මාසික යෞවනයේ ශක්තිය සඳහා පණිවිඩය, 2025 මාර්තු
අපි මේ ලෝකයේ ජීවත් වෙමින් එමෙන්ම “මේ ලෝකයේ දේවල් පසෙක තබන්නේ” කෙසේද?
කේසි චයිල්ඩ්ස් විසින්, The Disciples Whom He Had Chosen [උන්වහන්සේ තෝරාගත් ගෝලයන්]
ස්වාමින්වහන්සේ මෙසේ පැවසුවා, “මෙම ලෝකයේ දේවල් නුඹ පසෙක තබා, තවද වඩා යහපත් දේවල් උදෙසා සොයන්න” (දහම සහ ගිවිසුම් 25:10). මෙයින් අදහස් කරන්නේ අප අපගේ තාවකාලික සහ භෞතික අවශ්‍යතා නොසලකා හරින බව නොවේ, නමුත් එයින් අදහස් කරන්නේ ධනය, බලය, තනතුර හෝ ලෝකයේ අනුමැතිය මත අපගේ හදවත් නොසලකන බවයි. ලෝකයේ ජීවත් වීම පිළිබඳ අපට උගන්වා ඇති මූලධර්ම කිහිපයක් මෙන්න:
දෙවියන්වහන්සේගේ දේවල් වලට මුල් තැන දෙන්න. “පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයාපල්ලා. ” (මතෙව් 6:33). අපගේ හදවත් සහ අපගේ ජීවිත තුළ, දෙවියන්වහන්සේගේ ආඥාවන් සහ උන්වහන්සේ සමඟ ඇති අපගේ ගිවිසුම් අපගේ ප්‍රමුඛතාවයයි.
ඉගෙනීම සොයා යන්න “ඔබ අවට ලෝකය ගැන ඉගෙන ගන්නා විට, ගැලවුම්කරුවාණන් ගැනද ඉගෙන ගන්න. … ඔබ වැඩි වැඩියෙන් ඉගෙන ගන්නා තරමට, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගොඩනැගීමට සහ ලෝකයේ යහපත උදෙසා බලපෑම් කිරීමට ඔබට වැඩි වැඩියෙන් උපකාර කළ හැකිය” (යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් සිදු කිරීම සඳහා මාර්ගෝපදේශයක් [2022], 31, 32).
වැඩ. “වැඩ කිරීම වැදගත් ශුභාරංචි මූලධර්මයකි. එය අපව වර්ධනය කර සමෘද්ධිමත් කරයි. … ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ අප අපගේ පවුල් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම පමණක් නොව, ‘යහපත් කාරණා වල උද්‍යෝගයෙන් යෙදිය යුතු’ වීමට ය [දහම සහ ගිවිසුම් 58:27]” (“Employment,” Topics and Questions, Gospel Library).
© 2025 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly For the Strength of Youth Message, March 2025 හි පරිවර්තනයකි. Sinhala. 19628 408