2019
ඔබට දේවසේවය කිරීමට ආත්මයාණන්ට උදව් වීමට හැක්කේ (සහ උදව් වන්නේ) කොහොමද
2019 සැප්තැම්බර්


දේවසේවා මූලධර්ම, 2019 සැප්තැම්බර්

ඔබට දේවසේවය කිරීමට ආත්මයාණන්ට උදව් වීමට හැක්කේ (සහ උදව් වන්නේ) කොහොමද

දේවසේවය කිරීමට පූජකවර පැවරුම, එළිදරව් ලබාගැනීමේ අයිතියත් සමගම පිරිමින්ට සහ කාන්තාවන්ට යන දෙපාර්ශවයටම ලබාදී ඇත.

ministering

ගෙටි රූප වලින් ගත් නිදර්ශන

දේවසේවය කිරීමට සහ සේවය කිරීමට සහ ගැලවුම්කරුවාණන් ලෙස ප්‍රේම කිරීමට ඇති කැඳවීම විශේෂයෙන්ම අපි හොඳින් හඳුනන්නේ නැති අය කරා ලඟාවීමේදී- යම් අවස්ථාවල අභියෝගාත්මක විය හැකිය. දේවසේවය කිරීමට ආකාර මිලියන ගණනක් තිබියදීත්, අපට පැවරී ඇති අය කරා ලඟාවන්නට ඇති හොඳම ආකාරය කුමක්ද කියා දැනගැනීම පිළිබඳ අපි පුදුම වී සිටින්නෙමු.

අපි දිගින් දිගටම පුදුම විය යුතු නැත මන්ද, අපගේ අවංක ප්‍රයත්නයන් ශුද්ධාත්මයාණන්වහන්සේ’ තුල මෙහෙයවෙනු ලැබෙනු ඇත.

“ඔබගේ ශුද්ධවූ දේවසේවා පැවරුම පෙළඹවීම සඳහා ඔබට දිව්‍යමය අයිතියක් ලබා දේ”, යනුවෙන් තරුණ කාන්තා ප්‍රධාන සභාපතිත්වයේ බොනී එච්. කෝර්ඩන් සහෝදරිය පැවසුවාය. “එම පෙළඹවීම් ආත්මශක්තියකින් යුතුව ඔබට සෙවිය හැකිය.”1

ගැලවුම්කරුවාණන් ලෙස සේවය කිරීමට අප සොයන විට, උන්වහන්සේට මගපෙන්වූ ඒ ආත්මයාණන්ම අපව මෙහෙයවනු ලබයි. සභානායකවරයාගේ පූජකවර යතුරු වල අධිකාරීත්වය යටතේ, දේවසේවය වැනි, පැවරුමක සේවය කිරීමේදී මෙය විශේෂයෙන්ම සත්‍ය වේ. ආත්මයාණන් සමග දේවසේවය කිරීම සඳහා යෝජනා 6ක් මෙන්න.

දේවසේවය කිරීමේදී මට ආත්මයාණන් තබාගත හැක්කේ කෙසේද?

  • මගපෙන්වීම සඳහා ඉල්ලන්න. යාච්ඤාව තුලින් ස්වර්ගික පියාණන්වහන්සේ සමග අපි සන්නිවේදනය කිරීම උන්වහන්සේ බලාපොරොත්තු වන සේක. යාච්ඤාව අපව උන්වහන්සේ කෙරෙහි සමීප කරවනවා පමණක් නොවේ, නමුත් “දෙවියන්වහන්සේ දැනටමත් අපට දෙන්නට කැමති ආශිර්වාද ඇතත් අප අසන විට පමණක් ඒවා ලබාදෙන බවට කොන්දේසි ඇති ආශිර්වාද” එමගින් ආරක්ෂා කෙරේ.2 කෝර්ඩොන් සහෝදරිය මෙසේ කියයි, “අපි යාච්ඤා කර ඔවුන්ගේ හදවත් තේරුම්ගැනීමට සොයන විට”, “ස්වර්ගික පියාණන්වහන්සේ අපව මෙහෙයවන බවත් එමෙන්ම උන්වහන්සේගේ ආත්මය අප සමග යන බවත් මම සාක්ෂි දරමි.”3

