2025
නාවූ ගොඩනැගීම
2025 මැයි


“නාවූ ගොඩනැගීම,” මිතුරා, 2025 සැප්තැම්බර්, 26-28.

මාසික මිතුරා පණිවිඩය, 2025 සැප්තැම්බර්

නාවූ ගොඩනැගීම

මිසිසිපි ගං ඉවුර දිගේ කූඩාරම්වල ජීවත් වූ මුල් ශුද්ධවන්තයන්

ශුද්ධවන්තයන්ට අලුත් ස්ථානයකට රැස්වන්නට කියා ස්වාමින්වහන්සේ කිව්වා. ඒක තිබුණේ තෙත් සහ මඩ සහිත ඉඩමක් තියෙන විශාල ගඟක් ළඟ. නගරයක් හදන්න ඒක හොඳ තැනක් වගේ පෙනුනේ නැහැ. නමුත් ස්වාමින්වහන්සේගේ උදව්වෙන් ඔවුන්ට එය ලස්සන කළ හැකි බව අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් දැන සිටියා.

උරහිස මත ලී රැගෙන යන මිනිසෙක්, අශ්වයෙකු සහ ගොඩනැගිලි සැපයුම් සහිත කරත්තයක් සහ ලී කුටි
ජෝසෆ් ස්මිත් සහ තවත් අය ගෙයක් සෑදීමට ගඩොල් අතුරමින්

එය ජීවත් වීමට හොඳ ස්ථානයක් බවට පත් කිරීමට ශුද්ධවන්තයන් වෙහෙස මහන්සි වී වැඩ කළා. ජෝසෆ් එම නගරය හැඳින්වූයේ “ලස්සන ස්ථානයක්” යන අර්ථය ඇති නාවූ කියායි.

ජෝසෆ් ස්මිත් කන්දක් මත දේවමාළිගාවක් සඳහා ස්ථානයක් පෙන්වා දෙමින්

ස්වාමින්වහන්සේගේ ශුද්ධවන්තයන් නාවූ හි දේවමාළිගාවක් ගොඩනැගීම උන්වහන්සේට අවශ්‍ය වුණා. මිනිස්සු ඉක්මනින් වැඩ පටන් ගත්තා.

ජෝසෆ් ස්මිත් නිවසක අනෙක් ශුද්ධවන්තයන්ට උගන්වමින්

ස්වාමින්වහන්සේගේ සෙනඟට ලබා දීමට උන්වහන්සේට මහත් ආශීර්වාද තිබුණා. දේවමාළිගාවේදී, ඔවුන් ස්වාමින්වහන්සේ සමඟ ගිවිසුම් හෝ විශේෂ පොරොන්දු ඇති කර ගන්නවා. ස්වර්ගික පියාණන්වහන්සේගේ සියලු දරුවන් සඳහා වූ සතුට පිළිබඳ සැලැස්ම ගැනත් ඔවුන් ඉගෙන ගන්නවා.

නිම කරන ලද නාවූ දේවමාළිගාව

එම දේවමාළිගාව ගොඩනැගීමට ශුද්ධවන්තයන් මහන්සි වී වැඩ කළා. ඒ සඳහා බොහෝ කාලයක් ගත වූ නමුත්, ස්වාමින්වහන්සේ තම දේවමාළිගාවේ දී ඔවුන්ට ලබා දුන් විශේෂ පොරොන්දු ගැන ඉගෙන ගැනීමට ඔවුන් උද්යෝගිමත් වුණා.

පාට කරන පිටුව

දේවමාළිගාව කියන්නේ ස්වාමින්වහන්සේගේ ගෘහයයි

දේවමාළිගාවක් වර්ණ ගැන්වීමේ පිටුව ක්‍රියාකාරකම් PDF

කෝරි එග්බර්ට්ගේ නිදර්ශනයකි

දේවමාළිගාවක් දුටු විට ඔබට දැනෙන්නේ කොහොම ද?