යෞවනයේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2025 ඔක්තෝම්බර්
ස්වාමින්වහන්සේ හට සභාවක් තිබෙන්නේ ඇයි?
ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ අරමුණ වන්නේ “දෙවියන්වහන්සේගේ ගැලවීමේ හා උත්කර්ෂවත් වීමේ කාර්යය ඉටු කිරීම සඳහා පුද්ගලයන්ට සහ පවුල්වලට උපකාර කිරීමට හැකියාව ලබා දීමයි.” යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව “[දෙවියන්වහන්සේගේ] දරුවන්ට උසස්ම මහිමයට, එනම් සදාකාල ජීවනයට සුදුසුකම් ලබා දීමට” උපකාරී වේ.
“ගැලවුම්කරුවාණන් … උන්වහන්සේගේ ශුභාරංචිය දේශනා කිරීමේ, උන්වහන්සේගේ නියෝග සහ ගිවිසුම් ඉදිරිපත් කිරීමේ සහ එමගින් අපව යුක්ති සහගත කිරීමට සහ පාරිශුද්ධ කිරීමට උන්වහන්සේගේ බලයට හැකියාව ලබාදීමේ, උන්වහන්සේගේ අරමුණු ඉටුකිරීමට උන්වහන්සේ [සභාවට] බලය ලබා දී ඇති සේක.”
පූජකවර අධිකාරිය සහ යතුරු, ගිවිසුම් සහ නියෝග, අනාවැකිමය මගපෙන්වීම, ශුද්ධලියවිලි සහ ශුද්ධවන්තයන්ගේ සමූහයක් හරහා සභාවේ සාමාජිකයින්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය සහ ආශිර්වාද වෙත ප්‍රවේශය තිබේ.
සභාවට ද මෙසේ අණ කර ඇත: “නුඹලාගේ ආලෝකය ජාතීන් උදෙසා ආදර්ශයක් වන පිණිස, නැගිට බැබළෙන්න” (දහම සහ ගිවිසුම් 115:5).
සභාවේ සාමාජිකයන් ශුභාරංචිය තුළ ජීවත් වීමෙන්, ශුභාරංචිය ලබා ගැනීමට සැමට ආරාධනා කිරීමෙන්, සදාකාලිකවම පවුල් එක්සත් කිරීමෙන් සහ දුප්පතුන් සහ අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීමෙන් “බැබළීමට” උත්සාහ කරයි. මෙය දෙවියන්වහන්සේගේ ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයයි.
© 2025 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly For the Strength of Youth Message, October 2025 හි පරිවර්තනයකි. Sinhala. 19624 408