  • පෙලඹවීම් සඳහා බලා නොසිටින්න. ක්‍රියාශීලීවන්න. “උනන්දුවෙන් නිරත” වන්න (දහම සහ ගිවිසුම 58:27), එවිට ඔබගේ ප්‍රයත්න කෙරෙහි මගපෙන්වීම ලැබී ඒවා විශාල වේවි. “එළිදරව් සඳහා සුදුසු වීමට වැදගත්ම ආකාරයක් වන්නේ අපගේ සේවය සහ ක්‍රියා සමග ඉදිරියටම යාම,” බව පළමු සභාපතිත්වයේ පළමු උපදේශක සභාපති ඩාලින් එච්. ඕක්ස් පැවසුවේය. “මගේ සුභාරංචි අධ්‍යනයේ මා දුටු දෙයක් වන්නේ බොහෝ එළිදරව් දෙවියන්වහන්සේගේ දරුවන්ට පැමිණෙන්නේ, ඔවුන්ගේ පුරුදු වල පසුපසට වී ගතයුතු පළමු පියවර ස්වාමින්වහන්සේ පවසන තෙක් සිටින විට නොව, නමුත් ඔවුන් ක්‍රියාකරන විටය.”4

දේවසේවය සඳහා පෙළඹවීම් මම හඳුනාගන්නේ කෙසේද?

  • මෝර්මොන්ගේ අවවාදය ලබාගන්න. සිතුවිල්ලක් පෙළඹවීමක්ද නැද්ද යන්න ගැන අප කරදර වෙවී සිටීමට අවශ්‍ය නැත. අපට දැනගැනීමට අවශ්‍ය වන මෝර්මොන්ගේ පහසු යතුර ඇති විට එය එසේ නොවේ: ඔබට යහපතක් කිරීමට සහ විශ්වාස කිරීමට හෝ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට අන් අයට උපකාර කිරීමට ඔබව පොළඹවන සිතුවිල්ලක් තිබේ නම්, එය දෙවියන්වහන්සේගෙන් බව ඔබට දැනගත හැකිය (බලන්න මොරෝනි 7:16).

  • ඒ ගැන කනස්සලු වන්නට එපා. “තටාකයට පැන පීනන්න” කියා ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් පැවසුවේය. “අවශ්‍යතා ඇති අය කරා යන්න. ඔබ පසුපෙළ හෝ සුනඛ පැඩලය කළ යුතුද යන්න ගැන කල්පනා කරමින් නිශ්චල නොවන්න. අප උගන්වා ඇති මූලික මූලධර්ම අනුගමනය කරන්නේ නම්, පූජකවර යතුරු සමඟ පෙලගැසී, සහ අපට මඟපෙන්වීම සඳහා ශුද්ධාත්මයාණන් සොයන්නේ නම්, අපට අසමත් විය නොහැක.”5

පෙළඹවීමක් අනුගමනය කිරීමට ඇති හොඳම මාර්ගය කුමක්ද?

