“අප සියල්ලන්ම විවිධාකාර නම් අප එක්සත් වන්නේ කෙසේද?,” යෞවනයේ ශක්තිය සඳහා, ඔක්. 2024.
යෞවනයේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2024 ඔක්තෝම්බර්
අප සියල්ලන්ම විවිධාකාර නම් අප එක්සත් වන්නේ කෙසේද?
අපි හැමෝම විවිධාකාරයි. නමුත් ස්වාමීන්වහන්සේට අවශ්‍ය වන්නේ අප “ඒකත්වයක්” වීමටයි (දහම සහ ගිවිසුම් 38:27). අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතයන් අපට උගන්වා ඇති එක්සත්කමේ මූලධර්ම කිහිපයක් මෙන්න:
අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, උන්වහන්සේගේ ශුභාරංචිය සහ උන්වහන්සේගේ සභාව තුළ එක්සත්ව සිටිමු. “අප එක්සත් වීමට බලාපොරොත්තු විය හැක්කේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල අපගේ පෞද්ගලික පක්ෂපාතිත්වය සහ ප්‍රේමය තුළින් පමණි.”
එක්සත් වීමට ආදරය අවශ්‍යයි. “භාෂා විවිධත්වය සහ අලංකාර, නඟා සිටුවීමේ සංස්කෘතික සම්ප්‍රදායන් සමඟ වුවද, අප හදවත් එකමුතුවෙන් හා ප්‍රේමයෙන් බැඳී තිබිය යුතුය.”
සමගිය යනු සමානකමක් නොවේ “එකමුතුව සහ විවිධත්වය ප්‍රතිවිරුද්ධ නොවේ. විවිධත්වයට ගෞරව කිරීමේ වාතාවරණයක් අප විසින් පෝෂණය කරන විට අපට වැඩි එක්සත්කමක් ලබාගත හැකියි. “එකමුතුකමට සමානකමක් අවශ්‍ය නැත, නමුත් එයට සමගිය අවශ්‍යයි.”
සමගිය සඳහා මතභේද සහ අගතිය පිටුදැකිය යුතුය. “එහි සෑම කෙනෙකුටම ඉඩ තිබෙනවා. කෙසේ වෙතත්, කිසිඳු ආකාරයක අගතියක්, හෙළා දැකීමක් හෝ මතභේදයකට එහි ඉඩක් නැත.”
© 2024 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly For the Strength of Youth Message, October 2024. හි පරිවර්තනයකි. Sinhala. 19344 408