“ආදම් සහ ඒව,” මිතුරා, 2026 ජනවාරි, 46–48.
මාසික මිතුරා පණිවිඩය, 2026 ජනවාරි
ආදම් සහ ඒව
ආදම් සහ ඒව කියන්නේ ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන්ගෙන් පොළොවේ ජීවත් වූ මුල්ම අයයි. ඔවුන් ජීවත් වුණේ ඒදන් උයනේ.
දෙවියන්වහන්සේ ඔවුන්ට එක ගසකින් හැර අනෙක් හැම ගසකින්ම පලතුරු කන්න ඉඩ දුන්නා. ඔවුන් යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කෑවොත්, ඔවුන්ට උයනෙන් පිටව යාමට සිදු වන අතර අවසානයේ ඔවුන් මිය යනවා. නමුත් සාතන් ඔවුන්ට බොරු කිව්වා. ඔහු කිව්වා ඒ ගෙඩි කෑවොත් හොඳ නරක අතර වෙනස දැනගන්න පුළුවන් නමුත් මැරෙන්නේ නැහැ කියලා.
ඒව ගෙඩිය කන්න තෝරගත්තා.
ඊට පස්සේ ඇය ආදම්ට පලතුරු ටිකක් දුන්නා. ඔහු එය කෑමට තෝරා ගත්තා.
දෙවියන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන් බැලීමට ගිය නමුත් ආදම් සහ ඒව බිය වී සැඟවී සිටියා. දෙවියන්වහන්සේ ඔවුන් ගසෙන් ගෙඩි කෑවා ද කියලා ඇසුවා.
ආදම් සහ ඒව කිව්වා ඒ ගහේ ගෙඩි කෑවා කියලා. දැන් ඔවුන්ට ඒදන් උයනෙන් පිටව යාමට සිදු වුණා. නමුත් දෙවියන්වහන්සේට ඔවුන් සඳහා සැලැස්මක් තිබුණා. දැන් ඔවුන්ට හරි වැරැද්ද දැනගෙන දරුවන් හදන්න පුළුවන් වුණා.
ආදම් සහ ඒව දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරු වන බවට පොරොන්දු වුණා. ඔවුන් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන තවත් ඉගෙන ගත්තා. ඔවුන්ගේ පවුලට දෙවියන්වහන්සේ වෙත නැවත පැමිණීමට උන්වහන්සේ උපකාර කරන නිසා ඔවුන් සතුටු වුණා.
පාට කරන පිටුව
යේසුස්වහන්සේ පොළොව මැවූ සේක
ඕඩ්‍රි ඩේ විසින් නිදර්ශනය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මැවූ දේවල් අතරින් ඔබ කැමතිම දේවල් මොනවා ද?
© 2026 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Friend Message, January 2026 හි පරිවර්තනයකි. Sinhala. 19919 408