“පාස්කුව,” මිතුරා, අප්‍රියෙල් 2026, 46–48.
මාසික මිතුරා පණිවිඩය, 2026 අප්‍රියෙල්
පාස්කුව
මෝසෙස් පාරාවෝ ලඟට ගිහින් ඊශ්‍රායෙල් වහලුන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා. පාරාවෝ එය ප්‍රතික්ෂේප කළා. ස්වාමින්වහන්සේ ඊජිප්තුවට වසංගත යැවූ නමුත්, පාරාවෝ තවමත් එපා කීවා.
ස්වාමින්වහන්සේ අවසාන වශයෙන් තවත් වසංගතයක් එවන බව උන්වහන්සේ පැවසුවා. ඊජිප්තුවේ සෑම පවුලකම කුලුඳුල් දරුවා මිය යනවා. නමුත් ඊශ්‍රායෙල්වරුන් ඔහුගේ උපදෙස් පිළිපැද්දා නම්, වසංගතය ඔවුන් පසුකර යාමට තිබුණා.
පරිපූර්ණ පිරිමි බැටළු පැටවෙකු පූජා කර බැටළු පැටවාගේ ලේ ඔවුන්ගේ දොරවල්වලට ඉහළින් පින්තාරු කරන ලෙස ස්වාමින්වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවා.
වසංගතය ආවා. පාරාවෝගේ පුත්‍රයා ඇතුළු ඊජිප්තුවරුන්ගේ සියලු කුලුඳුලන් මිය ගියා. නමුත් ඊශ්‍රායෙල් කුලුඳුලන් බේරුණේ ඔවුන් ස්වාමින්වහන්සේට කීකරු වූ නිසයි.
මෝසෙස්ට සහ ඊශ්‍රායෙල්වරුන්ට ඊජිප්තුවෙන් පිටව යන ලෙස පාරාවෝ පැවසුවා. නමුත් පාරාවෝ කෝප වුණා. ඔහු සහ ඔහුගේ හමුදාව ඔවුන් පසුපස ලුහුබැඳ ගියා.
ඊශ්‍රායෙල්වරු රතු මුහුද අසල කඳවුරු බැඳගත්තා. ඊජිප්තුවරුන් එනවා දුටු විට ඔවුහු බිය වුණා. ස්වාමින්වහන්සේ ඔවුන්ව ආරක්ෂා කරන බව මෝසෙස් කිව්වා.
මෝසෙස් තම සැරයටිය එසවූ විට, ස්වාමින්වහන්සේ මුහුද දෙබෑ කළා. ඊශ්‍රායෙල්වරු වියළි බිම දිගේ එගොඩ වුණා.
ඊශ්‍රායෙල්වරු මුහුදෙන් එගොඩ ආරක්ෂිතව සිටිය දී, ජලය බැස ගොස් හමුදාව ගිලී ගියා. අන්තිමේදී ඊශ්‍රායෙල්වරු නිදහස් වුණා.
පාට කරන පිටුව
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා වෙනුවෙන් මරණයෙන් නැවත නැගිට්ටා
නිදර්ශනය ඕඩ්‍රි ඩේ විසින්. සභාවේ භාවිතය සඳහා පමණක් පිටපත් කළ හැකිය.
මේ පාස්කු ඉරිදා සහ මුළු අවුරුද්ද පුරාම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහි කිරීමට ඔබට කළ හැක්කේ කුමක් ද?
© 2021 by Intellectual Reserve, Inc. All rights reserved. ඇඑජ හි මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly The Friend Message, April 2026 හි පරිවර්තනයකි. Sinhala.. 20062 408