2019
දේවසේවය යනු ගැලවුම්කරුවාණන් දුටු ලෙස අන් අය දැකීමයි.
2019 ජූනි


ministering

දේවසේවා මූලධර්ම, 2019 ජුනි

දේවසේවය යනු ගැලවුම්කරුවාණන් දුටු ලෙස අන් අයව දැකීමයිි

වෙනස් පුද්ගලයන් ලෙස දැකීමට පුරුදුව සිටි අය සමඟ ගැලවුම්කරුවාණන්වහන්සේ උන්වහන්සේගේ කාලයෙන් වැඩි කොටසක් ගත කළා; උන්වහන්සේ ඔවුන්ගේ දිව්‍යමය වර්ධනයන් දුටුවා.

ගැලවුම්කාරයාණන් ලෙස දේවසේවය කිරීමට අප දරන උත්සාහයේදී, අපට වඩා වෙනස් කෙනෙකුට දේවසේවය කිරීමට අපෙන් ඇසිය හැක. මෙය අපට ඉගෙනගැනීමට සහ වර්ධනය වීමට අවස්තාවක් සලසනු ඇත.

සංස්කෘතිය, අධ්‍යාපනය, ජාතිය, ආර්ථිකය, වයස, අතීත සහ වර්තමාන හැසිරීම්, හෝ අනෙකුත් වෙනස්කම් කෙනෙකුව අප විසින් දැනගැනීමට පෙර පවා විනිශ්චය කිරීම පහසු කරයි. මෙම පෙර-විනිශ්චය අගතියෙ හදවතෙහි ඇත්තකි, ඒ වගේම ගැලවුම්කරුවාණන්වහන්සේ එයට එරෙහිව අනතුරු ඇඟවීය (1 සැමුවෙල් 16:7; යොහාන් 7:24 බලන්න).

අපට අතීතයේ වෙනස්කම් දෙස බලමින් ගැලවුම්කරුවාණන් දුටු ලෙස අන් අයව දැකීමට පුලුවන්ද? සැබවින්ම ඔවුන් කවුද ඔවුන්ට වීමට හැකි කවුරුන්ද යන දෙස බලා අන් අයට ආදරය කිරීමට අපි ඉගෙනගන්නේ කොහොමද?

බැලීම සහ ආදරය කිරීම

සදාකාලික ජීවිතය ලබාගත හැක්කේ කෙසේද කියා ඇසු පොහොසත් තරුණයා පිලිබඳ හුරුපුරුදු කතාව බයිබලයෙන් සොයාගත හැකිය: “එවිට යේසුස්වහන්සේ ඔහුදෙස බලා, ඔහුට ප්‍රේම කොට, නුඹට එක් දෙයක් අඩුය: ගොස් නුඹ සන්තක සියල්ල විකුණා දිළිඳුන්ට දීපන්න, ස්වර්ගයෙහි නුඹට වස්තු ඇතිවන්නේය: එවිට කුරුසිය රැගෙන, නුඹ මා අනුව එන්නයි ඔහුට කී සේක” (මාර්ක් 10:21).

හැත්තෑවරුන්ගේ වැඩිහිටි එස්. මාර්ක් පැල්මර් අවුරුදු කිහිපයකට පෙර මෙම ශුද්ධලියවිල්ල අධ්‍යනය කල විට, කතාවේ නව කොටසක් හදිස්සියෙන්ම ඔහු වෙත නැගී සිටියා.

යේසුස්වහන්සේ ඔහු දෙස බලා ඔහුට ප්‍රේම කළා.’

“මට මෙම වචන ඇසුණු විට, අපගේ ස්වාමින්වහන්සේ නතරවී මෙම තරුණයා දෙස බලන පැහැදිලි රූපයකින් මගේ මනස පිරුනා. බැලීම- යනු ඔහුගේ ආත්මය දෙස ගැඹුරින් සහ විනිවිද ලෙස බැලීම, ඔහුගේ හොඳ මෙන්ම ඔහුට වියහැක්කේ කවුරුන්ද යන්න හඳුනා ගැනීම, එසේම ඔහුගේ විශාලතම වුවමනාව තේරුම් ගැනීමයි.

