2021
යේසුස්වහන්සේ ඉගෙනගෙන වැඩුණා
2021 ජනවාරි


“යේසුස්වහන්සේ ඉගෙනගෙන වැඩුණා,” මිතුරා 2021 ජනවාරි

ශුද්ධලියවිලි කතන්දර

යේසුස්වහන්සේ ඉගෙනගෙන වැඩුණා

යේසු බිලිඳා

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසින්

යේසුස්වහන්සේ කුඩා ළදරුවෙක් ලෙස ඉපදුණා. මමත් කාලෙක එක ළදරුවෙක්!

මරියා, ජෝසප් සහ යේසු බිළිඳු

මරියා සහ යෝසෙප් යේසුව බලාගන්න උදව් වුණා. මාව බලාගන්න උදව් වුනේ කවුද?

යෝසෙප් සහ කුඩා යේසු

මම වැඩෙන ආකාරයටමයි යේසුත් වැඩුනේ. ඔහු දැනුමෙන් වැඩුණා. ඒ කියන්නේ ඔහු අලුත් දේවල් ඉගෙනගත්තා.

කුඩා යේසු

ඔහු උසින් වැඩුණා. ඒ කියන්නේ ඔහුගේ ශරීරය ලොකු වුණා.

කුඩා යේසු පාඩම් කරමින්

ඔහු දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව වැඩුණා. ඒ කියන්නේ ඔහු ස්වාර්ගික පියාණන් ගැන ඉගෙනගත්තා. ඔහු යාච්ඤා කරන්න ඉගෙනගත්තා. ඔහු ශුද්ධලියවිලි කියෙව්වා.

කුඩා යේසු අනෙක් ළමයින් සමග

ඔහු මිනිසුන්ගේ කැමැත්තට අනුව වැඩුණා. ඒ කියන්නේ ඔහු අලුත් මිතුරන් ඇතිකරගත්තා. ඔහු අන් අයට කරුණාවන්තයි. ඔහු ඔහුගේ පවුලට උදව් කළා.

ළමයින් වත්තක

මගේ සිතටත් ඇඟටත් වැඩෙන්න මට උදව් කරන්න පුලුවන්. මට දෙවියන්වහන්සේ ගැන ඉගෙනගන්න පුලුවන්. මට හොඳ මිතුරෙක් වෙන්න පුලුවන්. මම යේසු වගේ හොඳ විදිහට වැඩෙනවා!