2024
යේසුස්වහන්සේ එක් එක්කෙනාට ආශිර්වාද කළා
2024 ඔක්තෝම්බර්


“යේසුස්වහන්සේ එක් එක්කෙනාට ආශිර්වාද කළා,”මිතුරා2024 ඔක්තෝම්බර්, 26-27.

මාසික මිතුරා පණිවිඩය, 2024 ඔක්තෝම්බර්

යේසුස්වහන්සේ එක් එක්කෙනාට ආශිර්වාද කළා

අනාගතවක්තෘවරුන් නෙපීවරුන්ට උගන්වමින්

ඇන්ඩෘ බොස්ලි විසින් නිදර්ශනයකි

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයේ සලකුණු ගැන අනාගතවක්තෘවරු නෙපීවරුන්ට ඉගැන්වුවා. උන්වහන්සේ මිය ගිය විට, තුන් දිනක් දේශයේ අන්ධකාරයක් ඇති වුණා. පසුව, ස්වර්ගයේ සිට කතා කරන ස්වර්ගික පියාණන්ගේ හඬ මිනිසුන්ට ඇසුණා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නෙපීවරුන්ව බැහැදකිමින්

ස්වර්ගික පියාණන් මෙසේ පැවසුවා,,“මෙන්න මගේ ආදරණීය පුත්‍රයා3 නෙපී11:7. යේසුස්වහන්සේ නෙපීවරුන්ට පෙනී සිටියා. උන්වහන්සේ මරණයෙන් නැවත නැගිට්ටා! උන්වහන්සේ නෙපීවරුන්ට බොහෝ දේ ඉගැන්නුවා. පසුතැවිලි වී තමන්ව අනුගමනය කරන ලෙස උන්වහන්සේ ඔවුන්ට පැවසුවා.

යේසුස්වහන්සේ රෝගීන් සුවකරමින්

උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ රෝගාතුරව සිටින අය සුවපත් කිරීම සඳහා උන්වහන්සේ වෙත ගෙන එන ලෙසයි. උන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළා.

යේසුස්වහන්සේ දරුවන්ට ආශිර්වාද කරමින්

ඒ වගේම උන්වහන්සේගේ සෑම දරුවෙකුටම ආශිර්වාද කළා. දේවදූතයන් දරුවන් වට කර ගත්තා.

පාට කරන පිටුව

ගැලවුම්කරුවාණන් ස්වර්ගික පියාණන්ගේ සෑම දරුවෙකුටම ආදරය කරනවා.

පාට කරන පිටුව

නිදර්ශනය ඇඩම් කොෆොර්ඩ් විසිනි

ගැලවුම්කරුවාණන්ගේ ආදරය ඔබට දැනෙන්නේ කෙසේද?