‘’ජෝසෆ් ස්මිත් රන් තහඩු ලබා ගනී’’ මිතුරා, පෙබරවාරි 2025, 26-28.
“මොර්මොන්ගේ පොත සත්‍ය බවට මට සාක්ෂිකරුවෙකු වෙන්න පුළුවන්,” මිතුරා, පෙබරවාරි 2025, 48.
මාසික මිතුරා පණිවිඩය, 2025 පෙබරවාරි
ජෝසෆ් ස්මිත් රන් තහඩු ලබා ගනී
ඔබට මෙම කථාව ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:28–60 තුළ කියවන්න පුළුවන්.
පළමු දර්ශනයෙන් වසර තුනකට පසු, ජෝසෆ් ස්මිත් තමා කළ සමහර වැරදි ගැන කණගාටු වුණාවුණා. ඔහු ඒ ගැන ස්වර්ගීය පියාණන්වහන්සේට යාච්ඤා කළා.
ජෝසෆ් යාච්ඤා කරමින් සිටියදී, කාමරය පුරා ආලෝකයෙන් පිරී ගියා. දේවදූතයෙක් පොළොවට ඉහළින් සිටගෙන සිටිනු ඔහු දැක්කා. ඒ දේවදූතයාගේ නම මොරෝනි.
රන් පිටු හෝ තහඩු වලින් සාදන ලද පොතක් ඇති බව මොරෝනි කිව්වා. එය ජෝසෆ්ගේ නිවස අසල කන්දක තැන්පත් කර තිබුණා. මෙම පොත බොහෝ කලකට පෙර ඇමරිකාවේ ජීවත් වූ මිනිසුන් ගැන කියවෙන පොතක්. ජෝසෆ්ට මේ පොත පරිවර්තනය කිරීමට දෙවියන්වහන්සේ උදව් කරන්නට යන බව මොරෝනි පැවසුවා.
ජෝසෆ් ඒ කන්දට ගොස් බර ගලක් යට තිබූ තහඩු සොයාගත්තා. ඒවා රැගෙන යාමට ජෝසෆ් තවමත් සූදානම් නැති බව මොරෝනි ඇවිත් කිව්වා.
ජෝසෆ් වයසින් මුහුකුරා ගිය විට, මොරෝනි ඒ කන්දේදී ඔහුව හමු වී ඔහුට රන් තහඩු ලබා දුන්නා. ඒවා ආරක්ෂා කරන්න කියලා මොරෝනි ජෝසෆ්ට කිව්වා.
ජෝසෆ් එම තහඩු ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට පටන් ගත්තා. ඔහුගේ උපකාරය සඳහා ඔහු දෙවියන්වහන්සේගෙන් ලැබුණු විශේෂ මෙවලම් භාවිතා කළා. මෙම පොත 1830 දී මොර්මොන්ගේ පොත ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ ශුභාරංචිය ගැන උගන්වනවා.
පාට කරන පිටුව
මොර්මොන්ගේ පොත සත්‍ය බවට මට සාක්ෂිකරුවෙකු වෙන්න පුළුවන්
කෝරි එග්බර්ට්ගේ නිදර්ශනයකි
මොර්මොන්ගේ පොත තුළින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගැනීමට ඔබට අනෙක් අයට උදව් කරන්නට පුළුවන් කොහොමද?
© 2025 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Friend Message, February 2025 හි පරිවර්තනයකි. Sinhala. 19641 408