මාසික යෞවනයේ ශක්තිය සඳහා පණිවිඩය, 2026 මාර්තු
නික්මයාම 12
අපගේ පාස්කුව—සක්‍රමේන්තුව
පුරාණ පාස්කු උත්සවය සහ අපගේ සතිපතා සක්‍රමේන්තුව අතර පොදු සම්බන්ධයක් තිබේ.
ඇලිසා ටැලන්ට්ගේ නිදර්ශන
පුරාණ ඊශ්‍රායෙල්වරුන්ට ඊජිප්තුවේ වහල්භාවයෙන් ඉවත් වීමට පෙර, විනාශකාරී දූතයා ඔවුන්ව බේරා ගැනීමට හෝ ඔවුන් පසුකර යාමට ස්වාමින්වහන්සේගේ නිශ්චිත උපදෙස් වලට කීකරු වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා (බලන්න නික්මයාම 12). ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිටව ගිය පසු, ස්වාමින්වහන්සේ තම ගිවිසුම්ගත සෙනඟ මුදාගත් ආකාරය සිහිපත් කිරීම සඳහා සෑම වසරකම පාස්කුව නමින් මංගල්‍යයක් පැවැත්වුවා.
උන්වහන්සේගේ ලෞකික ජීවිතයේ අවසාන සතිය තුළ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පාස්කු භෝජනයක සිටියා. අපි දැන් ඒ භෝජනය අවසන් රාත්‍රී භෝජනය ලෙස හඳුන්වනවා. අපි දැන් සෑම සතියකම සහභාගී වන සක්‍රමේන්තුවේ නියෝගය හඳුන්වා දීමට ගැලවුම්කරුවාණන් එම අවස්ථාව භාවිතා කළා. (බලන්න මතෙව් 26:26–28; ලූක් 22:19–20; දහම සහ ගිවිසුම් 20:77, 79.)
පළමු පාස්කුව, ස්වාමින්වහන්සේගේ අවසාන රාත්‍රී භෝජනය සහ අද දින සක්‍රමේන්තුව අතර ගැලවුම්කරුවාණන් තුළින් අපගේ ගැලවීම මතක තබා ගැනීමට උපකාරී වන පොදු සම්බන්ධයන් දෙකක් මෙන්න.
රොටි
පාස්කුව: ඊශ්‍රායෙල්වරු දින හතක් මුහුන් නුමුසු රොටි ආහාරයට ගත්තා (එය ඉක්මනින් සෑදිය හැකි අතර පුස් නොබැඳෙයි හා නරක් වීමට ඇති ඉඩකඩ අඩුයි).
අවසාන රාත්‍රී භෝජනය: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පාස්කුවේ දී මුහුන් නොදැමූ රොටි ආශීර්වාද කර කඩා, එය ගෝලයන්ට දුන්නා. ඉක්මනින්ම හානියට පත්ව මිය යන නමුත් නැවත නැඟිටින බව උන්වහන්සේ දැන සිටි උන්වහන්සේගේ ශරීරය සිහි කිරීම සඳහා එය අනුභව කරන ලෙස උන්වහන්සේ ඔවුන්ට පැවසුවා.
සක්‍රමේන්තුව: අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය සිහි කිරීම සඳහා රොටි අනුභව කරනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවනයේ ආහාරයයි. උන්වහන්සේගේ නැවත නැඟිටීම තුළින් අපි සියල්ලන්වම පරිපූර්ණ, නොදිරන, අමරණීය ශරීරවලින් නැවත නැඟිටුවයි. උන්වහන්සේ අපව මරණයෙන් ගලවා ගන්නවා.
බැටළුපැටවාණන්ගේ ලෙය
පාස්කුව: පාස්කු බැටළු පැටවා අවුරුද්දක් වයසැති නොකැලැල් පිරිමි බැටළු පැටවෙක්. ඌව මරා දමා, උගේ රුධිරය බඳුනක එකතු කළා. හිසොප් (ඖෂධ පැළෑටියක්) බඳුනේ ගිල්වා නිවසේ පිටත දොර රාමුව වටා රුධිරය ආලේප කිරීමට භාවිතා කළා. මෙය, විනාශකාරී දූතයා විසින් ස්වාමින්වහන්සේගේ ගිවිසුම්ගත සෙනඟව ඊජිප්තුවේ වහල්භාවයෙන් මුදවා ගැනීමට හැකි වන පරිදි ඔවුන්ව පසුකර යන බව හඳුනා ගන්නා බාහිර ලකුණ වුණා.
අවසාන රාත්‍රී භෝජනය: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ රුධිරය නියෝජනය කිරීමට වයින් භාවිතා කළා. පව් සමාව සඳහා සහ නව ගිවිසුමක කොටසක් ලෙස ඔවුන් වෙනුවෙන් වැගිරෙන උන්වහන්සේගේ රුධිරය සිහි කිරීම සඳහා උන්වහන්සේ තම ගෝලයන්ට එය පානය කිරීමට පැවසුවා.
සක්‍රමේන්තුව: අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය සිහි කිරීම සඳහා ජලය පානය කරනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ ය. අපගේ පාප සහ දුර්වලතා වෙනුවෙන් උන්වහන්සේ දුක් විඳි විට උන්වහන්සේගේ රුධිරය වැගිරුණා. උන්වහන්සේගේ රුධිරය—උන්වහන්සේගේ පරිත්‍යාගය—අපව පවිත්‍ර කරනවා. උන්වහන්සේ අපව පාපයෙන් ගලවා ගන්නා සේක.
© 2026 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly For the Strength of Youth Message, March 2026 හි පරිවර්තනයකි. Sinhala. 19936 408