“2021 විෂයමාලාව සඳහා උපදෙස්,” 2021 විෂයමාලාව සඳහා උපදෙස් (2020)
“2021 විෂයමාලාව සඳහා උපදෙස්,” 2021 විෂයමාලාව සඳහා උපදෙස්
2021 විෂයමාලාව සඳහා උපදෙස්
මෙම ලේඛනය 2021 දී භාවිතා කළ යුතු සභාවේ විෂයමාලා ද්‍රව්‍ය ලැයිස්තුගත කරයි. බොහෝ භාෂාවන් සඳහා, මෙම ද්‍රව්‍ය ඩිජිටල් ශුද්ධලියවිලි පුස්තකාල යෙදුමෙන් සහ ComeFollowMe.ChurchofJesusChrist.org වෙතින් ලබාගත හැකිය. 2021 සඳහා නව අයිතම සටහන් කර ඇත.
පුද්ගලයන් සහ පවුල්
නව Come, Follow Me—For Individuals and Families: Doctrine and Covenants 2021 (16587)
ඔබේ ඒකකයේ සාමාජිකයන් හිලිගෙයිනොන්, සිංහල, තුර්කි, හින්දි, දෙමළ, තෙළිඟු හෝ උර්දු කතා කරන්නේ නම්, එන්න, එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (16899) භාවිතා කරන්න.
ප්‍රාථමිකය
බාලාංශ පන්තිය (වයස මාස 18–අවුරුදු 2)
Behold Your Little Ones: Nursery Manual (37108)
ගායනා කාලය සහ සියලුම ප්‍රාථමික පන්ති (වයස 3–11)
නව Come, Follow Me—For Primary: Doctrine and Covenants 2021 (16588)
ඔබේ ඒකකයේ සාමාජිකයන් අම්හාරික්, හිලිගෙයිනොන්, හින්දි, හ්මොන්ග්, අයිස්ලන්ත, ලාඕ, ලින්ගල, සර්බියානු, ෂෝනා, සිංහල, ස්ලොවැක්, ස්ලොවේනියානු, දෙමළ, තෙළිඟු, තුර්කි, උර්දු, ෂෝසා හෝ සුලූ කතා කරන්නේ නම්, ප්‍රාථමිකයේ භාවිතය සඳහා එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා, තුළින් අදහස් ලබාගන්න හෝ ළමුන් සඳහා ඇති වෙනත් සභා අත්පොත් භාවිතා කරන්න.
ඉරුදින පාසල
වැඩිහිටි හා යෞවන ඉරිදා පාසල
නව Come, Follow Me—For Sunday School: Doctrine and Covenants 2021 (16589)
ඔබේ ඒකකයේ සාමාජිකයන් අම්හාරික්, හිලිගෙයිනොන්, හින්දි, හ්මොන්ග්, අයිස්ලන්ත, ලාඕ, ලින්ගල, සර්බියානු, ෂෝනා, සිංහල, ස්ලොවැක්, ස්ලොවේනියානු, දෙමළ, තෙළිඟු, තුර්කි, උර්දු, ෂෝසා හෝ සුලූ කතා කරන්නේ නම්, ඉරිදා පාසලේ භාවිතය සඳහා එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා, තුළින් අදහස් ලබාගන්න හෝ වෙනත් සභා අත්පොත් භාවිතා කරන්න.
වැඩිහිටි ගණපූර්ණය සහ සහන සමිතිය
“ප්‍රධාන සම්මන්ත්‍රණ පණිවිඩ තුලින් ඉගෙනීම” (එන්සයින් හෝ ලියාහෝනා හි සම්මන්ත්‍රණ නිකුතු වල මුද්‍රණ අනුවාදය ලබාගැනීමට ඇත)
ඔබේ ඒකකයේ සාමාජිකයන් අම්හාරික්, හිලිගෙයිනොන්, හින්දි, හ්මොන්ග්, අයිස්ලන්ත, ලාඕ, ලින්ගල, සර්බියානු, ෂෝනා, සිංහල, ස්ලොවැක්, ස්ලොවේනියානු, දෙමළ, තෙළිඟු, තුර්කි, උර්දු, ෂෝසා හෝ සුලූ කතා කරන්නේ නම්, වැඩිහිටි ගණපූර්ණයේ සහ සහන සමිතියේ භාවිතය සඳහා එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා, තුළින් අදහස් ලබාගන්න හෝ වෙනත් සභා අත්පොත් භාවිතා කරන්න.
