තමන් වෙත ළගා වෙන බවක් ඇයට හැඟුනි.

“මට කවදාවත් දෙවියන්වහන්සේ මට ආදරෙයි කියලා හැඟුනෙ නැහැ,” කයිලි ඇගේ මවට පැවසුවාය. නමුත් උන්වහන්සේ මට ආදරෙයි කියල මම දැන් දන්නවා”

ඇගේ මව, මිෂෙල්, ටිකක් පුදුම වුණා. ඇයත් ඇයගේ ස්වාමිපුරුෂයා, බ්‍රෝක්, කයිලිට වයස අවුරුදු හතේ දී විවිධ ප්‍රශ්න, සැකයන්, සහ යම් කාරණා හේතුවෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව හැර ගොස් තිබුණි. ඔවුන් සිතුවේ සියලු රැස්වීම් සහ ආඥා නැතිව තම දියණිය වඩා සතුටින් සිටිනු ඇතැයි කියායි. ඔවුන්ගේ තේරීම කයිලිව දෙවියන්වහන්සේ සමඟ සමීප සම්බන්ධතාවයකින් වළක්වනු ඇතැයි ඔවුන් කිසි විටෙකත් සිතුවේ නැත. මිෂෙල් සහ බ්‍රෝක් කයිලි වෙනස් වන ආකාරය බලා සිටින විට, ඔවුන්ට වැටහුණා දෙවියන්වහන්සේට සමීප බවක් හැගී බොහෝ කාලයක් ගතවී ඇති බවත් සහ නැවතත් එසේ දැනෙන්නට ඔවුන්ට අවශ්‍ය විය.

ඔවුන් ඔවුන්ගේ සභා නායකයා හමුවූ අතර ඉතා ඉක්මනින් පවුල, කයිලිගේ සහෝදරයා වන බ්‍රෙඩන් ද, නැවතත් සභාවට පැමිණියහ. දෙවියන්වහන්සේට සමීප වීම සහ උන්වහන්සේ සමඟ නැවත සම්බන්ධ වීම තුළින්—විශේෂයෙන්ම යාච්ඤාව තුළින්—ඔවුන්ගේ ඇදහිල්ල නැවත පිහිටුවන ලදි. සභාවට නැවත යාමෙන් ඔවුන්ගේ සියලු ප්‍රශ්න සහ යම් කාරණා විසඳුනේ නැත, එහෙත් ඔවුන්ට දෙවියන්වහන්සේ සමඟ ශක්තිමත් පෞද්ගලික සම්භන්ධතාවයක් තිබීම ඔවුන්ගේ අවිශ්වාසයට වඩා වැදගත් බව ඔවුන්ට තේරුම් ගියේය.

මේ සෑම දෙයක්ම ආරම්භ වූයේ මිතුරියක්—ඔබ වගේ නව යෞවනියක්—ක්‍රිස්තුස්වහන්සේ දෙස බලන්ට කයිලිට කළ ආරාධනය සමඟය. ඉතින් ඇය එය කළා!

උන්වහන්සේ අපට මෙලෙස උපදෙස් දී තිබෙනවා, “සෑම සිතුවිල්ලකදීම මා වෙත බලන්න; සැක නොසිතන්න, බිය නොවන්න” (දහම සහ ගිවිසුම් 6:36). 2025 යෞවුන් තේමාව පිටුපස ඇති පෙළඹවීම මෙයයි. ඔබ ක්‍රිස්තුස්වහන්සේ දෙස බලනා විට සැකයට වඩා විශ්වාසයත්, සහ බියට වඩාඇදහිල්ලත්, ඔබ තෝරා ගන්නා අන්දම ඔබත් සමඟ බෙදාගන්න අපට අවසර දෙන්න.

තරුණ ගැහැණු ළමුන්ගේ ප්‍රධාන සභාපතිත්වය

වමේ සිට දකුණට රූනියා සහෝදරිය, සභාපති ෆ්රීමන්, ස්පැනෝස් සහෝදරිය

ටමාරා ඩබ්ලිව්. රූනියා

මම වෙහෙසෙන විට, සෑමවිටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ විදහාගත් දෑත් සමඟින් මවා ගැනීම මට උපකාරී වේ. මම උන්වහන්සේ දෙස බලන විට, “I Will Walk with Jesus“ (මම යේසුස්වහන්සේ සමඟ ගමන් කරන්නෙමි) සිංදුවේ වචන මට මතකයි, “මම වැටෙන විට දී පවා , උන්වහන්සේ මා අත්නොහරිනු ඇත.”

