2024
නෙපී යේසු බිලිඳාව දුටුවා
2024 දෙසැම්බර්


“නෙපී යේසු බිලිඳාව දුටුවා” මිතුරා, 2024 දෙසැ. 26-27.

මාසික මිතුරා පණිවිඩය, 2024 දෙසැම්බර්

නෙපී යේසු බිලිඳාව දුටුවා

ලෙහි නෙපීට උගන්වමින්, සහ නෙපී යාච්ඤා කරමින්

ඇන්ඩෘ බොස්ලි විසින් නිදර්ශනයකි

නෙපීගේ පියා ලෙහි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ දර්ශනයක් දැක්කා. නෙපීටත් එම දර්ශනයම දැකීමට අවශ්‍ය වුණා. ඔහු යාච්ඤා කර තම පියා දුටු දර්ශනය තමාටත් පෙන්වන ලෙස ඉල්ලා සිටියා.

නෙපී දර්ශනයකින් මරියතුමියව දකිමින්

ශුද්ධාත්මයාණන්වහන්සේ නෙපී හට එම දර්ශනයම පෙන්නුවා. නෙපී මරියා නම් වූ තරුණ කාන්තාවව දැක්කා. ඇය දෙවියන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මව වනු ඇති බව ශුද්ධාත්මයාණන් පැවසුවා.

නෙපී මරියතුමිය සහ යේසු බිලිඳාව දර්ශනයකින් දකිමින්

මරියතුමිය සමඟ සිටින යේසු බිලිඳාවනෙපී දැක්කා. ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන්ට උපකාර කිරීමට යේසුස්වහන්සේ පොළොවට පැමිණෙන බව ශුද්ධාත්මයාණන්වහන්සේ පැවසුවා.

නෙපී ඔහුගේ දර්ශනය ලියාමින්; ගැහැණු ළමයෙක් ශුද්ධලියවිලි කියවමින්

නෙපී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය දුටුවා. උන්වහන්සේ මිනිසුන්ට සේවය කරමින් උගන්වමින් සිටින අයුරු ඔහු දැක්කා. නෙපී ගැලවුම්කරුවාණන් ගැන බොහෝ දේවල් ඉගෙනගත්තා. ශුද්ධලියවිලි කියවීමෙන් ඔබට උන්වහන්සේ ගැනද ඉගෙනගන්න පුළුවන්.

පාට කරන පිටුව

නත්තල යේසුස්වහන්සේ පිළිබඳවයි

පාට කරන පිටුව

නිදර්ශනය ඇඩම් කොෆොර්ඩ් විසිනි

“මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙන ලද්දේය” (යෙසායා 9:6).