“ඊටපසු එන සරල වචන වන්නේ - යේසුස්වහන්සේ ඔහුට ප්‍රේම කිරීමයි. මෙම තරුණයා වෙත උන්වහන්සේට ඉතා ප්‍රබල ආදරයක් සහ දයානුකම්පාවක් දැනුනා, ඒ වගේම මෙම ආදරය නිසා සහ මෙම ආදරය සමඟ, යේසුස්වහන්සේ ඔහුගෙන් තව තවත් ඉල්ලා සිටියා. තමන්ට ඇති සියලුදේම විකුණා එය දුප්පතුන්ට දීම වැනි ඉතා අමාරු දෙයක් අසන විටදී පවා එවැනි ආදරයකින් ආවරණය වීම මෙම තරුණයාට හැඟුනේ කොහොමද කියා මම මවාගත්තා. …

“අන් අයට දෙවියන්වහන්සේගේ ආදරය මා තුලින් දැනීමට සහ වෙනස්වීමට කැමැත්තක් ඇතිවීම සඳහා ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ප්‍රේමයකින් මා පිරී යන්නේ කෙසේද? කියා [මම මගෙන්ම ඇසුවා]. ස්වාමින්වහන්සේ පොහොසත් තරුණයාට සැලකු ආකාරයෙන් [මා අවට සිටින පුද්ගලයන්ට] ඔවුන් කරන හෝ නොකරන දේවල් වලට වඩා, ඔවුන් සැබවින්ම කවුරුන්ද, ඔවුන්ට කවුරුන් වියහැකිද කියා දැකීමෙන් මම බැලිය යුත්තේ කෙසේද? මට වඩා වඩාත් ගැලවුම්කරුවාණන්වහන්සේ මෙන් විය හැක්කේ කෙසේද?”1

අන් අයව දැකීමට ඉගෙනගැනීම

ගැලවුම්කරුවාණන්වහන්සේ අන් අයව දකින ආකාරයෙන්ම දැකීමට ඉගෙනගැනීම පොහොසත් තෑගී ගෙන එනවා. මෙම අරමුණ සඳහා වැඩකිරීමට අපට උදවුවිය හැකි යෝජනා කිහිපයක් මෙන්න.

  • ඔවුන්ව දැනගන්න
    භාහිර තොරතුරු වලට වඩා ඔබ්බෙන් මිනිසුන්ව දැනගැනීමට උත්සාහයන් දරන්න. සම්බන්ධතා ගොඩනැගීමට කාලය සහ අවංක උත්සාහයන් අවශ්‍යවන බව හඳුනාගන්න. (උදවු සඳහා 2018 අගෝස්තු දේවසේවා මූලධර්ම ලිපිය වන “අර්ථවත් සම්බන්ධතා ගොඩනැගීම” බලන්න.)

  • ඔබව විභාග කරබලන්න
    ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව කරනු ලබන විනිශ්චයන්ට අවධානය යොමුකරන්න. අන් අය ගැන ඔබ කරනු ලබන උපකල්පනයන් සනිටුහන් කරගන්න ඒ වගේම ඔබට ඔවුන් ගැන එලෙසින් හැඟෙන්නේ ඇයි කියා තේරුම්ගැනීමට උත්සහ කරන්න.

  • විනිශ්චය කිරීමෙන් වලකින්න
    එක් එක් වාතාවරණයන් පුද්ගලයෙකුගේ සුදුසුකම තීරණය නොකරන බව අවබෝධ කරගන්න. ඔවුන් සිටින තත්වය ඔබට ආදේශ කර ඔබ එම තත්වයේ සිටිනවානම් තව කෙනෙකු ඔබව කෙලෙස දකිනවාට ඔබ කැමතිද කියා සලකා බලන්න. කෙනෙකුගේ තෝරාගැනීම් සහ හැසිරීම් ඔවුන්ගේ අව්‍යාජ වටිනාකමින් සහ දිව්‍යමය විභවයෙන් වෙන්කිරීමෙන් ගැලවුම්කරුවාණන් දකින ලෙස ඔවුන්ව දැකීමට අපට උදවු වේ.

  • ඔවුන්ට ආදරය කිරීමට යාච්ඤා කරන්න
    ඔවුන් වෙනුවෙන් නම් වශයෙන් සහ නියම යහළුකමක් වර්ධනය කරගැනීමට ඉවසීම ඉල්ලා නිතරම යාච්ඤා කරන්න. ඔබගේ සේවය දෙස යාච්ඤාපූර්වකව බලන්න. ඔබ කරන දේ සහ ඔවුන්ට ඇත්තටම අවශ්‍ය දෙය අතර හිඩැසක් තිබේද?

ජීවිතයේ විවිධාකාර තරාතිරම් වල මිනිසුන් සමඟ යේසුස්වහන්සේ උන්වහන්සේගේ කාලය ගතකලා: පොහොසත්, දුප්පත්, පාලකයන්, සහ සාමාන්‍ය මිනිසුන්. උන්වහන්සේ සහ උන්වහන්සේගේ පැහැදිලි දුප්පත් හෝ නොවැදගත් තත්වයන් දෙස ඔවුන් බැලු විට, බොහෝ අවස්ථාවන්වල උන්වහන්සේ අන් අයගේ වැරදි විනිශ්චයන් වල ගොදුර වුනා. “අප විසින් උන්වහන්සේ දකින විට උන්වහන්සේ කෙරෙහි අශා වීමට ලක්ශණයක් නොමැත. … උන්වහන්සේ සුළු කරනු ලැබූසේක, අපද උන්වහන්සේ නොසැලකුවෙමු” (යෙසායා 53:2-3).

