2025
ලූසි සත්‍යය සොයා ගනී
2025 අප්‍රියෙල්


“ලූසි සත්‍යය සොයා ගනී,” මිතුරා, අප්‍රියෙල් 2025, 26–28.

මාසික මිතුරා පණිවිඩය, 2025 අප්‍රියෙල්

ලූසි සත්‍යය සොයා ගනී

කාන්තාවක් රෙදි වියන යන්ත්‍රයක වාඩි වී සිටියදී, පිරිමින් පිරිසකට ඇතුළු වීමට දොර විවෘත කරන තරුණ ගැහැණු ළමයෙක්

එක දවසක්, 15 හැවිරිදි ලූසි මෝර්ලි ඇගේ අසල්වැසියා වන අබිගේල් ඩැනියෙල්ස්ට රෙදි විවීමට උදව් කරමින් සිටියා. ඔවුන් වැඩ කරන අතරතුර, ධර්මදූතයින් තිදෙනෙක් දොරට තට්ටු කළා. පණිවිඩයක් බෙදා ගැනීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ව එවූ බව ඔවුන් පැවසුවා.

ඒ පිරිමින් කුඩා දැරිය සමඟ කතා කරන අතරතුර රෙදි වියන යන්ත්‍රයේ සිටින කාන්තාව මුහුණ රැලි ගන්වයි

යේසුස්වහන්සේ විසින් අනාගතවක්තෘවරයෙකු ලෙස ජෝසෆ් ස්මිත්ව කැඳවූ බව ඒ පිරිමින් අබිගේල් සහ ලූසිට කිව්වා. ඔවුන් මොර්මොන්ගේ පොත ගැනත් ඔවුන්ට කිව්වා.

කෝපයට පත් කාන්තාවක් ඇගේ නිවසින් පිරිමින් එළවා දමයි

ලූසිව පුදුමයට පත් කරමින්, ඇබිගේල් කෝපයට පත් වුණා. ඇය ධර්මදූතයින්ට පිටව යාමට සැලැස්සුවා.

ගැහැණු ළමයෙක් ඔවුන් පසුපස දුවන විට පිරිමින් ආපසු හැරී බලයි

ඒ ධර්මදූතයින් දෙවියන්වහන්සේගේ සේවකයන් බව ලූසි දැන සිටියා. පාර දිගේ යද්දි හමුවන ඇයගේ පවුලේ අයව බැහැදකින්නට කියා ඇය ඔවුන්ට කිව්වා.

ගැහැණු ළමයා සහ ඇගේ පවුලේ අය සමඟ රාත්‍රී ආහාර මේසයේ සිටින පිරිමින්

මේ ධර්මදූතයින් මෝර්ලි නිවසට ගියා. ඔවුන්ට සහ ඔවුන්ගේ මිතුරන්ට ඉගැන්වීමට, ලූසිගේ දෙමාපියන් මේ ධර්මදූතයින්ට ආරාධනා කළා.

පසුබිමේ තවත් කෙනෙකු ගඟක බව්තීස්ම වන අතරතුර ගැහැණු ළමයෙක් කාන්තාවකගේ උරහිස් වටා තුවායක් ඔතාගෙන සිටී

ඒ රාත්‍රියේ 17 දෙනෙක් බව්තීස්ම වුණා. ඊළඟ දින කිහිපය තුළ තවත් 50 දෙනෙකු ධර්මදූතයින්ට සවන් දී බව්තීස්ම වුණා. ලූසිගේ අසල්වැසියා වූ අබිගේල් පවා ඇගේ අදහස වෙනස් කරගත්තා. ඇය සහ ඇගේ සැමියා, ලූසි සහ ඇගේ පවුලේ සාමාජිකයන් සමඟ බව්තීස්ම වීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට තෝරා ගත්හ.

පාට කරන පිටුව

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා මම මරණයෙන් නැවත නැගිටිනවා

හිස් සොහොන් ගෙය පිළිබඳ රේඛීය චිත්‍රය

කෝරි එග්බර්ට්ගේ නිදර්ශනයකි

පාස්කු කාලයේදී ඔබ යේසුස්වහන්සේව මතක තබාගන්නේ කොහොමද?