  • ඉක්මනින්ම. සූසන් බෙඩ්නාර් සහෝදරිය (ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නාර්ගේ බිරිඳ) පෙළඹවීම් අනුගමනය කිරීම සඳහා හොඳ උදාහරණයකි. “අවශ්‍යතා ඇති අයව දැකීම සඳහා ආත්මික ඇස් සඳහා” යාච්ඤා කිරීමෙන් පසු, ඇය සභාව වටපිටාව දෙස බලා බොහෝ අවස්ථා වල “යම් නිශ්චිත පුද්ගලයෙකු බැහැදැකීමට හෝ දුරකථන ඇමතුමක් ලබාදීමට ආත්මික හැඟීමක් ලබාගත් බව” වැඩිහිටි බෙඩ්නාර් බෙදාගත්තේය. “එමෙන්ම බෙඩ්නාර් සහෝදරියට එවැනි හැඟීමක් ඇති වූ විට, ඇය වහාම ප්‍රතිචාර දක්වමින් කීකරු වූවාය. බොහෝ විට සිදුවන්නේ “ආමෙන්” ලෙස අවසාන යාච්ඤාවේ කියූ විගස ඇය කලේ යෞවනයෙකු සමඟ කතා කිරීම හෝ සහෝදරියක් වැළඳගැනීම හෝ නිවසට පැමිණි වහාම දුරකථනය රැගෙන ඇමතුමක් ලබා දීමයි.”6

  • ධෛර්යවන්තව. ප්‍රතික්ෂේප වීමට ඇති බිය සහ ලැජ්ජාව, ප්‍රමාණවත් නොවීම හෝ අපහසුතාවයක් දැනීම වැනි දේ දේවසේවයේ යෙදීමට ලැබෙන පෙළඹවීම් වලට බාධා කරයි. ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූරණයෙහි වැඩිහිටි ගැරිට් ඩබ්ලිව්. ගොං පැවසුවේ “විවිධ කාලවලදී හා ක්‍රමවලින් අප සැමටම ප්‍රමාණවත් නැති, අවිනිශ්චිත, සමහර විට නුසුදුසු යන බවක් හැඟේ. “නමුත් දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට සහ අපගේ අසල්වැසියාට දේවසේවය කිරීමට අප විශ්වාසවන්තව දරන උත්සාහයේදී, අපට දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනෙනු ඇති අතර ඔවුන්ගේ සහ අපගේ ජීවිත සඳහා නව හා ශුද්ධ ආකාරයකින් පෙළඹවීමක් අවශ්‍ය වේ.”7

    සියදිවි නසාගැනීමට තැත් කළ කාන්තාවකගේ ස්වාමිපුරුෂයා හමුවීමට තමා පසුබට වූ ආකාරය එක් සහෝදරයෙක් බෙදාගත්තේය. නමුත් ඔහු අන්තිමේදී එම ස්වාමිපුරුශයාට දිවා ආහාරයකට කථා කළේය. “මම කිව්වම,‘ඔබේ බිරිඳ සියදිවි නසාගැනීමට උත්සාහ කළා. එය ඔබට නොතකා සිටිය නොහැකි තරම් බලවත් විය යුතුයි. ඔබට ඒ ගැන කථා කිරීමට අවශ්‍යද? ඔහු විවෘතවම වැළපී,” බෙදාගත්තේය. “අපි මුදු මොළොක් හා සමීප සංවාදයක් පැවැත්වූ අතර මිනිත්තු කිහිපයක් ඇතුළත අපූරු සමීපතාවයක් සහ විශ්වාසයක් ගොඩනඟා ගත්තෙමු.”8

සටහන්:

  1. බොනී එච්. කොර්ඩොන්. “එඬේරෙකු බවට පත්වීම,” ලියහෝනා, 2018 නොවැ. 76.

  2. බයිබල් ශබ්දකෝශය, “Prayer.”

  3. බොනී එච්. කොර්ඩොන්. “එඬේරෙකු බවට පත්වීම,” 76.

  4. Dallin H. Oaks, “In His Own Time, in His Own Way,” Liahona, Aug. 2013, 24.

  5. Jeffrey R. Holland, “The Ministry of Reconciliation,” Liahona, Nov. 2018, 77.

  6. David A. Bednar, “Quick to Observe,” Liahona, Dec. 2006, 17.

  7. ගැරිට් ඩබ්. ගොන්ග්, “ඇදහිල්ලේ අපගේ කූඩාරම,” ලියහෝනා, 2019 නොවැ. 42.

  8. බලන්න බොනී එච්. කොර්ඩොන්. “එඬේරෙකු බවට පත්වීම,” 76.