“ශුද්ධවන්තයන් බටහිරට යයි,” මිතුරා, 2025 දෙසැම්බර්, 26–28.
මාසික මිතුරා පණිවිඩය, 2025 දෙසැම්බර්
ශුද්ධවන්තයන් බටහිරට යයි
ජෝසෆ් ස්මිත් මිය ගිය පසු, බ්‍රිගම් යන්ග් සහ අනෙකුත් ප්‍රේරිතවරුන් විසින් සභාව මෙහෙයවූවා. ශුද්ධවන්තයන්ට නාවූ හැර යාමට සිදු වූයේ එය ආරක්ෂිත නොවන නිසා බව බ්‍රිගම් දැන සිටියා. නමුත් ස්වාමින්වහන්සේට අවශ්‍ය වූයේ ඔවුන් මුලින්ම දේවමාළිගාව ගොඩනඟා අවසන් කිරීමයි.
දේවමාළිගාව සූදානම් වූ විට, දහස් ගණනක් ශුද්ධවන්තයන් ස්වාමින්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කරගෙන පවුල් ලෙස මුද්‍රා වුණා.
දැන් බටහිර දෙසට ඔවුන්ගේ ගමන ආරම්භ කිරීමට කාලය පැමිණ තිබෙනවා. කාලගුණය සීතලයි, ඒවගේම මිනිසුන් අසනීප වෙලා බඩගිනි වෙලා හිටියා.
බ්‍රිගම් උදව් ඉල්ලා යාච්ඤා කළා. ඔවුන් එකිනෙකාට උදව් කළ යුතු බවත්, උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාද කර උපකාර කරන බවත් ස්වාමින්වහන්සේ පැවසුවා.
මේ ගමන තවමත් ඉතා දුෂ්කර වුණා. සමහර අය මැරුණා. නමුත් ඔවුන්ගේ දේවමාළිගා ගිවිසුම් නිසා, ඔවුන් තම පවුලේ සාමාජිකයන් නැවත දකින බව මෙම ශුද්ධවන්තයන් දැන සිටියා.
පළමු ශුද්ධවන්තයන් 1847 දී සෝල්ට් ලේක් නිම්නයට පැමිණියා. මෙහි දී ඔවුන්ට ස්වාමින්වහන්සේට නමස්කාර කර සාමයෙන් උන්වහන්සේගේ කාර්යය කළ හැකි වුණා.
වසර ගණනාවක් පුරා, වැඩි වැඩියෙන් ශුද්ධවන්තයන් පැමිණ වැඩි වැඩියෙන් දේවමාළිගා ඉදි කළා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඉගැන්වීම සඳහා ධර්මදූතයින් ලොව පුරා සංචාරය කළා. ගැලවුම්කරුවාණන්ගේ සභාව සෑම තැනකම සිටින ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කරමින් වර්ධනය වෙමින් පැවතුණා.
පාට කරන පිටුව
ආලෝකය ද, ජීවනය ද, ලෝකයේ බලාපොරොත්තුව ද උන්වහන්සේයි
කෝරි එග්බර්ට්ගේ නිදර්ශනයකි
යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහි කිරීමට ඔබ නත්තලේ දී කරන්නේ මොනවා ද?
© 2025 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Friend Message, December 2025 හි පරිවර්තනයකි. Sinhala. 19637 408