2025
පූජකවරය නැවත පිහිටුවා ඇත
2025 මාර්තු


“පූජකවරය නැවත පිහිටුවා ඇත,” මිතුරා, මාර්තු 2025, 26–28.

මාසික මිතුරා පණිවිඩය, 2025 මාර්තු

පූජකවරය නැවත පිහිටුවා ඇත

ඔබට මෙම කථාව ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:66–73 සහ දහම සහ ගිවිසුම් 27:12 තුළ කියවන්න පුළුවන්.

ක්‍රිස්තුස්වහන්සේ නෙපීවරුන් වෙත පැමිණෙන බව පෙන්වන පරිකල්පන බුබුලක් සමඟ ජෝසෆ් ස්මිත් ඔලිවර් කවුඩ්රිට කතා කරමින්.

ජෝසෆ් ස්මිත්ට රන් තහඩු ලැබුණු පසු ඔහු ඒවා පරිවර්තනය කිරීමට පටන් ගත්තා. ඔහු පැවසූ දේවල් ඔලිවර් කවුඩ්රි විසින් ලිව්වා. ඔවුන් වැඩ කරමින් යන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අවශ්‍ය වන්නේ, සෑම කෙනෙකුම බව්තීස්ම වීම බව ඔවුන් දැනගත්තා.

ජෝසෆ් ස්මිත් සහ ඔලිවර් කවුඩ්රි වනාන්තරයේ යාච්ඤා කරමින්

මිනිසුන්ව බව්තීස්ම කිරීමට දෙවියන්වහන්සේගේ බලය තිබුණේ කාටදැයි ජෝසෆ් සහ ඔලිවර් කල්පනා කළා. ඔවුන් යාච්ඤා කිරීමට සහ දෙවියන්වහන්සේගෙන් අසන්නට වනාන්තරයට ගියා.

දේවදූතයෙක් ජෝසෆ් ස්මිත්ගේ හිස මත දෑත් තබාගෙන

ඔවුන් යාච්ඤා කරන විට, දේවදූතයෙක් පෙනී සිටියා. ඔහු බොහෝ කලකට පෙර යේසුස් ක්‍රිස්තුස්වහන්සේව බව්තීස්ම කළ යොහන් බව්තීස්ත බව ඔහු පැවසුවා. ඔවුන්ට අන් අයව බව්තීස්ම කිරීමට හැකිවන පිණිස ඔහු ජෝසෆ්ට සහ ඔලිවර්ට ආරෝනික පූජකවරය ලබා දුන්නා. පූජකවරය යනු දෙවියන්වහන්සේගේ බලයයි එය දෙවියන්වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කිරීමට භාවිතා කරනවා.

ජෝසෆ් ස්මිත් විසින් ඔලිවර් කවුඩ්රිව බව්තීස්ම කරමින්

යොහන් බව්තීස්ත විසින් ජෝසෆ්ට සහ ඔලිවර්ට බව්තීස්ම වෙන්න කියා කිව්වා. ඔවුන් ගඟකට ගොස් එකිනෙකාව බව්තීස්ම කරගත්තා. ඔවුන් වතුරෙන් පිටතට පැමිණි විට, ඔවුන් ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් පිරී ගියා. ඔවුන් ගොඩක් සතුටු වුණා!

දේවදූතයන් තිදෙනෙක් ජෝසෆ් ස්මිත්ගේ හිස මත අත් තබාගෙන

පස්සේ වෙනත් දේවදූතයන් ආවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරුන් තිදෙනෙකු වන—පේත්‍රැස්, යාකොබ් සහ යොහන්—ජෝසෆ් සහ ඔලිවර්ට මෙල්කිසදෙක් පූජකවරය ලබා දුන්නා. දැන් ජෝසෆ්ට සහ ඔලිවර්ට ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව අනිත් අයට ලබාදෙන්න පුළුවන්.

පාට කරන පිටුව

යේසුස්වහන්සේ හදවතේ ගීතයට ප්‍රේම කරනවා.

සංගීත ස්වර සටහන් සහිත හදවතක්

කෝරි එග්බර්ට්ගේ නිදර්ශනයකි

ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ගායනා කරන විට ඔබට හැඟෙන්නේ කොහොමද?