“ජේන් මැනිං නාවූ වෙත ගමන් කරයි,” මිතුරා, 2025 ඔක්තෝම්බර්, 26–28.
මාසික මිතුරා පණිවිඩය, 2025 ඔක්තෝම්බර්
ජේන් මැනිං නාවූ වෙත ගමන් කරයි
ජේන් මැනිං ජීවත් වූ ප්‍රදේශයේ, ඇගේ සමේ පැහැය නිසා සමහර අය ඇයට නරක ලෙස සැලකුවා. දිනක් ඇයට ධර්මදූතයෙකුගේ ඉගැන්වීමක් ඇසුණා. ඉක්මනින්ම ඇය බව්තීස්ම වුණා.
ජේන්ගේ පවුලේ අයත් බව්තීස්ම වුණා. ඔවුන් සියලු දෙනාටම නාවූ හි ශුද්ධවන්තයන් සමඟ සිටීමට අවශ්‍ය වුණා. ඉතින් ඔවුන් ඔවුන්ගේ ගමන ආරම්භ කළා.
ජේන්ගේ පවුලේ අයට ගමනේ කොටසක් සඳහා බෝට්ටුවෙන් යාමට අවශ්ය වුණත් ඔවුන් සතුව ප්‍රමාණවත් මුදලක් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන්ට සැතපුම් 800ක් (කිලෝමීටර් 1,300ක්) පයින් යන්න සිද්ධ වුණා.
ඔවුන්ට ගැඹුරු දිය පහරක් තරණය කරන්නට සහ සීතලේ එළිමහනේ නිදා ගැනීමට සිදු වුණා. නමුත් ඔවුන් නාවූ වෙත ළඟා වීමට අධිෂ්ඨාන කරගෙන සිටියා. ඔවුන් ඇවිදින අතරතුර ගායනා කරමින් තමන්වම ධෛර්යමත් කර ගත්තා.
ජේන්ගේ පවුලේ අය සපත්තු ගෙවිලා ගිහින් පාද තුවාල වෙනකන් ඇවිද්දා. නමුත් ඔවුන් දෙවියන්වහන්සේට උපකාර ඉල්ලා යාච්ඤා කළ විට, උන්වහන්සේ ඔවුන්ගේ පාද සුව කළා.
ඔවුන් අතරමඟදී හමු වූ අයට උදව් කළා. ඔවුන්ගේ ඇදහිල්ල නිසා ඔවුන් අසනීප දරුවෙකුව සුව කිරීමට පවා උදව් කළා.
අවසානයේ ජේන් සහ ඇගේ පවුලේ අය නාවූ වෙත ළඟා වුණා! ඔවුන් අත්විඳි සියල්ල ජෝසෆ් ස්මිත්ට ඇසුණු විට, ඔහු ජේන්ට මෙහෙම කිව්වා, “දෙවියන්වහන්සේ ඔබට ආශීර්වාද කරයි. ඔබ දැන් සිටින්නේ මිතුරන් අතර ය.”
පාට කරන පිටුව
යේසුස්වහන්සේ මා සැමට ආදරය කරනවාට කැමතියි
කෝරි එග්බර්ට්ගේ නිදර්ශනයකි
ඔබ අන් අයට ආදරය පෙන්වන්නේ කෙසේද?
© 2025 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Friend Message, October 2025 හි පරිවර්තනයකි. Sinhala. 19630 408