ආරෝනික පූජකත්වය සහ තරුණ කාන්තා
නව Come, Follow Me—For Aaronic Priesthood Quorums and Young Women Classes: Doctrinal Topics 2021 (16639)
ඔබේ ඒකකයේ සාමාජිකයන් අම්හාරික්, හිලිගෙයිනොන්, හින්දි, හ්මොන්ග්, අයිස්ලන්ත, ලාඕ, ලින්ගාල, සර්බියානු, ෂෝනා, සිංහල, ස්ලෝවැක්, ස්ලොවේනියානු, දෙමළ, තෙළිඟු, තුර්කි, ෂෝසා, සුලූ හෝ උර්දු කතා කරන්නේ නම්, මාගේ ශුභාරංචිය දේශනා කරන්න හි 3 වන පරිච්ඡේදයේ පාඩම් භාවිතා කරන්න (16229). ඔබේ යෞවනයන්ගේ අවශ්‍යතා සපුරාලන මෑත ප්‍රධාන සම්මන්ත්‍රණ පණිවිඩ වලින්ද ඔබට ඉගැන්විය හැකිය.
සියලුම සංවිධාන
ගුරු මන්ත්‍රණ සභා රැස්වීම
Teaching in the Savior’s Way
වෙනත් පාඨමාලා (අත්පොත් තිබේ නම්)
විවාහය සහ පවුල ශක්තිමත් කිරීම, දේවමාළිගාවට සූදානම් වීම සහ ධර්මදූතයට සූදානම් වීම පිළිබඳ පාඨමාලා සභාවේ දෙවන පැයේදී පැවැත්වෙන්නේ නැත. කෙසේ වෙතත්, සභානායකවරයාගේ අභිමතය පරිදි සහ දේශීය අවශ්‍යතා මත පදනම්ව, මෙම පාඨමාලා වෙනත් අවස්ථා වලදී පුද්ගලයන්, පවුල් හෝ කණ්ඩායම් සඳහා ඉගැන්විය හැකිය.
විවාහය සහ පවුල් සම්බන්ධතා
Marriage and Family Relations Instructor’s Manual (35865) සහ Marriage and Family Relations Participant’s Study Guide (36357)
දේවමාළිගාවට සූදානම් වීම
Endowed from on High: Temple Preparation Seminar Teacher’s Manual (36854) සහ ශුද්ධ වූ දේවමාළිගාවට ඇතුල්වීමට සූදානම් වීම (36793)
ඒකක වාර්ෂික විෂයමාලා ඇණවුම සඳහා උපදෙස්
2021 සඳහා, සභානායකවරුන්ට සහ ශාඛා සභාපතිවරුන්ට ඔවුන්ගේ ඒකක වල සාමාජිකයින්ට බෙදාහැරීම සඳහා එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා හි මුද්‍රිත පිටපත් ලැබෙනු ඇත. ඒකකයේ සෑම ක්‍රියාකාරී නිවසකටම එක් පිටපතක් බැගින් ඔවුන්ට ලැබෙනු ඇත. දේශීය ඒකක මෙම පිටපත් සඳහා අය නොකෙරේ. කෙසේ වෙතත්, ප්‍රාථමිකය, ඉරිදා පාසල, සහ ආරෝනික පූජකත්වය සහ තරුණ කාන්තාවන් සඳහා භාවිතා කරන අත්පොත් වල මුද්‍රිත පිටපත් ඇණවුම් කිරීමට හා ගෙවීමට ඒකක වලට සිදුවේ.
ඔබට 2020 ජුනි 30 සිට ඒකක ද්‍රව්‍ය ඇණවුම් කළ හැකිය. කරුණාකර ඔබගේ ඇණවුම 2020 අගෝස්තු 31 ට පෙර කරන්න. මෙම දිනයෙන් පසුව ඇණවුම් කරන ලද ද්‍රව්‍ය 2021 ජනවාරි 1 වන විට ලබාදිය නොහැකි විය හැකිය. මුද්‍රණ ද්‍රව්‍ය ඇණවුම් කිරීම සඳහා, store.ChurchofJesusChrist.org වෙත පිවිස, Units and Callings තෝරන්න, ඉන්පසු Annual Curriculum තෝරන්න.
අවශ්‍ය ප්‍රමාණයට වඩා මුද්‍රිත පිටපත් ඇණවුම් කිරීමෙන් වැළකීමට පහත සඳහන් ප්‍රශ්න සලකා බලන්න:
-
ඔබේ ඒකකයේ දැනටමත් අවශ්‍ය වන මුද්‍රිත පිටපත් කීයක් තිබේද?
-
මුද්‍රිත පිටපත් වලට වඩා ගුරුවරුන් කී දෙනෙක් එම ද්‍රව්‍ය වල ඩිජිටල් අනුවාද භාවිතා කරනවාද?
ආබාධ සහිත පුද්ගලයින් සඳහා ද්‍රව්‍ය
ශ්‍රව්‍ය ආකෘතියෙන්, බ්‍රේල් අකුරු වලින් සහ විශාල අකුරු සහිත මුද්‍රණයෙන් ද්‍රව්‍ය store.ChurchofJesusChrist.org හි ලබාගත හැකිය.