“උන්වහන්සේගේ සභාවේ නම,” යෞවනයින්ගේ ශක්තිය සඳහා 2021 ඔක්තෝ.
යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2021 ඔක්තෝම්බර්
උන්වහන්සේගේ සභාවේ නම
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සභාවට දුන් නම පිටුපස අර්ථයක් තිබේ.
මාගේ සභාව
සභාව—එකම දේ විශ්වාස කරන සහ එකට නමස්කාර කරන පිරිසක්. මෙම සභාව අයිති යේසුස් ක්‍රිස්තුස්වහන්සේටය. උන්වහන්සේ එය ආරම්භ කළේය. උන්වහන්සේ එයට නායකත්වය දෙයි. එය උන්වහන්සේගේය.
කැඳවනු ඇත
මිනිසුන් තම සභාව හැඳින්වීමට අවශ්‍ය කෙසේද කියා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට පවසා ඇත. එබැවින් අප එය හැඳින්විය යුත්තේ එලෙසයි - අන් අයට එය ඇමතීමට කාරුණිකව ඉල්ලා සිටිය යුත්තේ ද එලෙසයි. මෙම නම පැමිණියේ යේසුස් ක්රිස්තුස්වහන්සේගෙනි.
අවසාන දවස්
අවසාන දවස්—අපි ජීවත් වන කාලයයි; යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීමට පෙර කාලය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම සභාව නැවත පොළවට ගෙන ආවේ මෙම අවසාන කාලයටයි. එය උන්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා ලෝකය සූදානම් කිරීමට උපකාරී වේ.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව
(“මාගේ සභාව.” බලන්න ) ගැලවුම්කරුවාණන් තම සභාවට දුන් නමේ පළමු කොටස මෙයයි. උන්වහන්සේ එය හඳුන්වන්නේ “සභාව” ලෙස ය, මන්ද උන්වහන්සේ එය සංවිධානය කළ නිසායි. තවද උන්වහන්සේ උන්වහන්සේගේ නම එහි තබා ඇත.
පසුදවස්
(“අවසාන දවස්” බලන්න) සභාවේ නමේ ඊළඟ කොටස මෙයයි. එයින් සරලව පෙනෙන්නේ උන්වහන්සේ පෙර කාලයේ ආරම්භ කළ සභාව නොව මේ දිනවල උන්වහන්සේ ආපසු ගෙන ආ සභාව මෙය බවයි.
ශුද්ධවන්තයන්
ශුද්ධවන්තයන්—වචනයේ තේරුම “ශුද්ධ වූ මිනිසුන්” යන්නයි. සභාවේ නමේ අවසාන කොටස මෙයයි. එය සභාවේ සාමාජිකයන් ගැන කතා කරයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අපව පිරිසිදු හා නිර්මල කළ හැකිය. තවද උන්වහන්සේ අණ කළ දේ කිරීමට උත්සාහ කරන විට අපව ශක්තිමත් කිරීම සඳහා උන්වහන්සේ අපට ශුද්ධාත්මයාණන්වහන්සේ දෙන සේක. අපි උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබා දිගින් දිගටම උත්සාහ දරන්නේ නම්, උන්වහන්සේ අපව පාරිශුද්ධ කරන සේක. උන්වහන්සේ අපව ශුද්ධවන්තයන් කරන සේක.
© 2021 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly For the Strength of Youth Message, October 2021 හි පරිවර්තනයකි. Sinhala. 17474 408