2025
ලිබර්ටි සිරගෙය
2025 මැයි


“ලිබර්ටි සිරගෙය,” මිතුරා, 2025 අගෝස්තු, 26–28.

මාසික මිතුරා පණිවිඩය, 2025 අගෝස්තු

ලිබර්ටි සිරගෙය

ගෙවල් ගිනි ගනිමින් සහ තුවක්කු ගත් කෝපයට පත් මිනිසුන්

මිසුරි වල ගොඩක් අය ශුද්ධවන්තයින්ට කැමති නැහැ. ඔවුන්ව පිටව යාමට සැලැස්වීම සඳහා ආණ්ඩුකාරවරයා සෙබළුන්ව යැව්වා.

ජෝසෆ් ස්මිත් දෙසට කඩුවක් දිගු කරමින් අශ්වයෙකු පිට නැගී සිටින මිනිසෙක්

ජෝසෆ් ස්මිත් සහ අනෙකුත් සභාවේ නායකයින්ව සෙබළුන් අත්අඩංගුවට ගත්තා. එක් රාත්‍රියක, ආරක්ෂකයින් ශුද්ධවන්තයින්ට කළ නරක දේවල් ගැන සිනාසෙමින් සිටියා.

අත්වල බැඳ ඇති දම්වැල් සමඟ ජෝසෆ් ස්මිත්, නැඟිට පිරිමින්ට කතා කරමින්

ජෝසෆ් නැඟිට, “නිශ්ශබ්ද වෙන්න!” කියලා කෑ ගැසුවා. ඔහු දෙවියන්වහන්සේගේ බලයෙන් කතා කළා ආරක්ෂකයින් ඔවුන්ට සමාවෙන්න කිව්වා, ඉන්පසු ඔවුන් කතා කිරීම නැවැත්වූවා.

ලිබර්ටි සිරගෙයේ දුකෙන් හා සීතලෙන් බලා සිටින ජෝසෆ් ස්මිත් සහ අනෙකුත් පිරිමින්

පසුව, ජෝසෆ් සහ ඔහුගේ මිතුරන්ව ලිබර්ටි නම් නගරයේ සිරගෙයකට දැමුවා. සිරගෙය සීතල, කුඩා සහ අඳුරු එකක් වුණා. ඔවුන්ට නිදා ගන්න තිබුණේ අපිරිසිඳු පිදුරු විතරයි. ඔවුන්ට දුන් ආහාර නිසා ඔවුන් අසනීප වුණා.

ජෝසෆ් ස්මිත් අඬමින් සිටින අතර මිනිසෙක් ඔහුව සනසමින්

ජෝසෆ් ශුද්ධවන්තයින් ගැන දුක් වුණා. නමුත් ඔවුන්ට උදව් කිරීමට ඔහුට කිසිවක් කරන්න බැරි වුණා.

ජෝසෆ් ස්මිත් සිරගෙදරදී යාච්ඤා කිරීමට දණ ගසාගෙන සිටිමින්

ජෝසෆ් ගොඩක් යාච්ඤා කළා. දෙවියන්වහන්සේ තමාව සහ සභාවේ සාමාජිකයන්ව අමතක කළා ද කියලා ඔහු ඇසුවා.

සිරගෙදර තුළ දණ ගසාගෙන, කුඩා කවුළුවකින් ගලා එන හිරු එළිය දෙස ඉහළ බලා සිටින ජෝසෆ් ස්මිත්

දෙවියන්වහන්සේ ජෝසෆ්ගේ යාච්ඤාවට පිළිතුරු දුන්නා. උන්වහන්සේ කිව්වා, “මාගේ පුත්‍රය, නුඹගේ ප්‍රාණයට සමාදානය වේවා.” ඔහුගේ අභියෝග සදහටම පවතින්නේ නැති බවත් ඒවා ඔහුගේ යහපත සඳහා බවත් දෙවියන්වහන්සේ ජෝසෆ්ට කිව්වා. උන්වහන්සේ ජෝසෆ් සමඟ “සදාකාලයෙන් සදාකාලයට” සිටින බවට පොරොන්දු වුණා (දහම සහ ගිවිසුම් 121:7, 46).

පාට කරන පිටුව

මට පුළුවන් අනිත් අයට ආලෝකයක් වෙන්න.

ප්‍රදීපාගාරයක්, පාෂාණමය වෙරළක් සහ සාගරයේ රුවල් බෝට්ටුවක් සමඟ පිටු පාට කිරීමේ ක්‍රියාකාරකම

කෝරි එග්බර්ට්ගේ නිදර්ශනයකි

ඔබ අන් අයට හොඳ ආදර්ශයක් වන්නේ කොහොමද?