“පාවුල්ගේ ධර්මදූත චාරිකා,” මිතුරා, 2021 ඔක්.
“පාවුල්ගේ ධර්මදූත චාරිකා”
මාසික මිතුරා පණිවිඩය, 2021 සැප්තැම්බර්
පාවුල්ගේ ධර්මදූත චාරිකා
පිලිප්පි 4
ජේසුස් වහන්සේ ගැන මිනිසුන්ට ඉගැන්වීමට ප්‍රේරිත පාවුල් විවිධ රටවල ගමන් කලා. ඒ කාලයේ කාර් හෝ ගුවන් යානා තිබුනේ නැති නිසා ඔහු බොහෝ දුර ඇවිදගෙන ගියා! සමහර වෙලාවට ඔහු නැවේ ගමන් කළා
පාවුල් මිනිසුන්ට සභාවල සහ ගෙවල් වල ඉගැන්නුවා. ඔහු පර්වත සහිත කඳු මුදුන්වල සහ නගර වීදිවල මිනිසුන්ට ඉගැන්නුවා.
පාවුල් ඉගැන්වූ දේට බොහෝ අය කැමතිවුනේ නැහැ සමහර වෙලාවට පාවුල්ට සිරගෙට යන්න සිදුවුනා. සමහර වෙලාවට පාවුල්ට අසනීප වුනා.
ඒත් මේ සියලු කරදර තුළදී පාවුල්ට විශ්වාසයක් තිබුණා. “ක්‍රිස්තුස්වහන්සේ තුළින් මට සෑම දෙයක්ම කළ හැකිය.” කියා ඔහු කිව්වා. ජේසුස්වහන්සේ තමන්ට ශක්තිමත්ව ඉන්න උපකාර කරන බව ඔහු දැනගෙන හිටියා.
ජේසුස් ක්‍රිස්තුස්වහන්සේට මට ශක්තිමත්ව සිටින්න උදව් කළ හැකියි. උන්වහන්සේ මට ආදරෙයි, මමත් උන්වහන්සේට ආදරෙයි!
පාට කරන පිටුව
අමාරු දේවල් කරන්න ජේසුට මට උදව් කරන්න පුළුවන්
© 2021 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Friend Message, October 2021 හි පරිවර්තනයකි. Sinhala. 17474 408