මාසික මිතුරා පණිවිඩය, 2025 ජුනි
කර්ට්ලන්ඩ් දේවමාළිගාව ගොඩනැගීම
ඇමරිකා එක්සත් ජනපදයේ ඔහයෝ කර්ට්ලන්ඩ් හි දේවමාළිගාවක් ඉදිකිරීමට කාලය පැමිණ ඇති බව ස්වාමීන්වහන්සේ ජෝසෆ් ස්මිත්ට පැවසුවා. එය ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ සෙනඟ බැලීමට සහ ඔවුන් සමඟ පොරොන්දු ඇතිකර ගන්නා විශේෂ ස්ථානයක්.
ශුද්ධවන්තයන් දේවමාළිගාව ඉදිකිරීමට පටන් ගත්තා. ඒ සඳහා විශාල මුදලක් වැය වූ අතර විශාල වැඩ කොටසක් ද සිදු වුණා. නමුත් ඔවුන් ස්වාමීන්වහන්සේගේ ආශිර්වාද ලබන්නට ආශාවෙන් සිටියා.
ශුද්ධවන්තයන් දේවමාළිගාවේ වැඩ කරමින් සිටින විට, ඔවුන්ට මුදල් හිඟ වීමට පටන් ගත්තා. ඔවුන් උපකාරය පතා දෙවියන්වහන්සේට යාච්ඤා කළා.
කැරොලයින් ටිපෙට්ස් නම් කාන්තාවක් සහ ඇගේ පවුලේ අය විශාල මුදලක් ඉතිරි කර ගෙන තිබුණා. ඔවුන් දේවමාළිගාව ඉදිකිරීමට උදව් කිරීම සඳහා සභාවට මුදල් ණයට ගැනීමට දුන්නා.
ශුද්ධවන්තයන් වෙහෙස මහන්සි වී වැඩ කළා. සමහරු ගල් පිරවූ කරත්ත පැදවූවා. තවත් සමහරු කම්කරුවන්ට ඇඳුම් පැළඳුම් සහ ආහාර සාදා දුන්නා.
ළමයින් කැඩුණු වීදුරු කැබලි එකතු කර කුඩු කර දේවමාළිගාවේ බිත්ති මත තැබූ අතර එමඟින් ඒවා හිරු එළියෙන් දිලිසුණා.
ඉක්මනින්ම දේවමාළිගාව හදලා ඉවර වුණා! ස්වාමීන්වහන්සේ පොරොන්දු වූ ආශිර්වාද ලබා ගැනීම සඳහා උන්වහන්සේගේ ගෘහයට යාමට ශුද්ධවන්තයන් උනන්දු වූණා.
පාට කරන පිටුව
ස්වාමීන්වහන්සේ මා කවුදැයි දන්නා අතර මට ආදරය කරනවා
කෝරි එග්බර්ට්ගේ නිදර්ශනයකි
ඔබේ මුහුණ ඕවලාකාර හැඩය තුළ අඳින්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නේ කොහොමද?
© 2025 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Friend Message, June 2025 හි පරිවර්තනයකි. Sinhala. 19643 408