ක්‍රිස්තුස්වහන්සේගේ වැනි දර්ශනයක්

අසල්වැසියෙකුව ක්‍රිස්තුස්වහන්සේගේ වැනි දෑසකින් දැකීමට ඉගෙනගැනීම පිළිබඳව මෙම කතාව එක් සහෝදරියක් විසින් බෙදාගැනිණි.

“ජුලියා (නම වෙනස් කොට ඇත) ජීවත්වුයේ මට ඉතා ආසන්නයේය, ඒ වගේම ඇයට කිසිදු යහළුවෙකු නැති බව පෙනුනා. ඇය නිතරම සිටියේ දුකින් සහ තරහිනි. එසේ තිබියදීත්, ඇයට යහළුවෙකු වීමට මම තීරණය කාලා. අස්ථීර තාවකාලික යහළුවෙකු නොවේ, නමුත් සැබෑ යහළුවෙක්. මට ඇය හමුවූ සෑම අවස්ථාවකදීම මම ඇය සමඟ කතා කළා සහ ඇය කරන සෑම දෙයක් ගැනම උනන්දුවක් දැක්වුවා. සෙමින්, මගේ හදවතට ප්‍රීතිය ගෙනෙන, යහළුකමේ බැඳීමක් මම ඇය සමඟ ඇතිකරගත්තා.

“එක දිනක්, මම තීරණය කළා ජුලියා මුණගැසී පල්ලියට නොපැමිණීමට හේතුව ඇයගෙන් අසන්නට.

“මම දැනගන්නට ලැබුනා ඇයට පවුලක් හෝ නෑදෑයෙකු අසල නොමැති බව. දුර ඈතක ජීවත්වන ඇයගේ එකම සොහොයුරා, ඇය සමඟ කතාබහ කරන්නේ දුරකතනයෙන් අවුරුද්දකට වරක් පමණයි. ඇයගේ පවුල ගැන සහ සභාව ගැන ඇයට ඇති තිත්ත බව, කේන්තිය සහ කලකිරීම ගැන මම ඇහුම්කන් දුන්විට, මෙම සහෝදරිය පිළිබඳව ප්‍රතික්ෂේප කල නොහැකි දයානුකම්පාවේ සහ ආදරයේ හැගීම් මා වෙතට ඉතා බලවත්ව පැමිණියා. මට ඇයගේ වේදනාව සහ කලකිරීම දැනුනා. ඇයගේ ජීවිතයේ හුදකලාබව කෙතරම්ද කියා මට තේරුම් ගියා. එය හරියට මගේ පිටිපසින් මෙලෙස නිහඬ වදනක් ඇසුනා වගේ: ‘මමත් ඇයට ආදරෙයි. ආදරෙයි ඒවගේම ඇයට ගරුකරනවා.’

“මම ඩාවිවී තවදුරටත් පැවසීමට ඇයට යමක් නොමැති වනතෙක් ඇහුම්කන් දුන්නා. මට ඇය කෙරෙහි දයානුකම්පාවක් සහ ආදරයක් දැනුනා. ඇය ආදරය ලැබීම කොයිවගේද කියා කිසිම දිනෙක දැනගෙන සිටි සහෝදරියක නොවෙයි. ඉක්මනින්ම මට ඇයව වඩාත් ගැඹුරින් තේරුම් ගියා. ඇයව මුණගැසීමට මට ඉඩදීම ගැන මම ස්තූතිකර, අය කෙරෙහි මාහට ඇති ආදරය සහ ගෞරවය සමඟ ඇයව වැළඳගනිමින් මම ඇයට සමුදුන්නා. එම මුණගැසීමෙන් ඇය මාව කෙතරම් ස්පර්ශ කලාද කියා කිසිම දිනෙක ඇයට දැනගත නොහැකි වේවි. ස්වර්ගික පියාණන්වහන්සේ මගේ දෑස් විවෘත කර වර්ධනය වූ දයානුකම්පාවකින් ආදරය කිරීමට මට හැකියාව ඇති බවට ඉගැන්වුවා. ඇයට යහළුවකු වීමට පමණක් නොව ඇයට පවුලක් වීමටද මගේ ස්ථීර අරමුණ තුල මම අධිෂ්ඨානවත්ව සිටිනවා.”

තව කෙනෙකුගේ ජීවිතය තුලට ආරාධනා කිරීම ඉතා පූජනීය දෙයක්. යාච්ඤාව, ඉවසීම සහ ආත්මයාණන්වහන්සේගේ උදවුද සමඟ, තවත් ක්‍රිස්තුස්වහන්සේගේ වැනි දර්ශනයකින් එලෙස කිරීමට අපට ඉගෙනගැනීමට පුළුවන්.

සටහන්

  1. S. Mark Palmer, “Then Jesus Beholding Him Loved Him,” Liahona, May 2017, 115.