එමිලි බෙල්. ෆ්‍රීමන්

මෙම තේමා ශුද්ධලියවිල්ල කියවන විට, මට ගලීල මුහුදේ පේතෘස් සිහිපත් වේ. කුණාටුව කෙරෙහි අවධානය යොමු කිරීම ඔහුගේ බිය හා සැකය වැඩි කළ අතර, එමඟින් ඔහු කුණාටු තරංගවල ගිලී ගියේය. නමුත් ගැළවුම්කරුවාණන් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔහුට පෙර නොතිබූ දෙයක් ඉටු කිරීමට හැකි විය: ඔහු ජලය මත ඇවිද ගියේය! ඇත්තටම, එය පුදුමාකාරයි. ඔබ උන්වහන්සේ දෙස බලන විට ඔබට ළඟා කර ගත හැක්කේ මොනවාද?

ඇන්ඩ්‍රියා මුනෝස් ස්පෑනාවුස්

මම බිය වීමට පටන් ගත් විට, මා සිටින්නේ කොතැනද හෝ මා කුමන තත්වයක සිටින්නේද යන්න නොසලකා, මම හිතාමතාම ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ මගේ සම්බන්ධතාවය ගැන සිතමි. මම කිහිප වතාවක් මගේ මනසේ මතක් කරමි: මම දෙවියන්වහන්සේගේ දියණියකි. මට හොඳයි කියල දැනෙනකම් මම මේක දිගටම කරගෙන යනවා. එය සැම විටම වැඩ කරනවා!

තරුණ පිරිමි ළමුන්ගේ ප්‍රධාන සභාපතිත්වය

වමේ සිට දකුණට විල්කොක්ස් සහෝදරයා, සභාපති ලුන්ඩ්, නෙල්සන් සහෝදරයා

බ්‍රැඩ්ලි ආර්. විල්කොක්ස්

ඔබ ගැන වඩාත්ම සැලකිලිමත් වන්නේ සහ ආදරය කරන්නේ කවුරුන්ද යන්න ඔබෙන්ම අසන්න. ඒ ඔබේ දෙමාපියන් සහ සභා නායකයින්ද? ඔබව අංකයක් පමණක් විය හැකි සමාජ මාධ්‍යයේ සිටින ජනතාව ද? ස්වර්ගික පියාණන්වහන්සේ සහ ක්‍රිස්තුස්වහන්සේ දෙස බලන්න. උන්වහන්සේලා සැබැවින්ම සැලකිලිමත්!

ස්ටීවන් ජේ. ලන්ඩ්

ඔබ ආරෝනික පූජකවර ගණපුරණයේ සහ තරුණ ගැහැණු ළමුන්ගේ තේමාවන් කියවන විට ඔබට මතක් වන දේ මතක තබා ගන්න: ඔබ දෙවියන්වහන්සේගේ ආදරණීය පුතෙකු හෝ දියණියකි. අපගේ පියාණන්වහන්සේට ඔබ වෙනුවෙන් සැලැස්මක් තිබෙන බව විශ්වාස කරන්න. ක්‍රිස්තුස්වහන්සේ දෙස බැලීම යනුවෙන් අදහස් කරන්නේ උන්වහන්සේගේ වන්දිගෙවීම එම සැලැස්මේ කේන්ද්‍රය බව දැකීමයි.

මයිකල් ටී. නෙල්සන්

ශුද්ධලියවිලි කියවීම ක්‍රිස්තුස්වහන්සේ දෙස බැලීමයි! යේසුස්වහන්සේගේ ප්‍රාතිහාරයන් සහ ඉගැන්වීම් අපට මතක් වන විට සැකය සහ බිය ස්වභාවයෙන්ම පහව යයි. උන්වහන්සේගේ වචනයන්ට ප්‍රවේශය ලැබීම අපට මහත් භෘග්‍යයකි. ඒවා අපගේ ජීවිතයේ අප අත්විඳින සෑම අවස්ථාවකටම අදාළ වේ.

සටහන

  1. Words and music by Stephen P. Schank (see Friend, Feb. 2020, 27; see also Hymns—For Home and Church, no. 1004).