2025
ප්‍රේරිතවරු මහා බ්‍රිතාන්‍යයේ ධර්මදූතයක් සේවය කරති
2025 මැයි


මාසික මිතුරා පණිවිඩය, 2025 ජූලි

ප්‍රේරිතවරු මහා බ්‍රිතාන්‍යයේ ධර්මදූතයක් සේවය කරති

ජෝසෆ් ස්මිත් මහා බ්‍රිතාන්‍යයේ දේශනා කරන ප්‍රේරිතවරුන්ව මතක් කරමින්

ප්‍රේරිතවරුන් කිහිප දෙනෙකුව ධර්මදූතයක් සඳහා මහා බ්‍රිතාන්‍යයට යවන ලෙස ස්වාමින්වහන්සේ ජෝසෆ් ස්මිත්ට පැවසුවා. ප්‍රේරිතවරුන්ට ඔවුන්ගේ පවුල් හැර යාම දුෂ්කර වූ නමුත්, ස්වාමින්වහන්සේ ඔවුන්ට ආශීර්වාද කරන බවට පොරොන්දු වුණා.

කිම්බල් පවුල අසනීප වී ඇඳේ වැතිර සිටී

හීබර් සී. කිම්බල් සහ ඔහුගේ බිරිඳ විලේට් හට තරුණ පවුලක් තිබුණා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉතා අසනීපෙන් සිටියා.

බ්‍රිගම් යන්ග් තම පවුලට සමුදෙමින්

බ්‍රිගම් යන්ග් ද අසනීපයෙන් සිටියා, ඒවගේම ඔහුගේ පවුල දුප්පත්. නමුත් බ්‍රිගම්ගේ බිරිඳ මේරි ඈන් ඔහුට මෙහෙම කිව්වා, “යන්න, ඔබේ ධර්මදූතය ඉටු කරන්න, එවිට ස්වාමින්වහන්සේ ඔබට ආශීර්වාද කරයි.”

හීබර් සහ බ්‍රිගම් කරත්තයක පිටුපසින් ගමන් කරමින්

හීබර් සහ බ්‍රිගම් සුවය ලැබුවද, ඔවුන් ඉතා දුර්වල වුණා. ඔවුන්ට ශුභාරංචිය දේශනා කිරීමට අවශ්‍ය වූ නිසා, ඔවුන් තම පවුල්වලට සමු දී කරත්තයක පිටුපසට නැග තම ගමන ආරම්භ කළා.

හීබර් සහ බ්‍රිගම් මහා බ්‍රිතාන්‍යයේ ජනතාවට ශුභාරංචිය දේශනා කරමින්

සාගරය හරහා දිගු ගමනකින් පසු, හීබර් සහ බ්‍රිගම් මහා බ්‍රිතාන්‍යයට පැමිණියා අනෙකුත් ප්‍රේරිතවරුන් සමඟ, ඔවුන් බොහෝ දෙනෙකුට ශුභාරංචිය ඉගැන්වූවා. දහස් ගණනක් ජනයා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ බව්තීස්ම වුණා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එක්සත් ජනපදයේ ශුද්ධවන්තයන් හා එක්වීමට සාගරය හරහා යාත්‍රා කළා.

හීබර් සහ බ්‍රිගම්ගේ පවුල් තොටුපළේදී ඔවුන්ට ආචාර කරමින්

හීබර්ගේ සහ බ්‍රිගම්ගේ පවුල් ධර්මදූතවරුන් ලෙස උන්වහන්සේට සේවය කරන අතරතුර ඔවුන්ව රැකබලා ගන්නා බවට ස්වාමින්වහන්සේ දුන් පොරොන්දුව උන්වහන්සේ ඉටු කළා.

පාට කරන පිටුව

දෙවියන්වහන්සේ පොළොවේ සෑම ජීවියෙකුවම මැව්වා

බළලෙකු, සමනලයෙකු සහ මල් පාට කරන ක්‍රියාකාරකම් පිටුව PDF

කෝරි එග්බර්ට්ගේ නිදර්ශනයකි

ඔබේ ප්‍රියතම ජීවියා කවුද?