මිතුරා
අනාගතවක්තෘ මෝසෙස්
2025 මාර්තු මිතුරා


“අනාගතවක්තෘ මෝසෙස්,” මිතුරා, 2026 මාර්තු, 46–48.

මාසික මිතුරා පණිවිඩය, 2026 මාර්තු

අනාගතවක්තෘ මෝසෙස්

ඊජිප්තු ඇඳුමින් සැරසුණු මෝසෙස් විසින්, ඊජිප්තුවරයෙක් ඊශ්‍රායෙල් වහලෙකුට හිරිහැර කරන ආකාරය දෙස බලා සිටිමින්

මෝසෙස් ඊශ්‍රායල්වරයෙකු වුණත්, ඊජිප්තුවේ පාරාවෝගේ දියණිය විසින් ඔහුව ඇති දැඩි කළා. ඊජිප්තුවරුන් විසින් ඊශ්‍රායෙල්වරුන්ට නපුරු ලෙස සැලකීම ගැනත් ඔවුන්ව වහලුන් ලෙස යොදා ගැනීම ගැනත් මෝසෙස් දුක් වුණා.

මෝසෙස් ඊශ්‍රායෙල් වහලෙකු වටා අත තබාගෙන ඔහුට සහයෝගය දක්වමින්

දවසක් මෝසෙස් දැක්කා ඊජිප්තු ජාතිකයෙකු ඊශ්‍රායෙල් ජාතිකයෙකුට පහර දෙනවා. මෝසෙස් ඊශ්‍රායෙල්වරයාව ආරක්ෂා කළා.

මෝසෙස් පාළුකරයේ තනිවම

එය දැනගත් පාරාවෝ මෝසෙස්ව මරන්න හැදුවා, ඒත් මෝසෙස් ඊජිප්තුවෙන් පැනලා ගියා.

මෝසෙස් ඔහුගේ බිරිඳ සහ දරුවන් සමඟ

මෝසෙස් මිදියන් නම් ස්ථානයකට ගිය පසු ඔහුට ශිප්පොරා කියා කාන්තාවක් මුණගැසුණා. ඔවුන් විවාහ වී දරුවන් ලැබුවා.

මෝසෙස් ගිනි ඇවිළී තිබුණු පඳුර මැදින් ස්වාමින්වහන්සේව දකිමින්

මෝසෙස් මිදියන් දේශයේ ජීවත් වන විට, ගිනි ඇවිළෙමින් තිබුණු පඳුරක් දුටු නමුත් ගින්නෙන් පඳුර පිච්චී ගියේ නැහැ. ස්වාමින්වහන්සේ ගින්නෙන් දර්ශනය වී මෝසෙස්ට කතා කළා.

ස්වාමින්වහන්සේ මෝසෙස් සමඟ කතා කරමින්

ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ දුක් විඳින බව තමන් දන්නවා කියා ස්වාමින්වහන්සේ කිව්වා. ඊජිප්තුවට ආපසු ගිහින් ඊශ්‍රායෙල්වරුන්ව නිදහස් කරන ලෙස පාරාවෝට කියන්න කියලා උන්වහන්සේ මෝසෙස්ට අණ කළා. උන්වහන්සේ මෝසෙස්ට ඊශ්‍රායෙල්වරුන්ව නිදහස් කර පොරොන්දු දේශයකට ගෙන යාමට උදව් කරන බව ස්වාමින්වහන්සේ කිව්වා.

පාට කරන පිටුව

මට අන් අයට කරුණාවන්ත වෙන්න පුළුවන්.

පාට කරන පිටුව PDF

නිදර්ශන ඕඩ්‍රි ඩේ විසිනි. පිටපත් කළ හැක්කේ සභාවේ භාවිතය සඳහා පමණි.

කරුණාවන්ත වීමට ඔබට මේ සතියේ කරන්න පුළුවන් කුමක් ද?